ගෙවුණු දවස අප්‍රේල් 01 – වැඩබලන නායක දික්වැල්ලගෙන් ශතකයක්

316

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

විද්‍යාර්ථ ක්‍රීඩකයින් සිල්වෙස්තරයින් පරාජය කරයි

අටවැනි වරටත් පැවති බර්ටි නිල්ලේගොඩ සහ පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික රග්බි තරගය ලකුණු 60-15ක් ලෙස මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පහසුවෙන් පරාජය කරමින් කුසලානය විද්‍යාර්ථ විදුහල් සෙවනට රැගෙන යාමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමත් විය. තරගය ඊයේ (1) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්විය.

 

සම්පූර්ණ වාර්තාව: විද්‍යාර්ථයේ උත්සාහක දිනුම් 9න් සිල්වෙස්තරයින් පරාජය වේ


    ක්‍රිකට්    

නිමේෂ් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරයි

අම්බලන්ගොඩ පුරවරයේ  සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය හා ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර 51 වැනි වරටත් පැවැත්වෙන සුනිල සංග්‍රාම මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (01) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක විය. ඊයේ දිනය පුරාවටම අර්ධ ශතක තුනක් වාර්තා වීම කැපීපෙණුනි.

ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම – 167 (44.2) : සොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, සසිඳු ද සිල්වා 19, අකිල මෙන්ඩිස් 3/23, ලොහාන් ද සිල්වා 2/00, නවීන් රසාංග 2/26, දිනුක ඩිල්ශාන් 2/41.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  182/4 (42) : කවිඳු නදීශාන් 57, නිමේෂ් මෙන්ඩිස් 50*, උශාන් ඉමන්ත 41, දසුන් ද සිල්වා 3/39.

සම්පූර්ණ වාර්තාව: කවිඳු, නිමේෂ් ධර්මාශෝකයට ප්‍රථම දිනයේ වැඩි ගෞරවය දිනා දෙයි


තිරිමාන්නගෙනුත් ශතකයක්

අනාගතයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සවිමත් කරන දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග ද්විත්වය ඊයේ (1) තෙවැනි දිනයටත් කටුනායක දී හා හම්බන්තොට දී ක්‍රියාත්මක විය.

අයහපත් ආලෝක තත්වය මත ගාල්ල – කොළඹ තරගයේ තෙවන දිනය අවසන් වන විට ගාලු කණ්ඩායම කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් පසුවෙයි.

මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ක්‍රීඩා කළ නිරෝශන් දික්වැල්ල 4 පහර 10ක් සමඟ ලකුණු 112ක් ලබා ගන්නා ලදි. අවසානයේ ගමගේ එවූ පන්දුවකට මනෝජ් සරත්චන්ද්‍ර හට උඩ පන්දුවක් ලබා දෙමින් දික්වැල්ල දැවී ගියේය.

සම්පූර්ණ වාර්තාව: තිරිමාන්න, දික්වැල්ල ශතක වාර්තා කරද්දී ගමගේ දක්ෂ පන්දු යැවීමක