ලංකාව සිවුවැනි පරාජයත් වැලඳගනී

129

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන 14 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ 5 වැනි දිනය වූ ඊයේ (11දා) ශේ්‍රණිගත කිරීම් සඳහා වන සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයට ෆීජි කණ්ඩායම සමඟ සහභාගි වූ අතර, එහිදී ශ්‍රී ලංකා පිල ලකුණු 77-31ක් ලෙස පරාජයට පත්විය.

එහිදී ෆීජි පිල වට හතරේදීම ජයගෙන තිබුණේ පිළිවෙළින් 19-7, 16-8, 19-8 ක් හා 23-8ක් ලෙස ලකුණු රැස්කරමිනි.

එසේ වුවත් ශ්‍රී ලංකා පිලේ දස්කම් මතු වූ තරගය මෙය බව තරගය නැරඹූ ශ්‍රී ලාංකිකයන්ගේ මතය විය.ලෝක ශේ්‍රණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන ෆීජි කණ්ඩායමේ තරගයට පිවිසි ක්‍රීඩිකාවන් 7 දෙනාම අඩි 5 අඟල් 8 ඉක්ම වූ උසකින් යුක්ත වූ අතර, ඔවුන්ගේ වේගවත් බවේද අඩුවක් නොවීය.

තරගයේ පළමු වටයේදීම ශ්‍රී ලංකා පිල වෙතින් ලකුණු රැස්කිරීමේ පහසු අවස්ථා කිහිපයක් මඟහැරී යෑම නිසා දිගින් දිගටම අසාර්ථක බවක් ප්‍රදර්ශනය කළ අඩි 6 අඟල් 3ක් උසැති ශ්‍රී ලංකා පිලේ විදින්නිය වූ තිසලා අල්ගම වෙනුවට දෙවැනි වටයේ සිට හසිතා මෙන්ඩිස් යොදාගැනීම සාර්ථක ආදේශයක් ලෙස දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා පිලට ඉහළ ප්‍රතිචාර හිමිවිය.මෙම තරගයේදී තිළිණි වත්තෙගෙදර, ගයංජලී අමරවංශ, සේමිණී අල්විස්, සුරේඛා කුමාරි හා හසිතා මෙන්ඩිස් මනා අවබෝධයකින් යුතුව පන්දුව හුවමාරු කරගැනීමේ නියැළෙන අයුරු දක්නට ලැබිණි. එවන් දස්කම් දැක්වූ අවස්ථා කිහිපයකදීම ප්‍රේක්‍ෂකාගාරයෙන්

මීළඟට ශ්‍රී ලංකා පිල ලෝක ශේ්‍රණිගත කිරීම්හි 11 වැනි ස්ථානයේ පසුවන ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7.30ට ඇල්පොන්ස් එරීනා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.