මාලිංගගේ ප්‍රහාරය සාධාරණද? අසාධාරණද?

114

මෑත කාලයේදී ලසිත් මාලිංග දැක්වූ ක්‍රීඩා කෞශල්‍යයන් කිසි සේත් හොඳ මට්ටමක නොතිවූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වද ගිලිහී ගොසින් ය. මෙයට හේතුව වශයෙන් ආබාධ සහිත පාදය, ශාරීරික අයෝග්‍යතාව, පිත්තට කෙලින්ම පන්දුව යොමුකිරීම සදහන් කල හැකිය. තවද ඔහුගෙන් තර්ජනාත්මක පන්දු යැවීමක්ද දක්නට නොලැබුනි.

තරඟ මෙහෙයවීමට ඔහු තුල තිබූ ශ්‍රී ලාංකික ප්‍රහාරාත්මක පන්දු යැවීමේ ක්‍රම වේදය තවදුරටත් වයස සහ කාලයා විසින් මොට කර ඇත.

මාලිංගගේ ශාරීරික සුවතාව අඩුවී යාමද ඔහුගේ කීර්තිය පසු බෑමට ලක් කර ඇත. කුමාර සංගක්කාර හා මහේල වැන්නවුන්ගේ සමබර සම්බන්ධතාවක් පවත්වාගෙන් යෑම, කතාවේ ව්‍යක්ත බව සහ සුහද බවක් නොපෙන්වීම නිසාවෙන් ඔහු පිලිබදව කිසිදු සහතිකයක් දීමට නොහැකිය. ශ්‍රී ලාංකීය මාධ්‍ය මගින් අප දැක ඇති ආකාරයට ඔහු තමා පිලිබදව ඇති ජනතාවගේ ආකල්ප නොසලකන්නෙකි, සමහර විටෙක හැගෙනුයේ ඔහු මුදල් තකාම ක්‍රීඩා කරන්නෙකු යන්නයි. අවිනීත බව කිසිවිටෙක යෝග්‍යතාවක්ද නොවේ. එම නිසා ඔහුගේ වදන් ජනයාගේ හදවත් දිනා ගැනීමට අසමත් ය.

මේ සියල්ලටම පසුගිය වසරේ 20/20 කුසලානයේ නායකත්වය ලැබෙන තුරුම කිසිම අදාලත්වයක් නොතිබුණි. ඔහුට නායකත්වය ලැබීමට හේතු වූයේ දිනේශ් චන්දිමාල්ගේ ක්‍රීඩා කෞශල්‍යය පහත වැටීමය. කොහොම නමුත් පිටියේදී තීරණ ගැනීමේ අතින් මාලිංගගෙන් කිසි විශේෂයක් දක්නට නොතිබූ අතර මහේලගේ විශිෂ්ඨ පිති හරඹ සහ ප්‍රතිභාව නිසා ශ්‍රී ලංකාවට ප්‍රශංසාව හිමිවිය. මාලිංගද තමා නාමිකව පමනක් නායකයා පමනක් බව අවිවාදයෙන් එකඟ විය. අවසාන මහා තරඟයේදී ඔහුගේ අක්‍රමවත් නායකත්වය හේතුවෙන් මහේලට සහ සංගක්කාරට පිටියේ පාලනය සියතට ගැනිමට ඉඩ ලැබුණි.

අවාසනාවන්ත ලෙස එතැන්පටන් ඔහුගේ පංදු යැවිමේ ක්‍රමවේදය පහත් තත්වයට වැටුනි. ලඟදි අවසන් වූ එක්දින සහ 20/20 තරඟ මාලාව ප්‍රේක්ෂකයින්ගේ සහ පැරණි ක්‍රීඩකයනිගේ දෝශ දර්ශණයට ලක්වීමට මාලිංගට සිදු විය. මාලිංගගේ ක්‍රීඩා කෞශල්‍යය පිලිබදව ඔහුට තක්සේරු කර ගැනීමපසු ගිය තරඟ දෙකේදී ඔහුගේ අදක්ශතාව පෙන්නුම් කිරීම සැලකිල්ලට් ගෙන් ඔහුට ඔහුගේ හුරු දක්ශතාවන් පෙන්වීමට බොහෝ මහන්සියෙන් වැඩ කළ යුතුය.

මාලිංග පිළිබද විවේචනය වඩාත් ශක්තිමත් වූයේ, පැරණි තේරීම් කමිටු සභාපති හා එකල් කණ්ඩායම් නායක වූ සනත් ජයසූරිය පකිස්තානු ක්‍රිකට් දර්ශනයකට පෙනී සිටීමෙන් කියා සිටියේ මාලිංග දිනේශ් චන්දිමාල් සමග පෞද්ගලික තරහක් තිබූ බවය. තවද චන්දිමල් සහ ලහිරු තිරිමාන්න 20/20 තරඟාවලියෙන් ඉවත් කොට තවත් 5 දෙනෙකු ජාතික කණ්ඩායමට ඇතුලත් කර ගැනීම පුදුම සහ ගත බවය.

චන්දිමාල් සහ තිරිමාන්න ගැන බොහෝ දෙනා සිතන්නේ පිතිකරු ලයිස්තුවේ අනාගතය ඔවුන් බවය. තවදුරටත් ජයසූරිය කියා සිටියේ චන්දිමාල් හා තිරිමාන්න කණ්ඩායමේ නොමැත්තේ ඇයි කියාය. “මම දන්නවා ලසිත්ට ඕනෑ වුනේ චන්දිමාල්ව අස් කොට කුසල්ව කුසල්ව කණ්ඩායමේ තියා ගන්න.”

ජයසූරිය මතුකළ අදහස් සහ සිතුවිලි පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මතකය චන්දිමාල් සහ තිරිමාන්න සම්බන්ධයෙන් දෝංකාර දෙන්නට වූයේ ඔවුන් ලඟදී අවසන් කල 20/20 තරඟවල ක්‍රීඩා කල විලාශය හා දැක්වූ දක්ශතාවන්ය. මුලසිටම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙනුවට නවක ක්‍රීකයින් යොදා ගැනීම පිළිබඳව කණ්ඩායම් කළමණාකරන්යේ පෙළඹවීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සාධාරණය.

ජයසූරියගේ මේ අවධානය යොමු කිරීමට වඩාත් ත්‍රීවර වන්නේ, වික්‍රමසිංහ විසින් මතුකර දැක්වූ, මාලිංග තුල චන්දිමාල් පිළිබදව තිබූ ආකල්පයි.

තවද සනත් කිය සිටියේ චනිදිමාල්ව කපා හැරීමට මාලිංග දිවුරා සිටි බවය. හැමෝම දැන සිටි බවය අවසන් 20/20 ලෝක කුසලාන තරඟයට ඒ අවස්ථාව වනවිටත් චන්දිමාල් කපා හැරීමට මාලිංගට උවමනාව තිබූ බව ඔහුව තේරුම් කමිටු සාමාජික යුතුව සිටි අවධියේදි පෙනී ගිය බවය. ඔහු සනත් ජයසූරියට මේ තත්වය දැන්වූ බව පැවසීය.

මාලිංගගේ ලඟදී පංදුවෙන් දැක්වූ දුර්වල ක්‍රියාකාරකම් පිළිබදව සාධාරණීකරනය කළ ක්‍රිකට් ලෝලීන්ගේ ක්ෂණික ප්‍රථිචාරවලට වඩා වේගයෙන් ජයසූරියගේ සහ වික්‍රමසිංහගේ විවේචනයන් තරඟයක් ලෙසින් නිර්මාණය වී සමහර විට නව අදහස් ඇතිකිරීමට පෙළඹවීමක් ව්ය හැක. මාලිංගගේ පුද්ගලිම කාලසටහනට අනුව ඔහුගේ ක්‍රියාදාමයන් කර ගෙන යාමට චන්දිමාල්ට ගොදුරක් විය නොහැක. ආත්මාර්ථකාමී වීරයෙක් වශයෙන් ඔහුගේ තේරීමට ප්‍රථිඵලයක් ලෙස චන්දිමාල්ව 20/20 ලෝක කුසලානයෙන් ඇද දැමීම නිසා, කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීම කුසලතා මත සිදුවන්නක් නොව එක් එක් අයගේ පුද්ගල මනාපයන් මත පමණක් සිදුවන්නක් බව ක්‍රිකට් ලෝලීන්ගේ මතය විය හැක. කණ්ඩායම් නායකයාගේ පුද්ගලික කැමැත්ත මත මෙය සිදුවන බව හොදින් ඒත්තු යයි.

මාලිංග මේ අදහස් පළ කළේ  ජයසූරියගේ සහ වික්‍රමහසිංහගේ  මත ප්‍රකාශයන්ට කිසිදු ඉඟියක් හෝ පළ නොකරමිනි. පකිස්ථානය සමග පැවති 20/20 තරගය පිලිබදව තිබූ පුවත්පත් සාකච්චාවේදී ඔහු කියා සිටියේ 2016 20/20 ලෝක කුසලානය වන තුරු වෙනත් තරග කාල සටහන් ලේඛන ගත කර නොමැති බවයි. ඔහු තව දුරටත් “දැන් තමයි හොදම වෙලාව, ක්‍රීඩකයන්ගේ කුසලතාවන් බැලීමට, නායකයා හැටියට මට අවස්ථාවක් තියෙනවා තේරුම් කමිටු රැස් වීම් වලට සහභාගී වෙන්න. ජනතාවට නිදහස තිබෙනවා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට මේ සාමච්චා පිළිබදව. අපි දන්නවා 2010 20/20 තරඟයේදී ක්‍රීඩා කර්පු ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉන්නවා කියලා, අපි දන්නවා ඔවුන්ගේ දක්ශතාවන් මොනවද කියලා,  ඉතින් ඔවුන් ගැන වැඩියෙන් ඇගයීම් කල යුතු වන්නේ නැහැ. අප කල යුත්තේ ගෘහස්ත ක්‍රීඩකයන්ගේ දක්ශතාවන් බලා ඔවුන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමයි”.   

ශ්‍රී ලාංකික ලෝලීන් මාත් සමග එකඟ වේවි, මම කිවිවොත් කණ්ඩායමට හොඳ ශක්තියක් නැතැයි කියලා. හැම විටම එකම කණ්ඩායම තමයි ලකුණු අතර ඉන්නේ” දේශීය තරඟ බිමේදී සහ ජත්‍යන්තර තරඟ බිමේදි පවා මාලිංගගේ මේ තීරණයට තේරීම් කමිටුව සහයෝගය දීම වැරදිදෙයක්ද? ජාතික මට්ටමේ නැති ක්‍රීඩකයින් පස් දෙනෙකු ඇතුලත් කර ඔවුන්ගේ කුසලතා මට්ටම මැන බැලීම හොඳ නැද්ද? ඇත්ත වශයෙන්ම පසු දැක්මක් හැටියට මෙය ඉතා හොද තීරණයක්. මේ අළුත් 5 දෙනා සමඟ නැවත කැදවූ චාමර කපුගෙදර ඉතා හොදින් ක්‍රීඩාවට අවතීර්ණ වූවා පමණක් නොව හොද අනාගත ප්‍රවනතවක්ද පෙන්නුම් කිරීමට සමත් විය.

සමහර විට මෙහිදී ප්‍රශ්නාත්මක සිතිවිල්ලක් තිරිමාන්න හා චන්දිමාල් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවෙයි. ඔවුන් ඉදිරියේදී හොදින් ක්‍රීඩා කොට කණ්ඩායමට ඇතුලත් විය යුතුය. තේරුම් කමිටු ප්‍රධානී කපිල විජේගුණවර්ධන පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නේ චන්දිමාල් හා තිරිමන්න කණ්ඩායමේ කොටස් කරුවන් බවත් ලබන් ජූලි මාසය දක්වා ඇති ක්‍රීඩා කාළසටහන ඉතා කාර්යය බහුල බවත් කෙසේ හෝ එය කළමණාකරණය කරගන්නා බවත්ය.

පසුගිය අවුරුද්දේ චන්දිමාල්ව කණ්ඩායමෙන් නිකම්ම ඉවත් කිරීම අප අමතක කල යුතු නැත. මේ අතර ඔහුව නායකයා කිරීමට ලෝක කුසලාන 20/20 වෙනුවෙන් මාල්ංගට වුවමනා වූයේ මෙහිදී ඇත්ත වශයෙන්ම ඔහුව ඉවත් කිරීමටද? ජයසූරියට හා වික්‍රමසිංහට අනුව මෙය සාධාරණීකරණය කල හැකිද? චන්දිමාල් හා තිරිමන්න විවේක ගැන්වීමට තේරීම් කමිටුව ගත් තීරණය හරි තීරණයක්ද? එසෙත් නැත්නම් එය පුදිගලික ආරවුලක් පිරිමසා ගැනීමක්ද? තවත් බොහෝ ප්‍රශ්ණ වලට පිළිතිරු සෙවිය යුතුය. කෙසි නමුත් කාලයා ඒ සියල්ල විසදනු ඇත.