කුමාර් ධර්මසේන යළිත් අධිශේ‍ර්ණි විනිසුරු මඬුල්ලට

108

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් 2015/16 වසරට අදාළව තෝරාගන්නා ලද අධි ශේ්‍රණිගත විනිසුරු මඬුල්ලට කුමාර් ධර්මසේන යළිත් වරක් ඇතුළත් කර ඇති අතර එම අධි ශේ‍ර්ණිගත විනිසුරු මඬුල්ලට නව සාමාජිකයන් ලෙස නවසීලන්තයේ ක්‍රිස් ගැෆනි සහ ඉන්දියාවේ සුන්දරරාම් රවි යන දෙදෙනා තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

එම නව විනිසුරු මඬුල්ලට ක්‍රිස් සහ සුන්දරරාම් ඇතුළත් කරගෙන ඇත්තේ විනිසුරු ධුරයෙන් විශ්‍රාම ලත් ස්ටීව් ඩේව්ස් සහ බිලී බවුඩන් යන දෙදෙනා වෙනුවටය. ඒ අනුව 12 දෙනෙකුගෙන් යුත් මෙම නව ජාත්‍යන්තර අධි ශේ‍ර්ණිගත විනිසුරු මඬුල්ලට අලීම් ඩාර්, කුමාර් ධර්මසේන, මරායිස් එරස්මස්, ක්‍රිස් ගැෆනි, ඉයන් ගුල්, රිචඩ් ඉලිංවෝර්ත්, රිචඩ් කැටල්බරෝ, නයිජල් ලෝන්, සුන්දරරාම් රවි, පෝල් රයිෆල්, රොඩ් ටකර් සහ බෘස් ඔක්සන්ෆර්ඩ් යන විනිසුරුවරුන් ඇතුළත් වේ. එම තෝරාගත් නව විනිසුරු මඬුල්ලට අනුව ටෙස්ට් තරග 95ක් හා එක්දින තරග 172කදී විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ පකිස්තානයේ අලීම් ඩාර් වැඩිම තරග සංඛ්‍යාවක් විනිශ්චය කළ විනිසුරුවරයා ලෙසද, ටෙස්ට් තරග 29ක් හා එක්දින තරග 65 කදී විනිසුරුවරයකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන විනිසුරු මඬුල්ලේ තරග විනිශ්චය කිරීම අතින් 5 වැනි ස්ථානයේ රැඳී සිටීමටද සමත්ව සිටී.

තවද මෙම විනිසුරු මඬුල්ල තෝරා ගැනීම ස¼දහා අයි.සී.සී. ය විසින් පත්කරන ලද සිව්දෙනෙකුගෙන් යුතු තේරීම් කමිටුවේ එක් සාමාජිකයකු ලෙස ජාත්‍යන්තර තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ලේ මහාතාද කටයුතු කළේය.