21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල අවසන් මොහොතේ කණ්ඩායමට එක්කළ රුමේෂිකා අවසන් තරගයට

112

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ එක්කළ පාසල් ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක ඊයේ චීනයේ පැවැත්වෙන 21 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගා වලින් මීටර් 100 අවසන් පූර්ව තරගයකදී ඇයගේ උපරිම දක්‍ෂතාව පෙන්වමින් තත්පර 11.72කදී තරගය නිමකොට එම ඉසව්වේ අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ලබාගත්තාය.

රුමේෂිකාගේ මෙම තරග නිමි කාලය සුපිරි ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ක්‍රිඩාවෙන් විශ්‍රාම ගිය පසු සටහන් වූ හොඳම කාලයද වෙයි.

“මෙම බලාපොරොත්තු වුණේ මේ තරගය තත්පර 11.6කින් අවසන් කරන්නයි. කොහොම වුණත් මම ඒක අවසන් තරගයේදී සටහන් කරන්න උත්සාහ කරනවා.” තරගයෙන් පසු ඇය එසේ පැවසුවාය.

එසේ වුවත් ඊයේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව තරගයට සහභාගි වූ හිමාෂ ඒෂාන් එම තරගය තත්පර 10.52කදී අවසන් කර තිබුණද එහි අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි වී ඇත.

තවද කාන්තා මීටර් 400 මූලික වටයේ තරගයකට සහභාගි වූ චÂද්‍රිකා සුභාෂිණි රත්නායක එම ඉසව්ව තත්පර 54.18කදී අවසන් කොට අවසන් තරගයට සුදුකම් ලබා සිටින්නීය. එහෙත් ඊයේ පිරිමි මීටර් 1,500 තරගයට සහභාගි වූ කේ.සී.එස්. සෝමවර්ධන 10 වැනි ස්ථානයට පත්ව සිටියේය.

අද දිනයේදී ශ්‍රී ලංකාවේ චමින්ද විජේකෝන් පිරිමි මීටර් 5,000 තරගයට සහභාගි වීමට නියමිතය.

මේ අතර නයිජීරියානු සම්භවයක් ඇති කටාර් ක්‍රීඩක ෆෙමී ඔගුනෝඩේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව තරගය තත්පර 9.97කදී අවසන් කොට ඊයේ පළමුවැනි නව තරගය වාර්තාව බිහි කිරීමද විශේෂත්වයක් විය.