පිලිප් හියුස්‌ බවුනසර් පන්දුවකට ගොදුරුවී බරපතල තත්ත්වයේ

183

පන්දුවට පහරදෙමින් සිටින අතරතුර පන්දුවක්‌ හිසේ වැදීම හේතුවෙන් ඔස්‌ටේ්‍රලියානු ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරනු ලබන පිලිප් හියුස්‌ බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ශෙµSල්ඩ් ශීල්ඩ් තරගාවලිය යටතේ දකුණු ඔස්‌ටේ්‍රලියානු පිල වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී ප්‍රතිවාදී කණ්‌ඩායම වූ නිව් සවුත්වේල්ස්‌ කණ්‌ඩායමේ සීන් අබෝර්ට්‌ විසින් එවන ලද බවුන්සර් පන්දුවක්‌ ඔහුගේ හිසේ වැදීම මත අදාළ අනතුර සිදුව තිබේ.

පන්දුව වැදුණු සැණින් හියුස්‌ සිහිසුන්ව බිම ඇද වැටී තිබෙන බව සඳහන් කරන සිටින විදෙස්‌ මාධ්‍ය එහිදී ඔහුව රෝහලට රැගෙන යැම සඳහා හෙළිකොප්ටරයක්‌ කැඳවීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් හෙලිකොප්ටරය පැමිණීමට ප්‍රථම ගිලන් රථයකින් ඔහුව රෝහල වෙත රැගෙන ගොස්‌ තිබෙන බව එම මාධ්‍ය වාර්තාවන වැඩිදුරටත් සඳහන් වේ.

රෝහල් ගත කිරීමත් සමග හියුස්‌ව සැත්කමක්‌ භාජනය කර තිබෙන අතර එහිදී පැය 24 ත් 48 කාලයක්‌ යනතුරු ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත. කෙසේ වෙතත් හියුස්‌ ඉතා අවදානම් තත්ත්වයක සිටින බව ඔවුහු සඳහන් කර තිබේ.

පන්දුව වැදී තුවාල ලබන අවස්‌ථාව වන විට පිලිප් හියුස්‌ පන්දු 161 කදී ලකුණු 63 ක්‌ ලබා සිට තිබේ.