ජුබිලි සැමරුම් අපට අකැපද?

594

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මේ ගෙවී යන්නේ 35 වැනි වසරයි. තරුණ ජවයෙන් ඔද වැඩෙන වයසක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ගෙවී ගිය කාලයේ දී ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂී ස්ථානයක් දිනා ගනිමින් නොයෙකුත් තරග වාර්තාවන් රන් අකුරින් ලියා තැබීමට සමත් විය.

ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය

පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23)..

ඒ අතුරට කළු අකුරින් ලියැවුණ අති සංවේදී වාර්තාවක් ද විණි. ඒ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පරාජිත තරග ශතකය ඊයේ (27) නිමා වූ ඉන්දියාව සමඟ වූ දෙවැනි ටෙස්ට් තරගය අවසානයේ දී ලියැවීමයි. මේ එකී ටෙස්ට් ශතකය දක්වා පැමිණි ගමනේ නවාතැන් පළවල් ගැන ThePapare.com තබන සටහනකි.

ශ්‍රී ලංකා ටෙස්ට් තරග ශතක පරාජයේ වැඩිම වාර ගණනක දී පරාජය වී ඇත්තේ ඉන්දීය කණ්ඩායම හමුවේය. පසුගිය දා නිමා වූ තරගයත් සමඟ එය 20කි. අප මේ පරාජයන් ලබා ඇත්තේ තරග 43කට සහභාගී වෙමිනි. සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ටෙස්ට් තරග 18කට මුහුණ දී ඇති අප එකඳු ටෙස්ට් තරගයක් හෝ පරාජය නොවීමට වග බලාගෙන ඇත.

රට තරග පරාජයන් ජය නොවිසඳුන
ඉන්දියාව 43 20 7 16
පාකිස්තානය 53 19 16 18
ඕස්ට්‍රේලියාව 29 17 4 8
නවසීලන්තය 32 14 8 10
දකුණු අප්‍රිකාව 25 14 5 6
එංගලන්තය 31 12 8 11
බටහිර ඉන්දීය කොදෙව් 17 3 8 6
බංග්ලාදේශ්‍ය 18 1 15 2
සිම්බාබ්වේ 18 0 13 5
266 100 84 82

මේ තරග පරාජයන් අතුරින් ඉතාම දරුණු පරාජය සේ සැලකෙන්නේ ඉන්දියාව සමඟ පසුගිය දා නාග්පූර් හී නිමා වූ තරගයේ දී ලත් ඉනිමක සහ ලකුණු 239ක පරාජයයි. මෙකී වාර්තාව මීට පෙර හිමිව තිබුණේ දකුණු අප්‍රිකාව වෙතය. ඒ 2001 වසරේ ජනේරුවේ දී ඔවුන් වෙතින් ලත් ඉනිමක සහ ලකුණු 229ක පරාජයයි.

පරාජිත ටෙස්ට් වංශ කතාවේ වැඩිම ලකුණු පරතරයකින් පරාජය වූ තරගය ලෙසින් වාර්තා වන්නේ ද ඉන්දීය කණ්ඩායම හමුවේය. ඒ මෙම වසරේ ඇසළ මස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 340කින් ලත් පරාජයයි.

ඒ අනුව 2017 වසරේ කැලැන්ඩරය ගැලවීමට තවත් එක් කොළයක් පමණක් තිබිය දී අප විසින් ගණනය කරනු ලබන දරුණුතම පරාජයන් ලිත් වර්ෂයේ මාස 4ක් තුළ ලැබීම කෙතරම් නම් අභාග්‍යයක් ද? එමෙන්ම මෙම වසරේ මෙතෙක් පැවැති තරග 12න් තරග 7ක්ම මේ වන විට අප පරාජය වී තිබේ. මෙම සංඛ්‍යාම මීට පෙර 2015 වසරේ දී ද පැවතිණි. අමතක කළ යුතු නැත, මේ වසර නිමාවට ප්‍රථම අපට තවත් එක් ටෙස්ට් තරගයක් ඇත. එබැවින් මෙම වාර්තාවන් වෙනස් වී වසරක දී වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් පරාජය වීමේ අවමානය ද ලැබිය හැකි ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නිමා කළ ටෙස්ට් තරග 266 නායකයන් 15 දෙනෙක් යටතේ තරග කර ඇති අතර ඉන් වැඩිම තරග පරාජිතයා සේ සැලකෙන්නේ අර්ජුන රණතුංග ය. ඔහු තරග 56කට නායකත්වය දී ඉන් තරග 19ක් පරාජය වී ඇත. නායකයන් අතුරින් ඩී. එස්. ද සිල්වා සහ රංජන් මඩුගල්ලේ තරග දෙක බැගින් නායකත්වය දී ඇති අතර එම තරග දෙකම පරාජයන් ලබා අවසන් කිරීම ද සුවිශේෂී ය.

මේ අනුව පරාජිත ටෙස්ට් තරග ඉතිහාසයේ ස්පර්ශ කළ හැකි තවත් තැන් බොහෝ ය. ඒ අතරට පළමු වැනි ටෙස්ට් තරගය ද ගණනය කරමින් 25, 50, 75 සහ 100 වැනි ටෙස්ට් තරග දෙස බලන්නේ නම් එහි අපූරු තැන් ද බොහෝ ය.

තීරණාත්මක තරග පහේ දී ම කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයෝ සමත් වීම කැපී පෙනෙන සිදු වීමකි. එම අවස්ථාවන්ගෙන් සිවුවතාවක්ම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයෝ තීරණය කර ඇති අතර පරාජිත 75 වැනි ටෙස්ට් තරගයේ දී පමණක් පන්දු රැකීම තෝරාගෙන ඇත. එම තරගයේ නායකත්වයේ කටයුතු කරනු ලැබුවේ තිලකරත්න ඩිල්ශාන් ය.

පරාජය වූ එම තීරණාත්මක තරග 5න් තුනක දී ම ඉනිමක පරාජයන්වලට මුහුණ දීමට සිදුවූ අප ක්‍රීඩකයන්ට, ඉනිමක පරාජයෙන් ගැලවුණේ පළමු ටෙස්ට් තරගයේ දී සහ කාසියේ වාසියේ තීරණය වෙනස් කළ 75 වැනි ටෙස්ට් තරගයේ දී ය. ඒ පිළිවෙළින් කඩුලු 7කින් සහ කඩුලු 10කින් පරාජයක් වීම නිසා ය.

1994 වසරේ පෙබරවාරි මස දී පැවති 25 වැනි පරාජිත ටෙස්ට් තරගයෙන් ද සහ පසුගියදා නිමා වූ 100 වැනි පරාජිත ටෙස්ට් තරගයේ ද ප්‍රතිවාදීන් වූයේ ඉන්දීය කණ්ඩායමයි. එමෙන්ම පරාජිත ටෙස්ට් තරග ඉතිහාසයේ දකුණු අප්‍රිකාව ඉදිරියේ ටෙස්ට් තරග 14ක් පරාජය වී ඇති අප ක්‍රීඩකයෝ 50 වැනි, 75 වැනි ටෙස්ට් තරග පරාජයන් ද ඔවුන්ට එරෙහිවම ලබා ඇත.

එමෙන්ම පළමු තරගය හැර අන් පරාජිත සෑම තරගයක්ම අප ක්‍රීඩකයෝ සංචාරක ක්‍රීඩකයන්සේ සහභාගී වෙමින් මෙකී වාර්තාවන්ට දායක වීම ද සුවිශේෂී ය.

අප දැන් ඒ සුවිශේෂී තරග 5 ගැන විමසමු.

පළමු ටෙස්ට් තරග පරාජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පරාජයන් ආරම්භ වන්නේ ම මංගල තරගයේ සිටය. ලොව 921 වැනි ටෙස්ට් තරගය ලෙසින් බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් 1982 වසරේ පෙබරවාරියේ දී එංගලන්තය හා සමඟ මෙරට දී පැවැත්වෙන මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක පරාජයක් ලබන්නේය. ප්‍රතිවාදී නායකයා වූයේ කීත් ෆ්ලෙචර් ය.

පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගෙන ඇති අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත ක්‍රීඩකයෝ සියලු දෙනාම දැවී ලකුණු 223ක් ලබා ගනී. දෙවැන ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175කට ඉනිම නිමා කර ගන්නේ එංගලන්ත ක්‍රීඩකයන්ට ලකුණු 171ක ඉලක්කයක් ලබා දෙමිනි. ඔවුන් එම ලකුණු සංඛ්‍යාව කඩුලු 3ක් පමණක් දැවී රැස් කරති.

කණ්ඩායම;

බන්දුල වර්ණපුර (නායක) සිදත් වෙත්තිමුණි, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස්, රංජන් මඩුගල්ලේ, අර්ජුන රණතුංග, ඩී.එස්. ද සිල්වා, අසන්තා ද මෙල්, ලලිත් කඵපෙරුම, මහේෂ් ගුණතිලක සහ අජිත් ද සිල්වා

ශ්‍රී ලංකාව පරාජිත ටෙස්ට් තරග ශතකය වාර්තා කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි..

25 වැනි ටෙස්ට් තරග පරාජය

පළමු තරගය පරාජය වී වසර 13ක් ඇවෑමෙන් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග පරාජයන් හී 25 වැනි තරගය වාර්තා වන්නේ ය. ඒ වෙද්දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 56කට සහභාගී වී සිටියේ ය. එම තරග 56න් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබුණේ තරග 3ක් පමණි.

කෙසේ වෙතත් 1994 වසරේ පෙබරවාරි මස පැවති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දීය කණ්ඩායමයි. ඉන්දීය කණ්ඩායම මොහොමඩ් අසරුඩීන් විසින් මෙහෙයවූ අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 17ක පරාජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලැබූහ. ශ්‍රී ලංකා නායකත්වය අර්ජුන රණතුංග ඉසිලුවේ ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 358ක් ලබා ගන්නේය. ඉන්දීය ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 239ක් පිටුපස සිට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 22ක් පමණි.

කණ්ඩායම;

අර්ජුන රණතුංග (නායක), රොෂාන් මහානාම, දුලිප් සමරවීර, හෂාන් තිලකරත්න, අරවින්ද ද සිල්වා, මාවන් අතපත්තු, රුවන් කල්පගේ, පුබුදු දසනායක, දොන් අරුණසිරි, ප්‍රමෝද්‍ය වික්‍රසිංහ සහ මුත්තයියා මුරලිදරන්

50 වැනි පරාජිත තරගය

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර දී 2002 වසරේ නොවැම්බර් මස පැවති මෙම තරගයේ ප්‍රතිවාදී නායකයා වූයේ ෂෝන් පොලොක් ය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමෙන් සන්නද්ධව සිටියේ සනත් ජයසූරිය ය.

25 වැනි පරාජ තරග කඩඉම පාස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට 50 වැනි සුවිශේෂී පරාජය ලැබීමට ගත කළ අවුරුදු පුමාණය 8කි. එම කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබුණ ටෙස්ට් තරග සංඛ්‍යාව තරග 71ක්. කෙසේ වෙතත් මේ පරාජිත කඩඉම් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගන්නට හසන්ත ප්‍රනාන්දු සමත් විය. එවන් කඩඉමකට පිවිසි එකම ක්‍රීඩකයා හසන්ත ය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 193ක් ද දෙවැනි ඉනිමට ලකුණු 130ක් ලබා ගත්හ. ප්‍රතිවාදීන් පළමු ඉනිමට පමණක් රැස් කළ ලකුණු සංඛ්‍යාව සියලුම දෙනා දැවී 386කි.  ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරගයෙන් ද ඉනිමක සහ ලකුණු 64ක ජයක් වාර්තා කළහ.

කණ්ඩායම;

සනත් ජයසූරිය (නායක), මාවන් අතපත්තු, රසල් ආනල්ඩ්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, හෂාන් තිලකරත්න, හසන්ත ප්‍රනාන්දු, චමින්ද වාස්, දිල්හාර ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන් සහ රුචිර පෙරේරා

හාමිසන්ගේ ගිනිබෝල සහ පොන්ටින්ගේ රුධිරය

රසවත් අතීත මතකයන් රාශියක් සිහිගන්වන අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ලොව සම්භාවනීයම ටෙස්ට්..

75 වැනි පරාජිත තරගය

50 වැනි ටෙස්ට් තරග පරාජය අවසානයේ තවත් වසර 10ක් ගිය තැන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 75 වැනි ටෙස්ට් තරග පරාජයට මුහුණ දුන්නේය. තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එවර ද මුහුණ දීමට සිදුවූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවය. එහෙත් එවර නායකයා ග්‍රැහැම් ස්මිත් ය.

2012 ජනවාරි මස දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි දී පැවැති මෙම තරගයෙන් ප්‍රතිවාදින් කඩුලු 10ක ජයක් අත්කර ගන්නේය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 580ක් රැස් කරති. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කරන්නේ ලකුණු 239ක් පමණි.

ලකුණු 341ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එවර ලකුණු 342ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 2ක අවශ්‍යතාවයකට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ එම ලකුණු ප්‍රමාණය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගත්හ.

කණ්ඩායම;

තිලකරත්න ඩිල්ශාන් (නායක), ලහිරු තිරිමාන්න, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, රංගන හේරත්, ධම්මික ප්‍රසාද් සහ චානක වෙළගෙදර

100 වැනි පරාජිත තරගය

ඉන්දියාව සමඟ පැවති මෙම තරගයේ දෙපිලේ නායකයන් වූයේ දිනේෂ් චන්දිමාල් සහ විරාත් කෝලි ය. 75 වැනි ටෙස්ට් තරග පරාජයෙන් පසුව ඉතාම සීග්‍රගාමී තරග පරාජයන් ගමනක යෙදුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙකී අවස්ථාවට වසර 5කින් ලඟා වූහ. ඒ කාලය තුළ ඔවුන් මුහුණ දුන් තරග සංඛ්‍යාව 52කි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 205ක් ලබා ගත් අතර ඉන්දීය පිළිතුරු කඩුලු 6කට 610කි. ලකුණු 405ක් පිටුපස සිට දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණි. ඒ අනුව වාර්තාගත පරාජිත ශතක තරගයේ විසඳුම ලෙසින් සටහන් වූයේ ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 239ක ජයග්‍රහණයකි.

කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂණ දික්වැල්ල, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ ලහිරු ගමගේ

අතිරේක දැනුමක්

ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් මේ වන විට වැඩිම ටෙස්ට් තරග පරාජිත රට වන්නේ ක්‍රිකට් ආරම්භ කළා වූ එංගලන්තයයි.

වසර 130ක් පැරණි එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පරාජිත තරග සංඛ්‍යාව 292කි. ඒ ටෙස්ට් තරග 991කට සහභාගී වෙමිනි. එකි ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමි වෙන අතර ඒ තරග 216ක පරාජයන් හේතුවෙනි. ඔවුන් සහභාගී වූ තරග සංඛ්‍යාව 804කි. තෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන් සතුව ඇත්තේ තරග 528කට සහභාගී වෙමින් ලත් තරග 185ක පරාජයන් ය.

ශ්‍රී ලංකාවට පිටුපසින් ටෙස්ට් තරග පරාජයන් හී ලැයිස්තු ගත ව ඇත්තේ සිම්බාබ්වේ සහ බංග්ලාදේශ රාජ්‍යයන් ය. ඔවුන් තවමත් සහභාගී වී ඇත්තේ ටෙස්ට් තරග 104ක් පමණක් බැවින් මෙකී සටහනට ඔවුන් ඇතුලත් වන්නේ නැත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<