ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 120 වැනි ආදරවන්තයින්ගේ සටනේ දෙවැනි දිනය ඊයේ (04) ක්‍රියාත්මක වුනා.
තරගයේ පළමු දිනය තුළ සිය පළමු ඉනිම දියත් කරමින් සිටි මහින්ද විද්‍යාල ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 217ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, තරගයේ දෙවැනි දිනය ආරම්භ වීමත් සමඟින් ම ඔවුන්ගේ දස වැනි කඩුල්ලත් දවා ගනිමින් ලකුණු 217 සීමාවේ ම නතර කිරීමට රිච්මන්ඩ් ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
ඉන් පසුව රිච්මන්ඩ් ක්‍රීඩකයින් සිය පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙහි දී රිච්මන්ඩ් පිතිකරුවන් ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳෙමින් තරමක් සෙමින් පිතිකරණයේ නියැලුණා.
ඊයේ දිනය තුළ පන්දුවාර 75ක් ක්‍රීඩා කළ ඔවුන් ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වී සිටියේ කඩුලු 08ක් දැවී යමිනුයි.
මෙහි දී රිච්මන්ඩ් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා ලෙස නිකිල් ජයවීර ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.
ඉනිමේ කඩුලු 08ක් ලකුණු 110ක් තුළ බිඳ වැටීමෙන් පසු කඩුල්ලේ එක් වූ බෙවින් ජයවර්ධන (නොදැවී ලකුණු 16) සහ පුබුදු මිහිරංග (නොදැවී ලකුණු 21) 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක් එක් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා.
ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක කවීන් රුක්ශාන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ තෙවැනි සහ අවසන් දිනය අද (05) ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<