ක්‍රිකට් ක්‍රීඩාව මුළු ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලැබෙන වින්දනය ඊට ප්‍රධාන හේතුවක්. මෙම ක්‍රීඩාවේ ආකෘතියට අදාලව ක්‍රීඩාව තුල දී සිදු වූ සුවිශේෂී සිදුවීම් රාශියක් තියෙනවා. ඒ අතරින් ඉතාමත් සිත්ගන්නා සුළු සිදුවීම් කිහිපයක් පිළිබඳ තොරතුරු මෙසේ සඳහන් කරන්නට ThePapare.com අපි සිතුවා.
- පාකිස්තාන ප්‍රවේගකාරී පිතිකරු ශහිඩ් අෆ්රිඩි ලොව වේගවත්ම ශතකය වාර්තා කිරීමට ලෝක පූජිත ඉන්දියානු පිතිකරු සචින් තෙන්දුල්කාර්ගේ පිත්ත භාවිත කළ බව දන්නවා ද?

එම පිත්තෙන් ශ්‍රී ලංකාවට එරෙහිව 6 පහර 11ක් සහ 4 පහර 6ක් සමඟින් පන්දු 37ක දී එවකට ලොව වේගවත්ම ශතකය වාර්තා කළේය. පසුව මෙම වාර්තාව කොරි ඇන්ඩසන් පන්දු 36කින් සහ ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 31කින් ශතකය සම්පූර්ණ කරමින් හිමි කර ගැනීමට සමත් වුනා.
වසර 137ක ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මීට පෙර ප්‍රථම පන්දුවටම හයේ පහරක් එල්ල කර නැත. එම දක්ෂතාවය දැක්වූ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ය. 2012 වසරේ බංග්ලාදේශ ක්‍රීඩක සොහාග් ගාසි වෙත ඔහු එම ප්‍රහාරය එල්ල කළා. තව ද එම තරගය ගාසිගේ ක්‍රිකට් දිවියේ ප්‍රථම තරගය වුනා.
1960 වර්ෂයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඕස්ට්‍රේලියාවේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර මෙම රසවත් සිදුවීම් සිදු වුනා. අලි භාග් අර්ධ ශතකයක් රැස් කිරීමෙන් පසු එම සතුට දරා ගත නොහැකි වූ කාන්තාවක් පිටියේ උතුරු අන්තයේ සිට තණතිල්ල මැදට දිවවිත් ඔහුව සිප ගෙන තියෙනවා.
- ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පිතිකරණ සාමාන්‍යයට වඩා හොඳ පිතිකරණ සාමාන්‍යයක් ඔහුගේ පාසල් වියේ මිතුරු ඉන්දීය ක්‍රීඩක විනෝද් කම්බ්ලිට ඇත.

- ටෙස්ට් තරගයක පළමු පන්දුවෙන්ම තෙවරක් දැවී ගිය ලොව එකම පිතිකරු සුනිල් ගවස්කාර්.

- ටෙස්ට් ක්‍රිකට් තරගයක ඉනිම් හතරම එකම දිනක දී නිමා විය.

- ක්‍රිකට් ලොව පිතිකරුවෙකු විසින් පන්දුව ඇල්ලීම සහ ක්‍රීඩකයන්ට බාධා කිරීම නිසා දැවී ගිය අවස්ථාවක් වාර්තා වී ඇත.

- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දිගුම ඉනිමට හිමි වාර්තාව හනීෆ් මොහොමඩ් දරයි.

- 1986 පැවති ඕස්ට්‍රේලියා – ආසියා කුසලානය සහ 2004 ආසියානු කුසලාන තරග අතර අසාමාන්‍ය සමානතා කිහිපයක් දැකගත හැකිය. එය ක්‍රිකට් ලොව සිදු වූ සුවිශේෂී සිදුවීමකි.
- ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් තරගයේ දී ශතක වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා මහේල ජයවර්ධන ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























