ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ තොරතුරු

Sri Lanka A, India A & Afghanistan A Tri Nation Tournament 2026

2
Sri Lanka A, India A & Afghanistan A Tri Nation Tournament 2026

ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන සහ ඉන්දියා A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ඉන්දීය A සංචිතය පසුගිය දිනක ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතයේ නායකත්වය Tilak Varma හට හිමි වී ඇති අතර, මෙවර IPL තරගාවලියේ දී ඉහළ අවධානයක් දිනා ගැනීමට සමත් වී සිටින ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවන් වන Priyansh Arya සහ Vaibhav Sooryavanshi ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඊට අමතරව මෙවර IPL තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් අතරින් Anshul Kamboj මෙන්ම Prabhsimran Singh හට ද මෙම සංචිතයේ ඉඩ කඩ හිමි වී තිබීම විශේෂත්වයක්.

ඉන්දීය A සංචිතය –  Tilak Varma (නායක), Priyansh Arya, Vaibhav Sooryavanshi, Riyan Parag (උප නායක), Ayush Badoni, Nishant Sindhu, Harsh Dubey, Suryansh Shedge, Prabhsimran Singh (WK), Kumar Kushagra (WK), Vipraj Nigam, Yash Thakur, Yudhvir Singh, Anshul Kamboj, Arshad Khan

තුන්කොන් තරගාවලි කාල සටහන

  • ශ්‍රී ලංකා A සහ ඉන්දියා A – ජුනි 09
  • ඉන්දියා A සහ ඇෆ්ගනිස්තාන A – ජුනි 11
  • ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A – ජුනි 13
  • ශ්‍රී ලංකා A සහ ඉන්දියා A – ජුනි 15
  • ඉන්දියා A සහ ඇෆ්ගනිස්තාන A – ජුනි 17
  • ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A – ජුනි 19
  • අවසන් මහා තරගය – ජුනි 21

මෙම තරගාවලියේ සියලු තරග දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මීට අමතරව ශ්‍රී ලංකා A සහ ඉන්දියා A කණ්ඩායම් අතර බහු දින තරග දෙකක් ද පැවැත්වීමට නියමිතයි. එම තරග සඳහා තවමත් කණ්ඩායම් දෙකම සිය සංචිත නම් කර නැහැ.

මෙම ක්‍රිකට් තරගාවලි පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<