ක්‍රීඩා ඇමති වුෂු සම්මේලනයට සහභාගී වෙයි

276

13 වෙනි ලෝක ශුරතා වුෂු තරඟාවලිය පසුගිය දිනවලදී ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්විණි. එම තරඟාවලියටසහභාගී වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජාත්‍යන්තර වුෂු සම්මේලනයේ සභාපති චායිකිං සහ චීන වුෂුසම්මේලනයේ සභාපති ශෑන් කිපිං යන මහත්වරුන් හමුවිය.

නව යොවුන්වියේදී වුෂු ක්‍රීඩාවේ නිරත වූ ලොව ප්‍රථම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සැලකෙන දයාසිරි ජයසේකරමහතාට වුෂු සම්මේලනයෙන් ලැබුණු ආරාධනාවකට අනුව එම තරඟාවලියට සහභාගී වීමෙන් අනතුරුව මෙම හමුවීමසිදුවූ අතර එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර වුෂු බලධාරීන්ට ශ්‍රී ලංකාවේ වුෂු ක්‍රීඩාව වෙනුවෙන් තමඅමාත්‍යංශය සැලසුම් කර ඇති වැඩපිළිවෙල විස්තර කර සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාව තුල ගෘහස්ථ වුෂුක්‍රීඩාගාරයක් ඉදිකිරීමට ප්‍රමුඛත්වය දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත. ඒ සඳහා තම පූර්ණ සහයෝගයදීමටද වුෂු සම්මේලනයේ සභාපතිවරයා පොරොන්දු වී ඇත.

තවද වැඩිදුර පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකීය වුෂු කණ්ඩායම් චීනයට එවන ලෙසට චීන වුෂු සම්මේලනයේ සභාපති කිපිංමහතා දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ දිස්ත්‍රික්ක සහග්‍රාමීය මට්ටමින් වුෂු ක්‍රීඩා අංග යොදා ගනිමින් සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා විශේෂ වුෂු වැඩසටහන්පැවැත්වීමට සහයෝගය දීමටද මෙම සාකච්ඡාවේදී ඔවුන් එකඟ වී ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක්සහභාගී විය ​