ශෂිකලා දඹුල්ලට ගොස් කොළඹ පරාජය කරයි

85

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී අගනුවර ඡන්ම භූමිය කර ගත් ශෂිකලා සිරිවර්ධන දඹුල්ල කණ්ඩායම හා එක්වෙමින් දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ කණ්ඩායමට පරාජය කරමින් එහි ශූරතාව දිනා දීමට සමත් විය.

අද (28) කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී දඹුල්ල ක්‍රීඩිකාවෝ කොළඹ ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාව ජයග්‍රහණය කළේය.

හංසිමා, හෂිනි සහ හර්ෂිතා අර්ධ ශතක රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද………

කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 98ක් පමණි. ඔවුන් මෙම ලකුණු ප්‍රමාණයට සීමා කිරීමේ දී දඹුල්ල ක්‍රීඩිකාවන්ට යැවීමට තවත් පන්දු 8ක් ඉතිරිව තිබුණි.

කොළඹ ඉනිම වෙනුවෙන් වැඩි කාර්ය භාරයක් කළේ නායිකා ඕෂදී රණසිංහ ය. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගත්තාය. ඊට අමතරව අමා කාංචනා පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තාය. හෂිනි පෙරේරා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තාය.

Photos: Dambulla vs Colombo | Women’s T20 Super Provincial Tournament 2019/20 – Finals

කොළඹ ඉනිම පාලනය කිරීමේ දී ආරම්භයේ සිටම දඹුලු පන්දු යවන්නියෝ දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඔවුන්ගේ ඉනිම වරෙක කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 28ක් ලෙසිනි. ඊට පසුව යම් තරමකින් කොළඹ ඉනිමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වූ අතර නැවත අවසන් කඩුලු 3 කිසිදු ලකුණක් ලබා නොදෙමින් දවා ගනිමින් කොළඹ ක්‍රීඩිකාවන් අසරණ කිරීමට දඹුලු ක්‍රීඩිකාවෝ සමත් වූහ. කොළඹ ඉනිමේ ක්‍රීඩිකාවන් 8 දෙනෙක්ම ලකුණු 10ට මෙපිටින් තැබීමට දඹුලු ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනි. 

කඩුලු ලබා ගැනීමේ දී සුගන්ධිකා කුමාරි ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය. ඊට අමතරව හංසිමා කරුණාරත්න සහ ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් දවා ගත්හ.

චමරි සහ ඩිලානි අර්ධ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ……..

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩිකාවෝ පහසුවෙන් ම එම ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි. ඔවුන් හඹා ගිය ඉලක්කය පසු කරද්දී තවත් පන්දු 22ක් ඉතිරිව තිබුණි. ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩිකාව වූයේ ශෂිකලා සිරිවර්ධනය. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් වාර්තා කළාය. 

ඉන් නොනැවතුන ඇය හංසිමා කරුණාරත්න සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වූවාය. හංසිමා කරුණාරත්ත රැස් කරන ලද ලකුණු ප්‍රමාණය 21කි. ඇය ඒ වෙනුවෙන් පන්දු 37කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුලත් කළාය. 

පන්දු යැවීමේ දී සඳුනි නිසංසලා ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තාය. 

Team කොළඹ; සියලුම දෙනා දැවී 98 (18.4) ඕෂදී රණසිංහ නොදැවී 23, අමා කාංචනා 19, හසිනි පෙරේරා 13, හංසිමා කරුණාරත්න 2/18, සුගන්ධිකා කුමාරි 3/13, ශෂිකලා සිරිවර්ධන 2/21

Team දඹුල්ල; කඩුලු 3ක් දැවී 99 (16.2) හංසිමා කරුණාරත්න 21, ශෂිකලා සිරිවර්ධන නොදැවී 56, සඳුනි නිසංසලා 2/13

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<