Home Sinhala ස්ටාක් හා කෝල්ටර්-නයිල් කැන්ගරුවන් බේරා ගනී

ස්ටාක් හා කෝල්ටර්-නයිල් කැන්ගරුවන් බේරා ගනී

239

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය අද (06) එංගලන්තයේ නොටිංහැම් හීදී නිමාවට පත්විය. එහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් තරග වැදුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 15 ජයක් හිමි කර ගනිමින් තරගාවලියේ තමන් සහභාගි වූ දෙවන තරගය ද ජයග්‍රහණය කරන්නට සමත් විය.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද (05) එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී සාර්ථකව නිමාවට පත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49ක දී සියලු දෙනා දැවී ලකුණු 288ක් වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්පෙළ අසාර්ථක වුවද ස්ටීවන් ස්මිත්ගේ හා නේතන් කෝල්ටර් – නයිල්ගේ විශිෂ්ට පිතිහරඹය ඔවුන්ට මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට උපකාරී විය.

මිචෙල් ස්ටාක්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 273ක් පමණි.

හෝල්ඩර්ගේ තීරණයට සාධාරණයක් ඉටු කළ කොදෙව් වේගපන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු මුල්පෙළ කඩුලු 4ක් ලකුණු 38ක් වන විට බිඳ දැමීමට සමත් විය.

පසුව ස්ටීවන් ස්මිත් හා එක් වූ මාක්ස් ස්ටොයිනිස් ඕස්ට්‍රේලියානු ඉනිමට යම් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සහ කළ ද, ලකුණු පුවරුව ලකුණු 79ක් වන විට ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ ස්ටොයිනිස් දැවී ගියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවත් අසරණ කරමිනි.

නමුත් ස්ටීවන් ස්මිත් දක්ෂ පිතිහරඹයක් දියත් කරමින් පසුපෙළ පිතිකරුවන් හා එක්ව බිඳ වැටුණු ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කිරීමට කටයුතු කළේය. මෙහි දී ඇලෙක්ස් කේරි පන්දු 55ක දී ලකුණු 45ක් වාර්තා කළ අතර එය ඕස්ට්‍රේලියාව යළි තරගයට අවතීර්ණ කරවීම කෙරෙහි විශාල ලෙස බලපෑවේ ය.  

කේරිගේ දැවී යෑමෙන් අනතුරුව ස්මිත් හා පිටියේ එක් වූ නේතන් කෝල්ටර් – නයිල් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඔවුන් දෙදෙනා එක්ව නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක් සම්බන්ධතාවක් එක් කළ අතර එය බිඳ වැටුණේ ඔෂේන් තෝමස්ගේ පන්දුවක් හමුවේ ස්මිත් ලකුණු 73කට දැවී යාමත් සමඟිනි. පන්දු 103කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය.

පන්දු 41කින් සිය පළමු එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ කෝල්ටර් නයිල්, ස්මිත්ගේ දැවී යාමෙන් අනතුරුව කොදෙව් පන්දු යවන්නන් හට දිගට හරහට පහර එල්ල කරමින් පන්දු 60ක් තුළ ලකුණු 92ක් වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 288ක් දක්වා ඉහළ දැමීමට දායක වූ ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් හා හයේ පහර 4කින් වර්ණවත් විය.

ඉනිමේ දෙවන භාගයේ දී අපේක්ෂිත දස්කම් දැක්වීමට අපොහොසත් වුවද, ඔෂේන් තෝමස්, ෂෙල්ඩන් කෝට්රෙල් හා ඇන්ඩ්රි රසල් කඩුලු දෙක බැගින් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු මුල්පෙළ සුනුවිසුනු කළහ. ඊට අමතරව කාලෝස් බ්‍රාත්වෙයිට් ඉනිමේ අවසන් කඩුලු 3 දවා ගත්තේ ය.

දකුණු අප්‍රිකාවට හතරවටින්ම දෝස්මුර

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වේ. ප්‍රබල කණ්ඩායම් රැසක් නොසිතූ පරාජයන්ට ලක්වන…

කොදෙව් ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට මිචෙල් ස්ටාක් හා පැට් කමින්ස් ඉඩ ලබා නොදුන් අතර පළමු කඩුලු 2කම ලකුණු 31ක් තුළ දවා ගැනීමට ඔවුන් සමත් විය.

ඉන් අනතුරුව ශායි හෝප් වටා එකතු වූ කොදෙව් මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසි නමුත් විටින් විට කඩුලු දවා ගනිමින් ඔවුන්ට විශාල සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

ශායි හෝප් ලකුණු 68ක් ලබා ගත් නමුත් ඔහු ඒ සඳහා පන්දු 105ක් වැය කිරීම කොදෙව්වන්ගේ ලකුණු ලබා ගත යුතු වේගය ඉහළ යාමට හේතු විය.

නායක ජේසන් හෝල්ඩර් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළ ද ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 37ක් ඉතිරි ව තිබිය දී ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාමත් සමඟ කොදෙව්වන්ට අවසන් බලාපොරොත්තුව ද අහිමිව ගියේ ය. හෝල්ඩර් පන්දු 57කින් ලකුණු 51ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.

පන්දු යැවීමේ දී කොදෙව් පිතිකරුවන් අසරණ කළ මිචෙල් ස්ටාක් කඩුලු 5ක් දවා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් පැට් කමින්ස් කඩුලු 2ක් දවා ගත්තේ ය.

වේගවත් ලකුණු 92ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නේතන් කෝල්ටර් – නයිල් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය හෙට (07) පාකිස්තානය සමඟ බ්‍රිස්ටල්හි දී පැවැත්වීමට නියමිත ය.

Result


West Indies
257/9 (49)

Australia
288/10 (49)

Batsmen R B 4s 6s SR
David Warner c Shimron Hetmyer b Sheldon Cottrell, 3 8 0 0 37.50
Aaron Finch c Shai Hope b Oshane Thomas 6 10 0 0 60.00
Usman Khawaja c Shai Hope b Andre Russell 13 16 2 0 81.25
Steve Smith c Sheldon Cottrell, b Oshane Thomas 73 103 7 0 70.87
Glenn Maxwell c Shai Hope b Sheldon Cottrell, 0 2 0 0 0.00
Marcus Stoinis c Nicholas Pooran b Jason Holder 19 23 4 0 82.61
 Alex Carey c Shai Hope b Andre Russell 45 55 7 0 81.82
Nathan Coulter-Nile c Jason Holder b Carlos Brathwaite 92 60 8 4 153.33
Pat Cummins c Sheldon Cottrell, b Carlos Brathwaite 2 6 0 0 33.33
Mitchell Starc c Jason Holder b Carlos Brathwaite 8 9 1 0 88.89
Adam Zampa not out 0 0 0 0 0.00


Extras 27 (b 1 , lb 1 , nb 1, w 24, pen 0)
Total 288/10 (49 Overs, RR: 5.88)
Fall of Wickets 1-15 (2.2) Aaron Finch, 2-26 (3.6) David Warner, 3-36 (6.6) Usman Khawaja, 4-79 (16.1) Marcus Stoinis, 5-147 (30.5)  Alex Carey, 6-249 (44.2) Steve Smith, 7-268 (46.1) Pat Cummins, 8-284 (48.2) Nathan Coulter-Nile, 9-288 (48.6) Mitchell Starc, 10-39 (704) Glenn Maxwell,

Bowling O M R W Econ
Oshane Thomas 10 0 63 2 6.30
Sheldon Cottrell, 9 0 56 2 6.22
Andre Russell 8 0 41 2 5.12
Carlos Brathwaite 10 0 67 3 6.70
Jason Holder 7 2 28 1 4.00
Ashley Nurse 5 0 31 0 6.20


Batsmen R B 4s 6s SR
Chris Gayle lbw b Mitchell Starc 21 17 4 0 123.53
Evin Lewis c Steve Smith b Pat Cummins 1 5 0 0 20.00
Shai Hope c Usman Khawaja b Pat Cummins 68 105 7 0 64.76
Nicholas Pooran c Aaron Finch b Adam Zampa 40 36 5 1 111.11
Shimron Hetmyer run out () 21 28 3 0 75.00
Jason Holder c Adam Zampa b Mitchell Starc 51 57 7 1 89.47
Andre Russell c Glenn Maxwell b Mitchell Starc 15 11 2 1 136.36
Carlos Brathwaite c Aaron Finch b Mitchell Starc 16 17 1 1 94.12
Ashley Nurse not out 3 13 0 0 23.08
Sheldon Cottrell, b Mitchell Starc 1 2 0 0 50.00
Oshane Thomas not out 0 4 0 0 0.00


Extras 20 (b 0 , lb 9 , nb 0, w 11, pen 0)
Total 257/9 (49 Overs, RR: 5.24)
Fall of Wickets 1-7 (1.4) Evin Lewis, 2-31 (4.5) Chris Gayle, 3-99 (19.1) Nicholas Pooran, 4-149 (27.2) Shimron Hetmyer, 5-190 (34.6) Shai Hope, 6-216 (38.5) Andre Russell, 7-252 (45.3) Carlos Brathwaite, 8-252 (45.6) Ashley Nurse, 9-256 (47.3) Sheldon Cottrell,,

Bowling O M R W Econ
Mitchell Starc 10 0 46 5 4.60
Pat Cummins 10 3 41 2 4.10
Nathan Coulter-Nile 9.1 0 54 0 5.93
Glenn Maxwell 6 1 31 0 5.17
Adam Zampa 10 0 58 1 5.80
Marcus Stoinis 4 0 18 0 4.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<