ශ්‍රී ලංකා රග්බිවලට තල්ලුවක් දෙන්න ඕස්ට්‍රේලියාවේ ප්‍රබලයෙක්

235

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රග්බි තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම වෙනුවෙන් උපදේශකවරයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් කැම්පීස්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සූදානම් වන බව වාර්තා වේ.

ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන වරම් අහිමිවේ

ලෝක ප්‍රකට නවසීලන්ත රග්බි කණ්ඩායමේ FULLBACK ක්‍රීඩක ඩේමියන්….

ලෝක ශූරතා ජයග්‍රහණ දිනා ගත් ප්‍රබල රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම පොදු රාජ්‍ය මාණ්ඩලීය සත් සාමාජික රග්බි ශූරයෙකු වන සහ 1982 සිට 1996 කාලවකවානුවල දී රග්බි ක්‍රීඩාව දිග්විජය කළ දක්ෂ ප්‍රබල ක්‍රීඩකයෙනු ලෙස ඩෙවිඩ් හඳුන්වා දිය හැක.

සිය ක්‍රීඩා දිවියේ දී තරග 101කට සහභාගී වී ඇති ඩේවිඩ් වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවන අතර ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩකයින් හමුවේ දස්කම් දමමින් උත්සාහක දිනුම් රැස් කිරීමට ඔහුගේ අත්දැකීම් සහ උපදේස් කණ්ඩායමට විශාල පිටිවහලක් වනු ඇත.

මහනුවර ක්‍රීඩා සමාජයට නව පුහුණුකරුවෙක්

පසුගිය ඩයලොග් රග්බි ලීගයේ (2018/19) ජයග්‍රාහකයින් වන මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු පුහුණුකරු වන ෂෝන් විජේසිංහට පසු

2019 ආසියානු කුසලාන පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුහුණුවීම් කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර ඩේවිඩ් කැම්පීස් ඔවුන් සමඟින් එකතු වනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික සංචිතය පමණක් නොව පාසල් රග්බි තරගවලට ද ඩේවිඩ් අවදානය යොමු කරනු ඇති.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<