කොරෝනාවට මැදි වූ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය නැවතත්?

105

පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය Covid-19 වසංගතය නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් හට සිදු විය. කෙසේ නමුත් එම තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බව වාර්තා වේ.

ගෞරව පදක්කමත් සමඟින් ටේලර්ගෙන් ප්‍රතිඥාවක්

ප්‍රවීණ පිතිකරු රෝස් ටේලර් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි උපරිම ගෞරවය තෙවැනි වතාවටත්…….

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් තහවුරු කළ අතර එහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඔහු පැවසුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනය එම යෝජනාව සඳහා තවමත් නිසි පිළිතුරක් දක්වා නොමැති බවයි.

ICC ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වන එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ එක් පුහුණු තරගයක් සඳහා සාර්ථකව මුහුණ දෙනු ලැබීය. 

කෙසේ නමුත් ජෝ රූට් ඇතුළු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙවන පුහුණු තරගය පැවැත්වෙන අතරතුර තරගයෙන් ඉවත්ව දිවයිනෙන් පිටත්ව යාමට හදිසියේ තීරණය කළේ Covid-19 වසංගතයේ පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් වූ නිසයි. ඒ වන විට එම තරගාවලියේ නිල මාධ්‍ය හමුව ද පවත්වා අවසන් ව තිබුණි.

“දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට සිටි තරගාවලි කිහිපයක්ම කල් ගිහිල්ලා තියෙන්නේ, අපි එම තරගාවලි නැවතත් පැවැත්වීමට හැකි කාලවකවානු පිළිබඳව මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නවා. එංගලන්ත ක්‍රිකට් තරගාවලිය නම් 2021 ජනවාරි වල නැවතත් පවත්වන්න පුළුවන් කියලා එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ව අපි දැනුවත් කළා. අපි ඔවුන්ගේ ප්‍රතිචාරයත් ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි ද සිල්වා මහතා Daily News පුවත්පතට පවසා තිබේ. 

මේ වන විට ප්‍රකාශිතව තිබෙන ICC ඉදිරි තරග කාලසටහනට (FTP) අනුව එංගලන්තය ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල දී ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 5කින් සමන්විත තරගාවලියක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. 

ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔවුන්ගේ නවතම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් (ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස)……

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟත්, ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණි. නමුත් මෙම වසංගත තත්වය නිසාවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකානු තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. එය එසේ වුවත් බංග්ලාදේශ තරගාවලිය කල් දැමීම පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තීරණයක් ගෙන නොමැත.

“ඒ වගේම තමයි දැනට කල් දමා තිබෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියත් ඉදිරියේ දී පැවැත්වීමට හැකි කාල රාමුවක් ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අනෙක් රටවල් එක්කත් කතාබහ කරලා අපි ඉදිරියේ දී අපේ තරග කාලසටහන් ආයිත් තහවුරු කර ගන්න අවශ්‍යයි.” යැයි ද සිල්වා මහතා අවසන් වශයෙන් පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<