ඉන්දියාවේ ආබාධ අතරට තවත් අයෙක්

193

ඉන්දීය ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ සිටි දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන විජය ශංකර් ආබාධයකට ලක්ව ඇති අතර ඒ වෙනුවෙන් කර්ණාටක ප්‍රාන්තයේ මායන්ක් අග්‍රවාල් සංචිතයට කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් වීමටත් පෙර එනම්, තරග 38ක් අවසානයේ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට්…

දැල තුල පිතිකරණය පුහුණුවෙමින් සිටිය දී ජස්ප්‍රිට්  බුම්රා එවූ පන්දුවක් ශංකර්ගේ වම් මහපට ඇඟිල්ලේ වැදී තිබෙන නිසා ශංකර් මෙලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව ඇත. විජය ශංකර් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර මායන්ක් අග්‍රවාල් ඉන්දීය කණ්ඩායමට ආදේශ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙත යවා තිබෙන අතර ඒ සඳහා අද (1) සවස් වන විට අනුමැතිය හිමිවෙනු ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි අග්‍රවාල් තවමත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත. 2012 වසරේ දී කර්ණාටක කණ්ඩායම හරහා පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා අවතීර්ණ වූ ඔහු පළමු පෙළ තරග 75කට සහභාගී වෙමින් ලකුණු 3605ක් වාර්තා කරගෙන තිබෙන්නේ 48.71ක් වැනි ඉහළ මට්ටමේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

එසේම ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ශිකර් ධවාන් ද පසුගිය (19) වැනිදා 2019 කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් විය ඒ ඔහුගේ වමතේ මහපටැඟිල්ලේ සිදුව තිබෙන ආබාධයක් නිසාවෙනි. ඒ වෙනුවෙන් කණ්ඩායමට පැමිණියේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පන්ට්ය.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැනට තරග 6කට මුහුණ දී තිබෙන ඉන්දීය කණ්ඩායම ඉන් තරග 5ක් ජයගෙන තරගයක් පරාජය වී මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 2 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ඉන්දියාව පරාජය වෙමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දොර වසා දමයි

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of upload. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ…

ඉන්දීය කණ්ඩායම සහභාගී වන මීළඟ තීරණාත්මක ක්‍රිකට් තරගය ජූලි මස 2 වැනිදා (හෙට) බංග්ලාදේශ කණ්ඩායම සමඟ එඩ්ග්බස්ටන් හිදී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<