උපුල් තරංග එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියට

113

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට සූදානම්ව සිටී. මෙම තරගාවලිය නේපාලයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලියක් වේ. 

සංගා ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් නැවතත් ගාල්ලට

කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාලිබෝන්..

එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 14 සිට 28 දක්වා කත්මන්ඩු හි TU ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. උපුල් තරංග මෙම තරගාවලියේ දී ලලිත්පූර් පේට්‍රියොට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එය පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් කණ්ඩායමයි. 

මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙකු අනිවාර්ය වන අතර ඒ අනුව උපුල් තරංග හට මෙම අවස්ථාව හිමිව ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන උපුල් තරංග 35 හැවිරිදි ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ටෙස්ට් තරග 31ක්, එක්දින තරග 287ක් හා විස්සයි විස්ස තරග 26ක් ක්‍රීඩා කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විස්සයි විස්ස තරගවල දී උපුල් තරංග ලකුණු 3188ක් වාර්තා කර ඇති අතර එහි ලකුණු ලබා ගැනීමේ වේගය 129.22ක් ලෙස සටහන් වේ. විස්සයි විස්ස තරග රටාව තුල ශතක දෙකක් හා අර්ධ ශතක 18ක් වාර්තා කිරීමට උපුල් තරංග සමත්ව ඇත. 

මෙම එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා උපුල් තරංගට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල්, හෂීම් අම්ලා, ඩ්වේන් ස්මිත් හා කෙවින් ඕ බ්‍රයන් වැනි ක්‍රීඩකයන් සහභාගි වේ. 

වර්ෂාවේ බාධා මැද 350කට වැඩි ඉලක්කයක්!

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ..

උපුල් තරංග අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2019 වසරේ මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරගාවලියේ දී ය. ඉන් අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය නොකළ උපුල් තරංග ලොව පුරා ඇති ප්‍රමුඛ පෙළේ ප්‍රිමියර් ලීග් තරගාවලි වන අබුඩාබි T10 හා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<