ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

287

කවීන් බණ්ඩාරගේ ශතකයත් සමඟින් වර්ණවත් වූ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (10) නිමාවට පත්විය. එහි දී මලියදේව විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ ජයක් ලබා  ගැනීමට ද මැසනොඩ් විද්‍යාලය සමත් විය.

යෙශාන්, මිතිල හා සාලිය අර්ධ ශතක අතරට

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා උරගා බැලීමට හොඳම තෝතැන්නක් බඳු 2017/18 සිංගර් කුසලාන…

මලියදේව විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

මෙම තරගය D කාණ්ඩයේ තරගයක් ලෙසින් කඳාන ද මැසනොඩ් විදුහල් පිටියේ දී අවසන් වූයේ, මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

තරගයේ පළමු දිනය අවසන් වන විට ද මැසනොඩ් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබාගෙන සිටියේය. එහි දී අලංකාරවත් පිතිකරණයක නිරත වූ වමතින් පිත්ත හසුරුවන මිතිල ගීත් ලකුණු 53ක් රැස්කර ගත්තේ ද මැසනොඩ් විද්‍යාලයට පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පදනම සකසාලමිනි.

මැදපෙළ තවදුරටත් සවිමත් කළ සාලිය ජූඩ් ද අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු ලකුණු 73කට දැවී ගියේය. පන්දු යැවීමේ දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට විශ්ව දිසානායක සමත් විය. ඔහුට සහය වූ දුලාජ් රණතුංග කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන කවීන් බණ්ඩාර අගනා ශතකයක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වුවත්, එය ඔවුන්ට වැඩි වාසියක් නොවීය. කවීන් හට අගනා සහයක් දුන් මුදිත ප්‍රේමදාස ලකුණු 88ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු යැවීමේ දී යොමාල් ප්‍රනාන්දු කඩුලු 3යි. අවසානයේ මලියදේව දෙවන ඉනිම ලකුණු 259/9ක් ලෙස දැක්වෙද්දී අත්හිටවූ අතර, තරගය අවසානයේ ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 58ක් ලබාගත්තේ එක් කඩුල්ලක් දවාගනිමිනි.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 102/10 (35.5): සංජීවන් ප්‍රියදර්ශන 43*, මුදිත ප්‍රේමදාස 22, රොමල් ප්‍රනාන්දු 5/22, සහින සිතුමිණ 3/22.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම  – 217/10 (51.3): සාලිය ජූඩ් 73, මිතිල ගීත් 53, ප්‍රවීන් ෆොන්සේකා 22, මිතුල් සෙනරත් 21, විශ්ව දිසානායක 5/61, දුලාජ් රණතුංග 4/58.

මලියදේව විද්‍යාලය දෙවන ඉනිම – 259/9 dec (73.3): කවීන් බණ්ඩාර 105*, මුදිත ප්‍රේමදාස 88, යොමාල් ප්‍රනාන්දු 3/69, සිහින සිතුමිණ 2/23.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 58/1 (13):

හිටපු නායකයාට අලුත් තැනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ඉදිරියේ පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී..

වෙස්ලි විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස කැම්බල් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට, වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ වෙස්ලි විද්‍යාලයේ ඇරයුමින් කැම්බල් තණතීරුව මතට පිවිසි ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පෘථිවි බිම්සර හා පැතුම් මහේෂ් හොඳ සබඳතාවයක් ගොඩනංවන ලද්දේ, සිය විද්‍යාලයේ ලකුණු පුවරුවට යම් ආලෝකයක් ලබා දෙමිනි. එහි දී බිම්සර හා පැතුම් පිළිවෙළින් ලකුණු 48ක් හා ලකුණු 46ක් රැස්කර ගත්ත ද, ඔවුන්ට සිය අර්ධ ශතක සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය. මැදපෙළ සවිමත් කරමින් කැම්බල් පිටිය සිසාරා ප්‍රහාර එල්ල කළ තිමිර නයනතරු ලකුණු 35යි. අවසානයේ ගුරුකුල පළමු ඉනිම ලකුණු 258කට සීමා විය.

පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩක රාහුල් ගුණසේකර ලකුණු 57ක් තුල කඩුලු 4ක් දවාලන ලදි. මොවින් සුභසිංහ හා සකුන්ත ලියනගේ කඩුලු 2ක බැගින් දවාලන ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම  – 258/10 (69.5): පෘථිවි බිම්සර 48, පැතුම් මහේෂ් 46, තිමිර නයනතරු 35, ප්‍රවීන් නිමේෂ් 32, නුවන් චානක 30, රාහුල් ගුණසේකර 4/57, මොවින් සුභසිංහ 2/64, සකුන්ත ලියනගේ 2/66.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 42/3 (26):

පළමු දිනයට අද පැවැත්වූ තරගය හෙට (11) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<