තර්ස්ටන් හා සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම ජය ගනී

71

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (9) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

කවිඳු, ජොහෑන්, සඳුන් සහ කෞෂිතගෙන් අර්ධ ශතක

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…

දෙවන දිනයට පැවැත්වූ තරග 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය 

වත්තල සාන්ත අන්තෝනි පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ඊයේ (8) ආරම්භ වූ මේ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 118ක් ලබාගෙන සිටියේය. 

අද දිනයේ දී ජයවිහාන් මහවිතාන ලබා ගත් ලකුණු 35 නිසා තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි විය. කවීෂ දුලංජන කඩුලු 5යි.

Photos: St. Anthonys College, Wattala vs Thurstan College | U19 Cricket Tournament 2019/20

ලකුණු 2ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩකයින් තරගයේ නියමිත අවසන් සහ දෙවන දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටි අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජය හිමි වූයේ තර්ස්ටන් විද්‍යාලයටයි. කනිෂ්ක ගිම්හාන් ලකුණු 36යි.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 183 (58.3): සඳුන් මදුසංක 56, නිසල් සිල්වා 37, අමිත සංදීප 24, තවීෂ දුලංජන  24, පුන්තිල කුමාර 6/38, බවන්ත ජයසිංහ 2/46

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 185 (51.1): ධනංජය සිල්වා 42, අවිශ්ක කෞෂාල්‍ය 40, ජයවිහාන් මහවිතාන 35, කවීෂ දුලංජන 5/61, අමිත් සංදීප 2/34.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 115/6 (71): කනිෂ්ක ගිම්හාන් 36, රොමේෂ් සුරංග 32*, බවන්ත ජයසිංහ 3/15, බිමර රණතුංග 2/33. 

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු…

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. ඊයේ දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 136ක් වාර්තා කරගෙන මධ්‍යස්ථ මට්ටමක සිටි නමුත් ශෙරන් ෆොන්සේකා ලබා ගත් ලකුණු 76 නිසා යම් ගෞරවාන්විත මට්ටමකට සිය විද්‍යාලයේ පළමු ඉනිමේ රැගෙන ඒමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.

ලකුණු 62ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට පළමු ඉනිමේ දී දැක්වූ ආකාරයේ දස්කම් දැක්වීමට දඟපන්දු යවන අශේන් ඩැනියල් ඇතුළු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවස්ථාව ලබා දුන්නේ නොමැත. කෙසේ නමුත් ලකුණු 112ක් දක්වා සිය ඉනිම වර්ධනය කර ගැනීමට ඔවුන්ට හැකි විය. ඒ සඳහා චෙමිඳු වීරවංශ ලබා ගත් ලකුණු 43 ඔවුන්ට බෙහෙවින් සවියක් විය. 

ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 51ක ඉලක්කයක් හිමි විය. ඔවුන්ට එම ඉලක්කය හඹා යාම සඳහා පන්දුවාර 13ක් ඉතිරිව තිබූ නමුත් කඩුලු 4ක් දැවී ලකුණු 49ක් ලබාගෙන සිටිය දී තරග විනිසුරුවරුන් විසින් අයහපත් ආලෝක තත්වය සලකා බලා  තරගය නවතා දැමීමට කටයුතු කර තිබේ. 

සාන්ත ජෝසප් විද්‍යාල පිතිකරුවන් ඔවුන්ගේ දෙවන ඉනිම ඉතාමත් වේගවත් ලෙස දියත් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 24ක් ලබාගෙන දස්කම් දක්වන ලදි. පන්දු යැවීමේ දී තිලින පෙරේරා  ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තේය. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 169 (51.1): තිලින පෙරේරා 37, ශාන් විජේසිංහ 30, සංදීප ප්‍රනාන්දු 23, සහන් පෙරේරා 23, දුනිත් වෙල්ලාලගේ 3/35, ලක්ෂාන් ගමගේ 3/43.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 231 (71.4): ශෙරන් ෆොන්සේකා 76, අශේන් ඩැනියල් 58, ජොහෑන් ද සිල්වා  57, තිලින පෙරේරා 3/57, තරිඳු මදුවන්ත 2/28, හේෂාන් සිල්වා 2/39, නවීන් ප්‍රනාන්දු 2/46.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම –  112 (44.5): චෙමිඳු වීරවංශ 43, නවීන් ප්‍රනාන්දු  21, අශේන් ඩැනියල් 6/37, ශාලින්ද සෙනෙවිරත්න 3/31.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 49/4 (11.4): දුනිත් වෙල්ලාලගේ 24, තිලින පෙරේරා 2/27.

සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජය 

Video – ‘මාලිංගටයි තව දෙතුන්දෙනෙක්ටයි හැරෙන්න වෙන කාටවත් ඉඩ නැහැ’ – ද මෙල්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (9) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට…

දෙවන දිනයට පැවැත්වූ තරගය

කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු යවන ලදි. තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 261 (67): ජිතේෂ් වාසල 88, අවිශ්ක පෙරේරා 63, ලක්ෂාන් මායාදුන්නේ 38, චනුල අතුකෝරල 28, කවිෂ්ක ඩිල්ශාන් 4/71, ශෂික බස්නායක 3/57.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 70 (27.2): කසුන් එදිරිතිලක 30, චන්දුල ජයකොඩි  26, සජිත විතානගේ 4/15, චමෝද්‍ය රාජපක්ෂ 2/16.

පළමු දිනයට පැවැත්වූ තරගය හෙට (10) දෙවන දිනයටත් පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<