පෙරළියක් කළ සාන්ත තෝමසුවන්ට අතපත්තු – හලංගොඩ කුසලානය

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

79
Singer U19 Cricket

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (07) දිනයේ දී ක්‍රියාත්මක විය. ඒ අතරින් අතපත්තු – හලංගොඩ කුසලානය වෙනුවෙන් ආනන්ද – සාන්ත තෝමස් විද්‍යාල දෙක අතර තරගය කාගේත් වැඩි අවධානයක් දිනාගත් තරගයක් බවට පත්වූවා. 

ඊබර්ට්ගේ කඩුලු 9 අභිබවා ගිය ගිශාන් ඇතුළු රාජකීයයන්ට ජය

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ

එම තරගයේ සිව්වන ඉනිමේ දී පන්දුවාර 25 ක් තුළ ලකුණු 173 ක ඉලක්කයක් හඹා යමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. 

ඒ අනුව එම පාසල් දෙකෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ නමින් පළමු වරට පැවති අතපත්තු – හලංගොඩ කුසලානය ජය ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. 

දෙවන දිනයට පැවති තරග 

ආනන්ද විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාල නායකයා එස්. එස්. සී. පිටියේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු  94 ක් පමණි. එයට පිළිතුරු දුන් සාන්ත තෝමස් විද්‍යාලය ද වේගයෙන් ලකුණු රැස්කර ගනිමින් ලකුණු 190 ක් වාර්තා කරගත්තේ පළමු ඉනිමේ වැඩි වාසිය දිනාගෙනයි. 

එහිදී සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයින් වැඩි ලෙස කැපී පෙනුනු අතර පිතිකරණයේ දී ශලින් ද මෙල් අර්ධ ශතකයක් වාර්තා කරගන්නා විට යසිරු රොද්‍රිගෝ සහ දිල්මින් රත්නායක පන්දු යැවීමේ දී දස්කම් අතරට පැමිණියහ. 

Photos: S. Thomas’ College vs Ananda College | U19 Cricket Tournament 2019/20

පළමු ඉනිමේ වූ අඩුපාඩු නිවැරදි කරගනිමින් පිටියට පිවිසි ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අනුද ජයවීර සහ දසුන් තාරක අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වූ අතර කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් වාර්තා කරගනිමින් සිය දෙවන ඉනිම අත්හිටුවීමට ආනන්ද විද්‍යාලය තීරණය කළේ ලකුණු 173 ක ජයග්‍රාහී ඉලක්කයක් සාන්ත තෝමස් විද්‍යාලයට ලබාදෙමිනි.

දෙවන සහ අවසන් දිනයේ අවසන් තරග කාලය තුළ පමණක් සිය සිව්වන ඉනිම දියත් කළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ආනන්ද විද්‍යාල පන්දු යවන්නන්ට දිගින් දිගටම පහර දුන් සාන්ත තෝමස් විද්‍යාල පිතිකරුවන් පන්දුවාර 25 ක් තුළ එම ඉලක්කය හඹා ගියේ පෙරළිකාර ජයක් ලබා ගනිමිනි. එහිදී රයන් ප්‍රනාන්දු සහ මනීෂ රූපසිංහ වේගවත් ලෙස ලකුණු වාර්තා කරගනිමින් ඒ සඳහා සහය විය. 

ආනන්ද විද්‍යාලය : 94 (31.4) කනිෂ්ක රන්තිලකගේ 40, යසිරු රොද්‍රිගෝ 6/08, දිල්මින් රත්නායක 3/20. සහ 268/8d (80.5) අනුද ජයවීර  86*, දසුන් තාරක 61, කලන විජේසිරි 41, කනිෂ්ක රන්තිලකගේ 20, කැණිස්ටන් ගුණරත්නම් 3/41, දිල්මින් රත්නායක 2/81. 

සාන්ත තෝමස් විද්‍යාලය : 190 (41.1) ශලින් ද මෙල් 50, රයන් ප්‍රනාන්දු 48, අනුක් පලිහවඩන 23, සවිරු බණ්ඩාර 5/42, ඉසුරු අයේෂ් 3/60. සහ 173/5 (25) රයන් ප්‍රනාන්දු 75*, මනීෂ රූපසිංහ 51, ජනුද ජයවර්ධන 2/27. 

සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5 ක ජයක් හිමි විය.

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙරළි


මහානාම විද්‍යාලය සහ සහිරා විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක මහානාම විද්‍යාලය යි. තරගය කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වුණි. 

පවන්ත වීරසිංහ රැස්කර ගත් ශතකය සහ පුල්ශාන් රොහාන් වාර්තා කළ අර්ධ ශතක ඉනිම නිසාවෙන් මහානාම විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 346 ක් වාර්තා කරගනිමින් ඉනිම අත්හිටුවන ලදි. එයට පිළිතුරු දුන් සහිරා විද්‍යාල පිතිකරුවන් අසාර්ථක වීම නිසා එහි වගකීම ද ඉටු කිරීමට වූයේ ඔවුන්ගේ පන්දු යවන්නටයි. 

එහිදී පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ ඉම්තියාස් ස්ලාසා සහ මහදි නමීස් සහිරා පළමු ඉනිම වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 64 ක් සහ ලකුණු 44* ක් වාර්තා කරගත්හ. සහිරා විද්‍යාල පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම නිසා සහිරා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 172 ක් රැස්කර ගන්නා ලදි. ලකුණු 174 ක පළමු ඉනිමේ වාසියක් සමඟින් පිටියට පිවිසි මහානාම විද්‍යාලය තරගය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස්කර ගෙන තිබිණි. 

මහානාම විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ දස්කම් දැක්වූ පවන් රත්නායක සහිරා පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. 

මහානාම විද්‍යාලය : 346/9d (89.1) පවන්ත වීරසිංහ 118, පුල්ශාන් රොහාන්  84, සදිශාන් චමෝද්‍ය 33, කුජන පෙරේරා 30, විනුක රූබසිංහ 25, අදීල් ඉස්ම්රි 2/22, මහදි නමීස් 2/44, ඉම්තියාස් ස්ලාසා 2/90. සහ 155/6 (38) විනුක රූබසිංහ  50*, දිලීෂ තුඩුවගේ 35, ඉම්තියාස් ස්ලාසා 4/66. 

සහිරා විද්‍යාලය : 172 (61) ඉම්තියාස් ස්ලාසා 64, රයිඩ් රිස්වාන් 45, මහදි නමීස් 44*, පවන්ත වීරසිංහ 5/40, අචින්ත සුපුන් 3/40, නිසල් ආකාශ් 2/38. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


මලියදේව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය 

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය වූ මෙම තරගය මලියදේව පිටියේ දී ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 355 ක් රැස්කර ගෙන ඉනිම අත්හිටුවන ලදි. එයට පිළිතුරු දුන් මලියදේව විද්‍යාලයට ඉසිපතන පළමු ඉනිම අභිබවා යාමට නොහැකි විය. 

එම ඉනිම දෙක තුළ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ නායක ලෙශාන් අමරසිංහ ලකුණු 159 ක් රැස්කර ගැනීමට සමත් වන විට සවිඳු උත්සර ලකුණු 90 ක් වාර්තා කරගත්තේය. ඊට අමතරව ඉසිපතන දෙවන ඉනිම පිතිකරණයෙන් වර්ණවත් කළ රවිඳු රත්නායක නොදැවී ලකුණු 100* ක් රැස්කර ගෙන සිය දස්කම් මුවහත් කරගත්තේය. ලිසුර වීනාත් ලකුණු 55 යි. 

ඉසිපතන විද්‍යාලය : 355/9d (87.4) ලෙශාන් අමරසිංහ 159, සවිඳු උත්සර 90, තිවංක කත්‍රිආරච්චි 33, තෙවිඳු දික්වැල්ල 21, මතීෂ වීරසිංහ 3/67, තිමිර චන්ද්‍රසේන 2/46, හසිඳු රුවන්පුර 2/54. සහ 211/6 (45) රවිඳු රත්නායක 100*, ලිසුර වීනාත් 55, නිඛිල ධර්මදාස 3/74, චලුක අතපත්තු 2/12.

මලියදේව විද්‍යාලය – 116 (55.5) චලුක අතපත්තු 39, සවිඳු උත්සර 3/17, තෙවිඳු දික්වැල්ල 3/22. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී පැවැත්වෙන මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

සදීෂ ජයවර්ධන සහ හිරාන් ජයසුන්දර රැස්කර ගත් අර්ධ ශතක සවියක් කරගනිමින් සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 197 ක් වාර්තා කරගත්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කලන සංදීප එම ඉනිම සුන් කරමින් ලකුණු 43 කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් විය. 

එයට පිළිතුරු දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දුනිත් ජයතුංග ලකුණු 62 ක් රැස්කර ගනිමින් ලකුණු 237 ක් වූ සාන්ත සෙබස්තියන් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ සෑම පිතිකරුවෙකුම පාහේ ලකුණු අතරට පිවිසීම නිසා මෙම තරගයේ පළමු ඉනිම පහසුවෙන්ම ජයගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හැකි විය. 

සාන්ත ජෝසප් විද්‍යාලය : 197 (70.5) සදීෂ ජයවර්ධන 81, හිරාන් ජයසුන්දර 52, කලන සංදීප 8/43. සහ 175/4 (43) ශෙරන් ෆොන්සේකා 85*, ජොහෑන් ද සිල්වා  44, නදීර ප්‍රනාන්දු 2/33, කලන සංදීප 2/73.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 237 (82.1) දුනිත් ජයතුංග 62, ශශික පෙරේරා 36, සුකිත ප්‍රසන්න 32, යෂාන් කවිෂ්ක 30, ලහිරු අමරසේකර 3/35, මිහිරංග වික්‍රමසේකර 3/62, සාලින්ද සෙනෙවිරත්න 2/53. 


ගුරුකුල විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  

ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් නිමාවූ මෙම තරගය C කාණ්ඩයේ තරගයකි. කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ තර්ස්ටන් විද්‍යාලයේ ඇරයුමින් පළමුව ලකුණු රැස්කළ ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 199 ක් වාර්තා කරගත්හ. එහිදී ප්‍රවීන් නිමේෂ් අර්ධ ශතකයක් රැස්කර ගැනීමට සමත් විය. 

යොහාන් ලියනගේ පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. ගුරුකුල දෙවන ඉනිමේ අඩපන කළ පුන්තිල සමන්කුමාර එම ඉනිමේ කඩුලු 8 ද සමඟින් තරගයේ දී කඩුලු 11ක් දවා ගත්තේ මෙවර තරග වාරය තුළ දවා ගත් තවත් කඩුලු 10 අවස්ථාවක් සාර්ථක කරගෙනයි. 

ගුරුකුල විද්‍යාලය : 199 (53) ප්‍රවීන් නිමේෂ් 52, කෙමිර නයනතරු  47, රශ්මික මෙවන් 39, යොහාන් ලියනගේ 4/79, පුන්තිල සමන්කුමාර 3/36, හිරුජිත් රසාංජන 2/30. සහ 203/8d (65) සිතිජ චමෝද් 67*, ලික්ශාන් සසංග 27, රශ්මික මෙවන් 25, පුන්තිල සමන්තකුමාර 8/72. 

තර්ස්ටන් විද්‍යාලය : 178 (49.3) සනුත් නන්දිනු 40, රනේෂ් සිල්වා 25, බවන්ත ජයසිංහ 24, ජනිත් ෂෙහාන් 2/19, තුෂාර මධුශාන් 2/36, රිෂිත සංකල්ප 2/42. සහ 109/3 (18) යොහාන් ලියනගේ 46*, අවිශ්ක කෞශල්‍ය 20. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

Video – පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කළ කාර්ය බහුල සතියක නිමාවක් ? – ක්‍රිකට් වටරවුම

මෙවර පාසල් තරග වාරයේ දී ලොහාන් අරෝෂණ ද සිල්වා වාර්තා පොත් අලුත්


පළමු දිනයට පැවති තරග 

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය : 130 (38.4) කවිඳු දිල්හාර 75*, අමිත දාබරේ 4/44, සනිරු දිසානායක 3/22, ශෂික චන්දිර 2/21. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 168/7 (50.1) අමිත දාබරේ 75, මනීන්ද්‍ර ජයතිලක 28*, මුදිත ලක්ෂාන් 28, නිදුක මල්සිත් 2/24, සඳුන් මදුසංක 2/32.


කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

ද මැසනොඩ් විද්‍යාල පිටියේ දී පැවැත්වෙන මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. 

ද මැසනොඩ් විද්‍යාලය : 92 (27.2) සහන් කෝසල 20, කනිෂ්ක මධුවන්ත 6/27, ට්‍රිශේන් වික්‍රමසිංහ 3/17. 

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 213/7 (65) බානුක ද සිල්වා 51, ශෙනාල් බොතේජු 50, නිපුනක ෆොන්සේකා  28, විනුද ලියනගේ 26, සෙනාෂ් ප්‍රනාන්දු 3/51, රුවින් ෆොන්සේකා 2/26. 

අද දින ආරම්භ වූ තරග හෙට (08) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<