හය වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය ඊයේ (16) නිමාවට පත් වුනා.
ශූරතාවලියේ පළමු දිනය තුළ ශ්‍රී ලංකාව රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත පදක්කම් ප්‍රමාණය තුනක් බවට පත් කරමින් තවත් රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
පිරිමි මීටර් 1500 ඉසව්වට සහභාගී වූ ළහිරු අචින්ත විසින් මිනිත්තු 3.59.47ක තරග නිමි කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, කාන්තා මීටර් 100 අවසන් මහා තරගයට සහභාගී වූ සෙව්මිණී ප්‍රනාන්දු විසින් තත්පර 11.92ක කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පත් වෙමින් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
මේ අතර ඊයේ දිනය තුළ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම අවසන් මහා තරගවලට සහභාගී වුනත්, ඔවුන්ගේ පදක්කම් බලාපොරොත්තු බොඳ වී ගියා.
මේ අතරින් පිරිමි මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලද ඉරේශ් බෝගොඩ හත් වැනි ස්ථානයට පත් වූ අතර, පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත් ඉමේශ් සිල්වා අට වැනි ස්ථානයට පත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මීට අමතරව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම ඊයේ තම ඉසව්වල මූලික වටයේ තරගවලට සහභාගී වෙමින්, අවසන් මහා තරග වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමත් විශේෂත්වයක්.
පිරිමි උස පැනීම ඉසව්වේ මූලික වටය ඊයේ ක්‍රියාත්මක වූ අතර, එහි පළමු මූලික වටයේ තරගයට සහභාගී වූ දිනුක ඩිල්ශාන් හය වැනි ස්ථානයට පත් වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ පවන් සම්පත් ද එහි පළමු ස්ථානය අය ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.
මීට අමතරව පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ පළමු මූලික වටයේ තරගයට සහභාගී වූ සවිඳු නිමේශ් එහි දෙවැනි ස්ථානය ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා අතරේ, කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ සන්සලා හිමාශිනී එහි පළමු ස්ථානය ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.
මීට අමතරව කාන්තා මීටර් 2000 බාධක දිවීම ඉසව්ව නියෝජනය කළ සචිනි මදුශානිකා මිනිත්තු 7.23.46කින් තරගය නිම කරමින් සිව්වැනි ස්ථානයට වුනා.
මේ අතර අද (17) දිනයේ ද ශ්‍රී ලාංකික ක්‍රීඩක/ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම ඉසව් සඳහා සහභාගී වීමට සූදානමින් පසු වනවා. ඔවුන්ගේ තරග දක්ෂතා ද ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>