පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ ඉදිරියට

105

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සම්ප්‍රදායික තරග දෙකක් හා B කාණ්ඩයේ තරගයක් අද (3) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ විය.

අද දිනයේ ක්‍රියාත්මක වූ තරගවල පළමු දිනය අවසානයේ රිච්මන්ඩ්, සාන්ත ආනා හා සාන්ත පීතර විද්‍යාල පෙරමුණේ සිටියි. 

19න් පහළ කණ්ඩායමත් වෙළඳසේවා ක්‍රිකට්වලට

27 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා සිංගර්……………

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

තර්ස්ටන් පිටියේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයීය වැඩ බලන නායක දිලුම් සුධීර පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර තර්ස්ටන් පිතිකරුවන් රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව  සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 105ක් පමණි. 

සුධීර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කර දමන විට ඔවුන්ගේ ඉනිම තරගයක් දිය හැකි මට්ටමක් දක්වා රැගෙන ගිය රනේෂ් සිල්වා ලකුණු 32කට දැවී යන ලදි. ඔහුගේ ඉනිමට 4 පහර 3ක් අන්තර්ගත විය.

තර්ස්ටන් පළමු ඉනිමට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි සංචාරක රිච්මන්ඩ් පිතිකරුවන් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටියේය. චමත් දිල්සර ලකුණු 43*යි.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 105 (38.4): රනේෂ් සිල්වා 32, දිලුම් සුධීර 6/29.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 65/3 (19): චමත් දිල්සර 43*.

Photos : Dharmapala College vs Mahinda College | U19 Cricket Tournament 2019/20

ThePapare.com | Viraj Kothalawala |03/10/2019 Editing and re-using images without………..

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය 

සවස් කාලයේ වර්ෂාව නිසා පැය කිහිපයක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මේ B කාණ්ඩයේ තරගය ධර්මරාජ විදුහල් පිටියේ දී ආරම්භ විය. පළමු දිනය සඳහා තරගය නවතා දමන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ධර්මරාජ විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටින ලදි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර කණ්ඩායම ධර්මරාජ තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එම තීරණය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළ ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 226ක් ලබාගෙන සිය ඉනිම නිමා කරන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කනිෂ්ක මදුවන්ත ලකුණු 40ක් ලබාගන්නා ලදි. 

ඊට අමතරව සාන්ත පීතර පළමු ඉනිම සවිමත් කළ සිසික සන්තුෂ් හා වනුජ කුමාර පිළිවෙළින් ලකුණු 35ක් හා ලකුණු 29ක් වාර්තා කරගත්තේය. දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක සහන් සිරිවර්ධන ලකුණු 63කට කඩුලු 5ක් දවා ගනිමින් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 226 (60.2): කනිෂ්ක මදුවන්ත 40, සිසික සන්තුෂ් 35, වනුජ කුමාර 29, රුවින් සෙනෙවිරත්න 27, සහන් සිරිවර්ධන 5/63, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/77.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 36/1 (11.5): දිනුක පතිරාජ 23

මලියදේව හා ඉසිපතනය අවි මුවහත් කරගනියි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට්……………

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා නායක ලසිත් වර්ණකුලසූරිය කටුනේරිය තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කළේය. කෙසේ නමුත් සවස් කාලයේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වය නිසා දිනයේ නියමිත පන්දුවාර 90ම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ආනා විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලබාගෙන සිටියේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 114ක් පසුපසින් සිටිමිනි. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම සවිමත් කළ දකුණතින්  පිතිකරණයේ නිරත වන නායක නවීන් ප්‍රනාන්දු ලකුණු 52ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී මනාන් මුසම්මිල් ලකුණු 36කට කඩුලු 5ක් දවා ගෙන සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් දස්කම් දක්වන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 176 (52.2): නවීන් ප්‍රනාන්දු 52, තිලින පෙරේරා 46, කෙමිඳු වීරවංශ 23, සහන් පෙරේරා 20, මනාන් මුසම්මිල්  5/36, පසිඳු තෙන්නකෝන් 4/50

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  62/2 (18): කළිඳු රණසිංහ 25*

මෙම තරග දෙක හෙට (4) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වන අතර, ඊට අමතරව තවත් තරග තුනක් පහත පරිදි හෙට (4) ආරම්භ වීමට නියමිතයි.

  • කොළඹ වෙස්ලි විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය – සාන්ත අන්තෝනි ක්‍රීඩා පිටිය 
  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය – වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩා පිටිය
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය – සාන්ත තෝමස් ක්‍රීඩා පිටිය

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<