ධනංජය සහ රාජේන්ද්‍රන්ගෙන් තුන් ඉරියව් දක්ෂතා

75

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සම්ප්‍රදායික තරග කිහිපයක් අද (2) ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී අවසන් විය.

නිර්මාල් තුන් ඉරියව් දස්කම් දක්වද්දී, කරුණාරත්නගෙන් ශතකයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය 

අයහපත් කාලගුණික තත්වය නිසා දෙවන දිනයේ වැඩි වේලාවක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ මෙම තරගය ධර්මපාල විදුහල් තණතීරුව මත නිමාවට පත්විය.

පළමු දිනය වූ ඊයේ (1) දිනය අවසන් වන විට සංචාරක මහින්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 138ක් රැස්කර ගත්තේ කෞෂිත කොඩිතුවක්කු ලබා ගත් අගනා ලකුණු 42 ද සහයක් කරගෙනයි. 

ඊට අමතරව අද දිනයේ දී සුභානු රාජපක්ෂ ලකුණු 35ක් ලබා ගනිමින් මහින්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 203ක් දක්වා රැගෙන ගියේය. පන්දු යැවීමේ දී ලක්ෂිත පූරසිංහ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මපාල විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 58ක් වාර්තා කරගෙන තිබුණි. දිනෙත් නෙලුම්දෙණිය ලකුණු 25*යි. 

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 203 (83.5): කෞෂිත කොඩිතුවක්කු 42, සුභානු රාජපක්ෂ 35, ඔසිඳු කාවින්ද්‍යා 26, ලක්ෂිත පූරසිංහ 5/38.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 58/3 (28): දිනෙත් නෙලුම්දෙණිය 25*.

මාලිංග එංගලන්තයට

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග එංගලන්තයේ…

මොරටු මහා විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

මොරටු විදුහල් ක්‍රිකට් පිටියේ දී නිමා වූ  මේ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අතර දිනයේ පළමු කාර්තුව තුල ඔවුන්ගේ ඉනිම අවසන් කිරීමට විශ්ව දිදුලන හා එරන් හංසමාල් ඇතුළු මොරටු විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. 

කෙසේ නමුත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලබා ගත් ලකුණු 89න් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා කර ගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පන්දු 86ක් තුල 4 පහර හා 6 පහර 3ක් එල්ල කරගනිමින් ලකුණු 54ක් වාර්තා කරගත්තේය. 

Photos: Moratu Maha Vidyalaya vs St. Joseph Vaz College | U19 Cricket Tournament 2019/20

ලකුණු 23ක පළමු ඉනිමේ වාසියක් සමඟ සිය දෙවන ඉනිම දියත් කළ මොරටු මහා විද්‍යාල ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූ නමුත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. නිරාජ් කවිෂ්ක  මොරටු විද්‍යාල දෙවන ඉනිම ලකුණු 49කින් අලංකාරවත් කරන ලදි. 

පන්දු යැවීමේ දී සිය  තුන් ඉරියව් දක්ෂතා පෙන්නුම් කළ ධනංජය දෙවන ඉනිමේ කඩුලු 5ක් ඇතුළුව තරගයේ කඩුලු 7ක් දවා ගත්තේ ලබාගත් අර්ධ ශතකයට අමතරවයි.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 112 (52): ඩිල්ශාන් දිලක්ෂණ 22, සුකිත දෙව්තිලින 21, ප්‍රමුදිත ප්‍රනාන්දු 4/11, නිපුන් ධනංජය 2/22.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 89 (38): නිපුන් ධනංජය 54, විශ්ව දිදුලන 6/46, එරන් හංසමාල් 3/24.

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම – 136/9d (64.5): නිරාජ් කවිෂ්ක 49, නිපුන් ධනංජය 5/26, තරුෂ ප්‍රනාන්දු 2/40

2019 නැගී එන ආසියානු කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට්…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා සහිරා විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාල නායක මොහොමඩ් ශමාස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ මෙම තරගය දෙපිලටම ජය ගැනීමට හැකි තත්වයක් නිර්මාණය කරමින් තියුණු මුහුණුවරක් ගත් නමුත් අයහපත් ආලෝක තත්වය නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අශාන් ද අල්විස් ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්නන් සහිරා විද්‍යාල පළමු ඉනිම ලකුණු 76කට සීමා කරමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  ඉමිතියාස් ස්ලාසා ලකුණු 25ක් ලබා ගන්නා ලදි. 

එයට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කරගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. ඒ සඳහා කඩුලු රකින ආරම්භක පිතිකරුවෙක් වන ශෙරන් ෆොන්සේකා ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 72ක් වාර්තා කරගෙනයි. 

ලකුණු 73ක පළමු ඉනිමේ අවාසියක් සමඟ පිටියට පැමිණි සහිරා විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට අරවින්ත් රාජේන්ද්‍රන් ලබා ගත් ලකුණු 83ට හැකියාව ලැබුණි. වමතින් පා දඟපන්දු  යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 5ක් දවා ගනිමින් සහිරා දෙවන ඉනිම ලකුණු 158කට සීමා කිරීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා පැයක පමණ කාලයක් තුල සිය ජයග්‍රහණය සඳහා ලකුණු 86ක ඉලක්කයක් හඹා යාමට නියමිතව තිබූ නමුත් ඔවුන්ගේ ඉදිරිපෙළ කඩුලු කිහිපයක් ඉතාමත් ඉක්මනින්ම බිඳවැටීම හා අයහපත් ආලෝක තත්වය නිසා ප්‍රතිඵලයක් ආසන්නයට පැමිණි තරගය ජය පරාජයෙන් තොරව නිමාව දිටීය. 

සහිරා විද්‍යාල පළමු ඉනිම – 76 (28.3): ඉමිතියාස් ස්ලාසා 25, නුරාඩ් නසීර් 20, අශාන් ද අල්විස් 3/14, ශාලින්ද සෙනෙවිරත්න 2/04, දුනිත් වෙල්ලාලගේ 2/13, ලක්ෂාන් ගමගේ 2/20.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 149/9d (54.3): ශෙරන් ෆොන්සේකා 72, ජොහෑන් ද සිල්වා 20, මොහොමඩ් මාති 3/16, ඉමිතියාස් ස්ලාසා 3/40, අරවින්ත් රාජේන්ද්‍රන් 2/19.

සහිරා විද්‍යාල දෙවන ඉනිම – 158 (55.2): අරවින්ත් රාජේන්ද්‍රන් 83, මොහොමඩ් ශමාස් 23, දුනිත් වෙල්ලාලගේ 5/54, මිරංග වික්‍රමගේ 4/29.

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 44/6 (15): මොහොමඩ් යූසුෆ් 3/21, මොහොමඩ් මාධි 2/07.

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් පහත පරිදි හෙට (3) ආරම්භ වීමට නියමිතයි.

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩා පිටිය 
  • මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – කටුනේරිය
  • සාන්ත පීතර විද්‍යාලය  හා ධර්මරාජ විද්‍යාලය – ධර්මරාජ විද්‍යාල පිටිය

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<