තවීෂ, දිලුම් හා විනුජ රිච්මන්ඩ් විද්‍යාලයට සවියක් වෙයි

256

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩා රටාව තුල පැවැත්වෙන තරගකාරීම තරග අංශය වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග කිහිපයක් අද (2) පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය.

එසේම නිමාව දුටු තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් වූයේ වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ පරාජයක් උරුම කරදෙමිනි.

ආනන්ද – ත්‍රිත්ව සටන උණුසුම් වන ලකුණු

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (1) පළමු…

වෙස්ලි විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

දෙවනුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් විද්‍යාල පිතිකරුවන්ගේ දක්ෂ හඹා යාම නිසා මේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය  සමත් විය.

Photo Album : Richmond College, Galle vs Wesley College, Colombo | Singer U19 Cricket Tournament 2018/19

D කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් වූ වෙස්ලි විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 309ක් වැනි ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට රිච්මන්ඩ් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයේ පළමු දිනය ඊයේ (1) නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 29ක් ලබාගෙන සිටියේ වෙස්ලි  විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 280ක් පසුපසින් සිටිමිනි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තවීෂ අභිෂේක් නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් ලබාගත් ලකුණු 123ක් හා විනුජ කිරිඇල්ල ලබාගත් සටන්කාමී ලකුණු 95 රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට අවශ්‍ය මූලික මඟ සකසාලන ලදි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තවත් රිච්මන්ඩ් ක්‍රීඩකයෙක් වන දිලුම් සුධීර සිය තුන් ඉරියව් දක්ෂතා දක්වමින් ලකුණු 55ක් රැස් කරගත්තේය.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 309 (82.3): කාවින්දන පෙරේරා 115, මොවින් සුබසිංහ 59, ශෙනාල් දංගල්ල 35, තිසුරක අක්මීමන 29, දිලුම් සුධීර 5/106, අම්ෂි ද සිල්වා 2/57.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 341/4 (106.1): තවීෂ අභිෂේක් 123, විනුජ කිරිඇල්ල 95, දිලුම් සුධීර 55, ආධිත්‍ය සිරිවර්ධන 41.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

ධර්මරාජ විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය

ධර්මරාජ විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් ධර්මරාජ විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 171ක් ලබාගත්තේය.

යසිත සමරරත්න හා කසුන් ගුණවර්ධන පිළිවෙළින් ලකුණු 44*ක් හා ලකුණු 37ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ හැකි රවීන් ද සිල්වා කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විද්‍යාලය එක් කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටියේ ධර්මරාජ විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 60ක් පසුපසින් සිටිමිනි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 171 (60.5): යසිත සමරරත්න 44*, කසුන් ගුණවර්ධන 37, ඉසුරු දයානන්ද 28, රවීන් ද සිල්වා 4/34, මහීම වීරකෝන් 3/08, චමිඳු විජේසිංහ 2/41.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 111/4 (32): රවීන් ද සිල්වා  41*, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/32.

>>ලිපියේ පළමු කොටස<<

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

සුහද කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ නායක කවිඳු මදරසිංහ ඇතුළු රාජකීය විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ හමුවේ ක්‍රියාත්මක වූ හා සාර්ථක වූ සාන්ත පීතර විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම ලකුණු 329ක් රැස්කර ගත් අතර අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

සත්කාරක සාන්ත පීතර  විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන නායක රන්මිත් ජයසේන ලබාගත් වටිනා ලකුණු 116ක් රැස්කරගෙන මෙවර තරගවාරය තුල සපුරා ගත් දෙවන ශතකය සම්පූර්ණ කරගත්තේය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 7කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය.

Photos: St.Peter’s College v Royal College | Singer U19 Cricket Tournament 2018/19

ඊට අමතරව මැදපෙළ පිතිකරුවෙක් වන ශිවාන් පෙරේරා හා  දිනිත් අංජුල සාන්ත පීතර විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව සලසා දුන්නේය. සන්තුෂ් ගුණතිලක ලකුණු 46ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින රාජකීය විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 22ක් ලබාගෙන තිබුණි.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 329/6d (83.2): රන්මිත් ජයසේන 116, ශිවාන් පෙරේරා 70, දිනිත් අංජුල 50, සන්තුෂ් ගුණතිලක 46, කවිඳු පතිරත්න 2/51.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 22/0 (9):

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම C  කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 231ක් රැස්කර ගත්තේය.

සාන්ත සර්වේසස් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන පුෂ්පිත ඩිල්ෂාන් හා රිසිර ලක්වින් ලබාගත් වටිනා අර්ධ ශතක නිසාවෙන් සාන්ත සර්වේසස් විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව උදා විය.

>>Photos: St. Joseph Vaz College U19 Cricket Team 2018/19<<

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ධනුක පීරිස් කඩුලු 5ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 81ක් ලබාගෙන තිබුණි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් දනංජය  ලකුණු 42*යි.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 231 (62.2): පුෂ්පිත ඩිල්ෂාන් 69, රිසිර ලක්වින් 55, ධනුක පීරිස් 5/42, නිපුන් දනංජය 2/59.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 81/4 (32): නිපුන් දනංජය 42*.

එළඹෙන ලෝක කුසලානය පිළිබඳ අර්ජුනගේ අනාවැකිය

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් නායකයෙකු ලෙස සැලකෙන ලෝක කුසලානය දිනූ අර්ජුන රණතුංග පසුගිය සිකුරාදා AFP වෙබ් අඩවිය හමුවේ අනාවැකියක් පල කර තිබුණා. ඒ අනාවැකිය…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය ඉතාමත් අසීරු අඩියක පසුවිය.

එහි දී පළමුව පන්දුවට පහර දුන් වමතින් පිතිකරණයේ නිරත වන ශලින් ඩි මෙල් සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිම ශතකයකින් වර්ණවත් කළේ නොදැවී ලකුණු 151*ක් ලබා ගෙනයි. ඊට අමතරව ඔහුට සහාය වූ මනීෂ රූපසිංහ හා නායක සිතර හපුහින්න අර්ධ ශතක ඉනිම් දියත් කරමින් සිය පිතිකරණ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළේය. අවසානයේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 395 සීමාවේ දී අත්හිටුවා දැමීමට තීරණය කරන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 55ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක සිටියේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 340ක් පසුපසින් සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 395/5d (64.3): ශලින් ඩි මෙල් 151*, මනීෂ රූපසිංහ 82, සිතර හපුහින්න 53, කලන පෙරේරා 39, රවිඳු  ද සිල්වා 35, පවන්ත වීරසිංහ 2/84.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 55/7 (30): කලන පෙරේරා 4/26.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (3) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වන අතර, කොළඹ රාජකීය විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය හෙටත් උදෑසන 9.30 සිට සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<