තර්ස්ටන් විද්‍යාලය හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

295

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (24) දිනයේ ක්‍රියාත්මක විය. 

මුදිත ලක්ෂාන් දෙවැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ක්‍රිකට්……

දෙවන දිනයට පැවති තරග 

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර සුහද තරගය 

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී ඊයේ (23) දින ආරම්භ වූ මෙම තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය. 

අද දිනයට තරගය ආරම්භ කරන විට තර්ස්ටන් ක්‍රීඩකයෝ ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 172 ක් රැස්කර ගෙන සිටි නමුත් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 197 කට සීමා විය. එම ඉනිමේ දී ජයවිහාන් මහවිතාන ලකුණු 85 ක් රැස්කර ගන්නා විට රනේෂ් සිල්වා ලකුණු 49 ක් රැස්කර ගන්නා ලදි. ලකුණු 90 ක පළමු ඉනිමේ අවාසියක් සමඟින් පිටියට පැමිණි සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉනිම තුළ සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 156 ක් පමණි. අවසානයේ තර්ස්ටන් විද්‍යාලය ඔවුන්ට හිමි වූ ලකුණු 67 ක ජයග්‍රාහී ඉලක්කය පන්දු 92 ක් තුළ සපුරාගත්තේ ලකුණු සමකොට හයේ පහරක් එල්ල කරමිනි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 107 (47.3) සචින්ත රණසිංහ 30, වෝෂිත අමරසිංහ 35, යොහාන් ලියනගේ 5/17, ප්‍රසන්න පුෂ්පකුමාර 3/22, පුන්තිල සමන්ත 2/24. සහ 156 (63) හරිඳු ජයසේකර 52, නිපුන් රුචිර 39, නිම්න්තක භාෂණ 27, පුන්තිල සමන්ත 5/51, යොහාන් ලියනගේ 3/35. 

තර්ස්ටන් විද්‍යාලය : 197 (53.3) ජයවිහාන් මහවිතාන 85, රනේෂ් සිල්වා 49, තිනෙත් සිතාර 5/61, හිරන්ත ලක්ෂාන් 3/36. සහ 72/1 (15.2) යොහාන් ලියනගේ 38*, ජයවිහාන් මහවිතාන 23. 

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 9 ක ජයක් හිමි විය. 


කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර සුහද තරගය

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඉසිපතන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස්කර ගත්හ. අනතුරුව සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය, පවන් රත්නායක රැස්කර ගත් ශතකය සවියක් කර ගනිමින් ලකුණු 291 ක් වෙත පා තබන ලද්දේ පළමු ඉනිමේ ජය තහවුරු කරගෙනයි. රත්නායක රැස්කර ගත් ලකුණු 116 ට අමතරව, පුල්ශාන් රොහාන් ලකුණු 50 ක් රැස්කර ගන්නා ලදි. 

තරගය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 65 ක් වාර්තා කරගෙන සිටි අතර BRC පිටියේ දී පැවති මෙම මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ඉසිපතන විද්‍යාලය : 218 (80.4) ලෙශාන් අමරසිංහ 53, මංදීප ගුණසේකර 36, දිනත් දිසානායක 35, සවිඳු උත්සර 27, ලිසුර වීනත් 21, අචින්ත සුපුන් 4/71, ඔශේන් ගමගේ 2/44, සදිශාන් චමෝද්‍ය 2/22. සහ 65/4 (26) ලෙශාන් අමරසිංහ 36, ඔශේන් ගමගේ 2/05. 

මහානාම විද්‍යාලය : 291 (87.4) පවන් රත්නායක 116, පුල්ශාන් රොහාන් 50, පවන්ත වීරසිංහ 33, විනුක රූබසිංහ 26, සිතුක ගුණවර්ධන 3/66, යසිරු කස්තුරිආරච්චි 3/67, සවිඳු උත්සර 3/74. 


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරගය (Group C) 

කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සමත් විය. 

අද දිනයේ දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට කසුන් එදිරිතිලක ඇතුළු ඔවුන්ගේ පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙනුනි. එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම ලකුණු 71 කට සීමා විය. ඒ නිසාවෙන් නැවත වතාවක් ඔවුන්ගේ දෙවන ඉනිම දියත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල ක්‍රීඩකයෝ තීරණය කළහ. 

තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 3 ක් දැවී ලකුණු 153 ක් රැස්කර ගෙන සිටියහ. එහිදී ඉනිමේ අඩිතාලම සකස් කරමින් දක්ෂ පිතිකරණයක නිරත වූ අවිශ්ක තරිඳු නොදැවී ලකුණු 63* ක් රැස්කර ගන්නා ලදි. තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් එදිරිතිලක කඩුලු 7 ක් දවා ගැනීමට සමත් විය. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 202 (105.5) සශික බස්නායක 27*, මලිත් ලක්ෂාන් 26, රොමේෂ් සුරංග 5/66, කවීෂ දුලාංජන 4/68. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 71 (32.2) ගිහාන් සත්මික 34, කසුන් එදිරිතිලක 4/25, ශෂික බස්නායක 2/13, හෂාන් රත්නායක 2/18. සහ (F/O) 153/3 (54) අවිශ්ක තරිඳු 63*, දිනුක් විශාල් 45, කසුන් එදිරිතිලක 3/43. 

Video – පුත්තලමේ පාසල් ක්‍රිකට් අභිමානය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20…..

පළමු දිනයට පැවති තරග

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගය (Group D) 

සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 254 (51.2) නිෂිත අභිලාෂ් 58, දුනිත් ජයතුංග 58, ඉඳුවර ද අල්විස් 50, සංදේශ් ප්‍රනාන්දු 28, ඉම්තියාස් ස්ලාසා 4/70, ඉෂාන් රූහයිම් 3/52, මහදි නමීස් 2/32. 

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 130/4 (41) ඉම්තියාස් ස්ලාසා 59*, රාහිඩ් රිස්වාන් 26, සුපුන් ප්‍රනාන්දු 2/18. 


සාන්ත බෙනඩික් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය (Group A) 

සාන්ත බෙනඩික් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත බෙනඩික් විද්‍යාලය : 281/8d (71.4) ශෙහාන් ප්‍රනාන්දු 130*, යොහාන් සොයිසා 87, නිදුක මල්ශිත් 5/48, මිතුල් නිසාක 2/06. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 34/1 (21) 

Photos: St. Benedict’s College, Kotahena vs St. Aloysius’ College, Galle | Singer U19 Division 1 Cricket Tournament 2019/2020


වෙස්ලි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය (Group D) 

වෙස්ලි විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ත්‍රිත්ව විද්‍යාලය : 162 (53.5) රනුද සෝමරත්න 66, දීමන්ත බණ්ඩාර 29, දෙනුවන් මෙන්ඩිස් 5/36, අනුදිත් වික්‍රමසිංහ 2/31. 

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 110/2 (41) නිත්මික ඉඳුවර 33*, සාහිල් ඩයස් 29. 

රිච්මන්ඩ් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර තරගය (Group D) 

ආනන්ද විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය : 401/7d (81.4) දිමුත් සඳරුවන් 174, භානුක මනෝහර 92, සඳුන් මෙන්ඩිස් 38, කවිඳු නිර්මාණ 25, ඉසුරු අයෙෂ් 4/79. 

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 19/0 (6)


සාන්ත පීතර විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (Group B) 

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 294/4 (98) නිපුනක ෆොන්සේකා 93*, කනිෂ්ක මධුවන්ත 71*, නිමුත් ගුණවර්ධන 60, ලොහාන් අරෝෂණ 2/66. 


සාන්ත ආනා විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය (Group D) 

සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත ආනා විද්‍යාලය : 197 (73) කවිඳු රණසිංහ 60, දිල්හාර දේශබන්ධු 30, එරන් හංසමාල් 3/47, චමල්ක පුෂ්කුමාර 2/10, රෂාන් කවිෂ්ක 2/38. 

මොරටු මහා විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) : 52/4 (22) 

Video – අවසන් මහා තරගය කණපිට හැරවූ වනිඳු හසරංගගේ සුපිරි ඉනිම

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන්…..

ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය (Group B) 

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ධර්මරාජ විද්‍යාලය : 85 (36.2) චේතිය ඒකනායක 28, ප්‍රවීන් රාමයියා 3/13, සසිත් හිරුදික 3/35. 

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 180/7 (56) අසිත වන්නිනායක 58, සචින් ප්‍රභාත් 25, දුලාජ් බණ්ඩාර 2/16, සහන් සිරිවර්ධන 2/42. 


සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර සුහද තරගය

සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 340/8d (88) ශලින් ද මෙල් 76, තෙවින් ඊරියගම 70, මනීෂ රූපසිංහ 59, ශාමික වික්‍රමතිලක 38*, කිෂාන් මුණසිංහ 38, දුනිත් වෙල්ලාලගේ 4/110. 

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 29/1 (7) 

පළමු දිනය වෙනුවෙන් පැවති තරග සියල්ලම හෙට (25) දින දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<