බාස්කරන් සහ සිනෙත්ගෙන් වැඩි දක්ෂතා

93

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ නිමා දිනයේ (22) වැඩි දක්ෂතා දැක්වීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ටිරෝන් බාස්කරන් සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ සිනෙත් සිතාර සමත් වූහ.

මහේල – සංගා කුසලානය නැවතත් මහනුවරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ……

ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (Group D)

D කාණ්ඩය නියෝජනය කරමින් පැවති කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයේ දී කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ, හැව්ලොක් පෙදෙස බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී දෙවැනි දිනය ආරම්භ වූයේ සත්කාරක ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් බේරීමට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදු වෙමිනි. ලකුණු 111ක් පිටුපසින් සිටි එම ඉනිම ඔවුන් අභිබවා ගියේ ලකුණු 135ක් ලබා ගනිමිනි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 24ක් අවැසි වූ සංචාරක ක්‍රීඩකයෝ එම ලකුණු ප්‍රමාණය කඩුල්ලක් පමණක් දැවී ලබා ගත්හ. 

මෙම තරගයේ දී සංචාරක කණ්ඩායම වෙනුවෙන් නිපුන් සමරසිංහ අර්ධ ශතයක් ලබා ගනිමින් කැපී පෙණුන පිතිකරු වූ අතර පන්දු යැවීමේ දී සිනෙත් සිතාර තරගයේ දී ලකුණු 84කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සචිත් රශ්මික ලුම්බිණි පළමු ඉනිමේ දී කඩුලු 5ක් දවා ගනිමින් ද, සතිර තීක්ෂණ දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූහ. 

ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් යසිරු යුගත් සහ තශික නිර්මාල් දක්ෂතා දැක්වූහ.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (66.4) නිපුන් සමරසිංහ 73,  සංචිත රණසිංහ 37, හිරන්ත ලක්ෂාන් 31, හරිඳු ජයසේකර 26, යසිරු යුගත් 5/86, තශික නිර්මාල් 4/47

ලුමිබ්ණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 95 (32.5) රවිඳු රසංක 22, සචිත් රශ්මික 5/19, සිනෙත් සිතාර 3/11

ලුම්බිණි විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 135 (39) සහන් කෞශල්‍ය 29, තශික නිර්මාල් 26, ශවිඳ ප්‍රභාශන 22, සිනෙත් සිතාර 5/73, සතිර තීක්ෂණ 3/16

සාන්ත තෝමස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 26 (4.2)

සිම්බාබ්වේ ඉනිම අභිබවා යමින් ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්

වසර 12ක පමණ තම දීර්ඝ ක්‍රීඩා දිවිය තුල වාර්තා කරගත් මංගල ටෙස්ට් ද්විත්ව……


මීගමුව මාරිස් ස්ටෙල්ලා සහ ද කඳාන මැසිනෝද් (Group A)

මීගමුව – කදිරාන ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වෙන විට දෙපිලේ ම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම් අවසන් කර සිටියහ. 

කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 112ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් ද මැසිනෝද් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 174ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී තිළිණ පෙරේරා කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

ලකුණු 62ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබා සිටියහ. 

තරගය දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (26) නවීන් ප්‍රනාන්දු 27, පසිඳු පෙරේරා 20, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 5/27, අසිත සිල්වා 3/19, සිහින සිතුමිණ 2/35

ද මැසිනෝද් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 174 (51) නිම්න ප්‍රනාන්දු 54, ලෙස්ටර් ජයවීර 23, මිතුල් සෙනාරත්න 21, තිළිණ පෙරේරා 5/56, අශේන් ප්‍රනාන්දු 3/53, සවීන් ප්‍රනාන්දු 2/26

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 49 (14) නවීන් ප්‍රනාන්දු නොදැවී 29

සිංහ පැටවුන් අත තිබූ ජය කිවියන් අවසන් මොහොතේ ඩැහැ ගනියි!

ක්‍රිකට් ක්‍රීඩාව තුල සැඟව ඇති අවිනිශ්චිතතාවය යළිත් වරක් පසක්……


කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය (Group A)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබාගත් ලකුණු 213ට පිළිතුරු ලෙසින් රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබා සිටිය හ.

කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර එහි දී ටිරෝන් බාස්කර් ලකුණු 97ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වුයේය. 

තරගය දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (53.3) ටිරෝන් බාස්කරන් 97, ගවිරු සෙහත් 31, ගිශාන් බාලසූරිය 5/43, ප්‍රශාන් කල්හාර 2/49, තෙවිරු සේනාරත්න 2/32

රාජකීය විද්‍යාලය; කඩුලු 5ක් දැවී 130 (39) සිතිර වීරසිංහ නොදැවී 45, කෞෂාන් කුලසූරිය 28, දසිස් මංචනායක නොදැවී 21, සනිරු දිසානායක 3/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<