නිර්මාල් තුන් ඉරියව් දස්කම් දක්වද්දී, කරුණාරත්නගෙන් ශතකයක්

85

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සම්ප්‍රදායික තරග කිහිපයක් අද (1) ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

ඊයේ දිනයේ දී ආරම්භ වූ තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග සියල්ලටම පාහේ විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල විය. 

මලියදේව හා ඉසිපතනය අවි මුවහත් කරගනියි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ……………

දෙවන දිනයට පැවති තරග 

කොළඹ ඉසිපතන විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය 

ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගය බී. ආර්. සී. පිටියේ දී නිමා විය. අද දිනයේ තරගය ආරම්භ කරන විට ලුම්බිණි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 6ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක සිටින ලදි. 

කෙසේ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක සොහාන් ඩිල්ශාන් හා ටශික නිර්මාල් ලකුණු 117ක සබඳතාවයක් ගොඩනංවමින් තරග පරාජයක් වෙත ඇදී යමින් තිබූ ලුම්බිණි විදුහල් ඉනිම යම් මට්ටමකට ස්ථාවර කරන ලදි. 

Photos: Isipathana College vs Lumbini College | U19 Cricket Tournament 2019/20

නිර්මාල් ලුම්බිණි විද්‍යාල වෙනුවෙන් 4 පහර 7ක් සමඟ ලකුණු 85ක් ලබා ගත්තේ පන්දු යැවීමෙන් දවා ගත් කඩුලු 5ට අමතරවයි. නායකත්වයේ ඉනිමක් දියත් කළ ඩිල්ශාන් එම ලකුණු 50 වාර්තා කරගත්තේ 4 පහර 5ක් හා එක් 6 පහරක් සිය ලකුණු සටහනට ඇතුළත් කරගෙනයි. අවසානයේ ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම ලකුණු 191කට සීමා කිරීමට වේගපන්දු යවන යසිරු කස්තුරිආරච්චි ඇතුළු ඉසිපතන විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ.

ලකුණු 27ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව පිටියට පැමිණි ඉසිපතන විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 18ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. 

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 218 (51.5): රවිඳු රත්නායක 90, තෙවිඳු දික්වැල්ල 48, ලෙශාන් අමරසිංහ 32, ටශික නිර්මාල් 5/52, යසිරු යුගාත් 3/21. 

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 191 (57.4): ටශික නිර්මාල් 85, සොහාන් ඩිල්ශාන් 50, යසිරු කස්තුරිආරච්චි 5/39, දිනත් දිසානායක 2/18.

ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම – 18/2 (5): 

2020 IPL වෙන්දේසියට දින නියම වෙයි

13 වැනි වතාවටත් පැවැත්වෙන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ…………..

කොළඹ ආනන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය 

වමතින් පිතිකරණයේ නිරත වන නෙත්ම කරුණාරත්නගේ පිතිකරණයෙන් වර්ණවත් වූ මේ තරගයේ අද දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබාගෙන සිටින ලදි. 

කරුණාරත්න 4 පහර 19ක් හා එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 159කදී ලබා ගත් අගනා ශතකය (ලකුණු 120) නිසා ආනන්ද විද්‍යාලය ගෞරවාන්විත ලෙස සිය ලකුණු පුවරුව නිර්මාණය කරගන්නා ලදි. 

මලියදේව විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම අත්හිටුවන ලදි. 

ආනන්ද පළමු ඉනිම සඳහා කරුණාරත්න ලබාගත් ශතකය හා ශෂික උමයංග ලබා ගත් ලකුණු 39 විශාල සහයක් විය. තරගයේ නියමිත කාලය අවසන් වන විට මලියදේව විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබාගෙන සිටි අතර අයහපත් ආලෝක තත්වය නිසා තරගය විසඳුමකින් තොරව නිමා විය. 

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 310/5d (64): මුදිත ප්‍රේමදාස 119, ගයාන් වීරසිංහ 76, චලුක අතපත්තු 45*, බ්‍රයන් කරුණානායක 35*, මතීෂ වීරසිංහ 21.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 269/9d (58.5): නෙත්ම කරුණාරත්න 120, ශෂික උමයංග 39, සයුරු බණ්ඩාර 32*, දෙනෙත් නිස්සංක 20, මතීෂ වීරසිංහ 3/59. 

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 31/1 (10): මතීෂ වීරසිංහ 25*


පළමු දිනයට පැවති තරග

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාල නායක නවෝද් පරණවිතාන ධර්මපාල විදුහල් තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. කෙසේ නමුත් සවස් කාලයේ ඇතිවූ අයහපත් කාලගුණික තත්වය නිසා දිනයේ නියමිත පන්දුවාර 90ම ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 

Photos: Dharmapala College vs Mahinda College | U19 Cricket Tournament 2019/20

තරගයේ පළමු දිනය අවසන් වන විට සංචාරක මහින්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 138ක් රැස්කර ගත්තේ කෞෂිත කොඩිතුවක්කු ලබාගත් අගනා ලකුණු 42කද සහයක් කරගෙනයි. පන්දු යැවීමේ දී එල්. පූරසිංහ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තේය. 

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 138/7 (54.3): කෞෂිත කොඩිතුවක්කු 42, කවිඳු ලක්ෂාන් 22, එල්. පූරසිංහ 4/32.

පන්දු යැවීමේ සැකයෙන් කොදෙව් දඟයෙක් නිදහස්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දඟපන්දු ‍යවන්නෙකු වන ක්‍රේග් බ්‍රැත්වෙයිට්ගේ පන්දු ‍යැවීම නීති විරෝධී නොවන බවට………..

මොරටු මහා විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාල

මොරටු විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මොරටු විදුහල් නායක මදුශාන් දිලක්ෂණ පළමුව පන්දුවට පහර දුන් නමුත් ඔවුන්ට සිය සත්කාරක තණතීරුවේ වාසිය ලබාගැනීමට නොහැකි විය. එම ඉනිමේ ලකුණු 20 සීමාව ඉක්මවා ලකුණු රැස්කරගත්තේ ඩිල්ශාන් දිලක්ෂණ හා සුකිත දෙව්තිලින පමණි.

අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 112කට සීමා විය. පන්දු යැවීමේ දී ප්‍රමුදිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගන්නා විට හා ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ලකුණු 22කට කඩුලු 2ක් දවාගත්තේය. 

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 112 (52): ඩිල්ශාන් දිලක්ෂණ 22, සුකිත දෙව්තිලින 21, ප්‍රමුදිත ප්‍රනාන්දු 4/11, නිපුන් ධනංජය 2/22.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම (පළමු ඉනිම) – 33/2 (15): 

පළමු දිනයට ක්‍රියාත්මක වූ  තරග සියල්ලම හෙට දෙවන දිනයටත් පැවැත්වේ. 

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<