එල්. ඩී. එච්. පීරිස් අනුස්මරණ කුසලානයට නැවතත් රාජකීය පහස

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019//20

104

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (18) නිමාවට පත්විය. 

එහි දී රාජකීය විද්‍යාලය ආනන්ද විද්‍යාලය පරාජයට පත් කරමින් එල්. ඩී. එච්. පීරිස් අනුස්මරණ කුසලානය නැවතත් තමන් සතු කර ගැනීමට සමත් වෙද්දී, ද මැසනොඩ් විද්‍යාලය ද පූර්ණ ජයක් ලබා ගත්තේය.

විශාල් මහානාම බලාපොරොත්තු සුන් කරද්දී තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල්…

රාජකීය විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

එල්. ඩී. එච්. පීරිස් අනුස්මරණ කුසලානය වෙනුවෙන් 75වන වතාවත් පැවැත්වුණු මේ තරගයේ දී රාජකීය විද්‍යාලයේ නායක තෙවිඳු සේනාරත්න දැක්වූ තුන් ඉරියව් දක්ෂතා ඔවුන්ගේ මේ ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් දැක්විය. තරගය කොළඹ රාජකීය පිටියේ දී නිමා විය.

ආනන්ද විද්‍යාලය – 144 (49.4) ජනිඳු ජයවර්ධන 33, සවිරු බණ්ඩාර 33, ගිශාන් බාලසූරිය 4/30, තෙවිඳු සේනාරත්න 3/17. සහ 195 (63.4)  ජනිඳු ජයවර්ධන 42, නෙම්ත්ම කරුණාරත්න 31, දාසිස් මංචනායක 3/21, ප්‍රශාන් කල්හාර 3/28.

රාජකීය විද්‍යාලය  – 238/8d (47) තෙවිදු සේනාරත්න 109, දාසිස් මංචනායක 37, කවිඳු මදරසිංහ 31, ජනිඳු ජයවර්ධන 3/33, සහ 103/2 (12.2) කවිඳු මදාරසිංහ 42*.

රාජකීය විද්‍යාලයට කඩුලු 8ක ජයක්


සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දුනිත් ජයතුංග සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ  කවිඳු දිල්හාර ශතක අතරට පිවිසියේය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 165 (48.5) ජනිෂ්ක පෙරේරා 55, දුනිත් ජයතුංග 29, සඳුන් මදුසංක 5/30, මිතුන් නිශාක 2/27, කවිඳු දිල්හාර 2/35. සහ 263/5d (59.4) දුනිත් ජයතුංග 152, සුකිත ප්‍රසන්න 81, මිතුන් නිශාක 3/36.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 251 (56.4) කවිඳු දිල්හාර 112, ඔමල් පලියපිටිය 32, ශෂික පෙරේරා 3/61, කලන සංදීප 2/74, සංදේශ් ප්‍රනාන්දු 2/29

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

යසිරු රොද්‍රිගෝ දැක්වූ තුන් ඉරියව් දක්ෂතා ඉතාමත් හොඳ අඩිතාලමක් බවට පත් කර ගත් සාන්ත තෝමස් විද්‍යාලය වෙස්ලි විද්‍යාලය සමඟ පැවති මේ සුහද තරගයේ වැඩි ගෞරවය දිනා ගන්නා ලදි.

වෙස්ලි විද්‍යාලය – 186 (71.1) රාහුල් ගුණසේකර 37, තෙමිල ලියනගේ 33, යසිරු රොද්‍රිගෝ 4/45, රයන් ප්‍රනාන්දු 2/11, ජී. කනින්ස්ටන් 2/41, දිල්මින් රත්නායක 2/74. සහ 184/6 (47) සාහිල් ඩයස් 44, නිම්ෂක අධිකාරී 39.

සාන්ත තෝමස් විද්‍යාලය  – 298/7d (61.3) ගවීන් බොතේජු 65*, ශලින් ද මෙල් 59, කිෂාන් මුණසිංහ 54, යසිරු රොද්‍රිගෝ 47, මනීෂ රූපසිංහ 43, තේනුක පෙරේරා 4/72, සෙමිල ලියනගේ 2/59

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

දෝනිගේ ක්‍රිකට් අනාගතය කෙසේ විසඳේවිද?

හිටපු ඉන්දීය නායක, සුපිරි මැදපෙළ පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි මාස හයකට ආසන්න කාලයක් දේශීය හෝ ජාත්‍යන්තර…..

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

වමතින් දඟපන්දු යවන අශේන් ප්‍රනාන්දු පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතා නිසා සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය. තරගය කදිරානේ දී නිමා විය. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 187 (74) කවීන් ප්‍රනාන්දු 56, තරිඳු මධුවන්ත 38, මලින්ද පෙරේරා 5/54. & 125/8d (35) නවීන් ප්‍රනාන්දු 31.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 110 (37.1) කවිරු පෙරේරා 30, අශේන් ප්‍රනාන්දු 5/32. සහ 162/7 (41) සනෝජ් පෙරේරා 47, ෂෙහාන් ප්‍රනාන්දු  41*, අශේන් ප්‍රනාන්දු 5/80 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට පළමු ඉනිමේ ජය)


සාන්ත පීතර විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් වනුජ කුමාර පිතිකරන්යෙන් දැක්වූ දක්ෂතා සහ රුවින් සෙනෙවිරත්න පන්දුවෙන් දැක්වූ දස්කම් මේ තරගයේ දී කැපී පෙනුනි. ඒ නිසාවෙන් B කාණ්ඩයේ තරගයක් ලෙස වේල්ස් කුමර විද්‍යාලය සමඟ පැවති මේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සත්කාරක සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය. 

සාන්ත පීතර විද්‍යාලය – 306/8d (115) වනුජ කුමාර 104*, රුවින් සෙනෙවිරත්න 55, නිපුනක ෆොන්සේකා 42, කුංචන පෙරේරා 3/45

වේල්ස් කුමර විද්‍යාලය – 106 (39.2) විනුජ රන්පුල් 35, රුවින් සෙනෙවිරත්න 5/30, කන්සිහ්ක මධුවන්ත 5/31. සහ 109/3 (41) දිනුර ප්‍රනාන්දු 48, කවිඳු දිල්ශාන් 38*.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 


නාලන්දා විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ පළමු ඉනිම තුල කරට කර සටනක් ලබා දීමට පාසල් දෙකම සමත් විය. තරගයේ වාර්තා වූ එකම ශතකය සඳහා හිමිකම් කියූ දෙවපතිරාජයේ සුධීර වීරරත්න ලකුණු 104ක් ලබා ගන්නා විට, නාලන්දාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක රවීන් ද සිල්වා නොදැවී ලකුණු 84*ක් ලබා ගන්නා ලදි. 

Photos: Nalanda College Vs Devapathiraja College | U19 Cricket Tournament 2019/20

පන්දු යැවීමෙන් නාලන්දා පිතිකරුවන් දමණය කළ පවන් සංදේශ්  පළමු ඉනිමේ දැවී ගිය කඩුලු 9න් 8ක් තමන් සතු කරගනිමින් සුපිරි පන්දු යැවීමක් පෙන්නුම් කළේය. 

නාලන්දා විද්‍යාලය  – 288/9d (73) රවීන් ද සිල්වා 84*, මහීම වීරකෝන් 73, ලක්ෂාන් මායාදුන්නේ 55, පවන් සංදේශ් 8/53. සහ 46/1 (3)

දේවපතිරාජ විද්‍යාලය – 244 (113.2) සුධීර වීරරත්න 104, සසංක නිර්මාල් 31, රවීන් ද සිල්වා 3/46, චමෝද්‍ය රාජපක්ෂ 2/67 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)


ද මැසනොඩ් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

සෙනාෂ් ප්‍රනාන්දුගේ (7/69) දස්කම් නිසාවෙන් සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයක් ලබා ගැනීමට ද මැසනොඩ් විද්‍යාලයට හැකි විය. කඳාන ද මැසනොඩ් පිටියේ පැවති මේ තරගය සුහද කාණ්ඩයේ තරගයකි.

ද මැසනොඩ් විද්‍යාලය – 203 (71) නිම්න ප්‍රනාන්දු 105, ශෙවෝන් නිමන්ත 4/32. සහ 62/0 (14.3) ලෙස්ටර් ජයවීර 43 *.

සාන්ත ආනා විද්‍යාලය – 84 (44.4) දිල්හාර දේශබන්ධු 32, සෙනාෂ් ප්‍රනාන්දු 5/26, සිහින සිතුමිණ 5/23. සහ 180 (42.4) කවිඳු රණසිංහ 75, දිල්හාර දේශබන්ධු 43, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 2/29.

ද මැසනොඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්

Video – පුත්තලමේ පාසල් ක්‍රිකට් අභිමානය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව……

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

වමතින් දඟපන්දු යවන කුෂාන් මධූෂ දැක්වූ දක්ෂතාවය කැපී පෙනුණු මේ තරගය සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා විය. අමතරව මහින්ද විද්‍යාලයේ සදෙව් ඉඳුවර සහ ධර්මරාජ නායක දුලාජ් බණ්ඩාර අර්ධ ශතක ලබා ගත්තේය.

ධර්මරාජ විද්‍යාලය – 186/9d (87) දුලාජ් බණ්ඩාර 57, ඉසුරු ලක්ෂාන් 36, කුෂාන් මධූශ 6/51, සුභානු රාජපක්ෂ 3/70.සහ 52/2 (22) 

මහින්ද විද්‍යාලය – 217/7d (79.3) සදෙව් ඉඳුවර 73, සිතිර හේලිත 48.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

තවත් සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී වේගපන්දු යවන ත්‍රිත්ව නායක රුවින් පීරිස් කඩුලු 5ක් දවා ගන්නා ලදි. ඊට අමතරව රනුද සෝමරත්න ත්‍රිත්ව පළමු ඉනිම තුල ලකුණු 95ක් ලබා ගන්නා විට, සාන්ත ජෝසප් දෙවන ඉනිම තුල දී දිනෙත් ජයකොඩි, ජොහෑන් ද සිල්වා සහ  දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතක අර්තට පිවිසියේය. තරගය අස්ගිරියේ දී පැවැත්විය.

ත්‍රිත්ව විද්‍යාලය – 283 (78) රනුද සෝමරත්න 95, ශේන් ගුණතිලක 68, දිනිත සිරිවර්ධන 64, දුනිත් වෙල්ලාලගේ  3/44, මිරංග වික්‍රමගේ 3/59, ශලින්ද සෙනෙවිරත්න 3/82.

සාන්ත ජෝසප් විද්‍යාලය  – 161 (57) ශෙවෝන් ඩැනියල් 32, දුනිත් වෙල්ලාලගේ 44, ලක්ෂාන් ගමගේ 31, රුවින් පීරිස් 5/51. සහ 215/3 (48) දිනෙත් ජයකොඩි 59*, ජොහෑන් ද සිල්වා 59, දුනිත් වෙල්ලාලගේ 51*, ශෙරාන් ෆොන්සේකා 34.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<