ලොහාන් ද සොයිසා මලියදේව විද්‍යාලයට මැජික් පෙන්වයි

95

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරගයක් අද (13) නිමාවට පත්විය.

අභිෂේක් හා උවිඳු ත්‍රිත්වයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී ධර්මාශෝක විද්‍යාල ක්‍රීඩක ලොහාන් ද සොයිසා සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ශතකයක් හා කඩුලු 10ක් දවාගෙන දස්කම් දක්වන ලදි. කෙසේ නමුත් අවසානයේ මේ තරගය නිමාවට පත් වූයේ ජය පරාජයෙන් තොරවයි. 

ඊයේ (12) දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මාශෝක විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු යැවූ අතර වමතින් පා දඟපන්දු යවන ලොහාන්ගේ පන්දු යැවීම හමුවේ මලියදේව පළමු ඉනිම බිඳ වැටුණි. 

නමුත් නායකත්වයේ පිතිකරණයක නිරත වූ මුදිත ප්‍රේමදාස ලබා ගත් වටිනා ලකුණු 62 නිසා තරගයක් දිය හැකි මට්ටමේ ලකුණු ප්‍රමාණයක් වෙත අවතීර්ණ වීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි. මලියදේව පළමු ඉනිම සුනුවිසුනු කළ ලොහාන් ලකුණු 41කට කඩුලු 8ක් දවා ගත්තේය.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කිරීම ආරම්භ කළ ධර්මාශෝක විද්‍යාලය ඉතාමත් හොඳ දල ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දෙන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වමතින් පිතිකරණයේ නිරත වන ලොහාන් පන්දුවෙන් දැක්වූ දස්කම් වලට අමතරව ලකුණු 106ක් වාර්තා කරගනිමින් පිතිකරණයෙන් ද දස්කම් දැක්වූයේ මලියදේව ක්‍රීඩකයින්ට දැඩි හිසරදයක් වෙමිනි. 

සසිඳු මල්ෂාන් ලකුණු 46යි. අවසානයේ ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම ලකුණු 247කට සීමා කිරීමට ගයාන් වීරසිංහ ඇතුළු මලියදේව ක්‍රීඩකයෝ සමත් වූහ.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා වසර 13ක ශතක නියඟයට තිත තබයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ටෙස්ට් නායකයා වන ටිම් පේන් වසර 13කට අධික කාලයකට පසුව සිය පළමු….

ලකුණු 97ක පළමු ඉනිමේ අවාසියක් සමඟින් පිටියට පිවිසි මලියදේව විද්‍යාලය තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබාගෙන සිටියේ ධර්මාශෝක පළමු ඉනිමට වඩා ලකුණු 48ක් ඉදිරියෙන් සිටිමිනි. 

චලුක අතපත්තු මලියදේව විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 45ක් වාර්තා කර ගත් අතර පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු 21ක් ලබාගෙන දස්කම් දක්වන ලදි. මලියදේව විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට තුන් ඉරියව් දස්කම් පෙන්වූ ගයාන් වීරසිංහ දෙවන ඉනිම සඳහා ලකුණු 45ක් වාර්තා කරගත්තේ දවා ගත් කඩුලු 4ට අමතරවයි. 

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 150 (60): මුදිත ප්‍රේමදාස 62, චලුක අතපත්තු 21, ලොහාන් ද සොයිසා  8/41.

ධර්මාශෝක විද්‍යාලය – 247 (80): ලොහාන් ද සොයිසා 106, සසිඳු මල්ෂාන් 46, සනුල් ගුණරත්න  30, ගයාන් වීරසිංහ 4/69, සකිඳු වීරරත්න 2/20. 

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 145/4 (51): චලුක අතපත්තු 45*, ගයාන් වීරසිංහ 45, මුදිත ප්‍රේමදාස 26, ලොහාන් අරෝෂණ 2/42.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<