තර්ස්ටන් රන්දිනු ශතකයක් වාර්තා කරයි

80

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවති තරගයක දී ශතකයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ සනුත් රන්දිනු සමත් විය. 

රයන්, දනාල් සහ යසිරු සම්මාන දිනති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න්..

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

වේල්ස් කුමාර විද්‍යාලයීය පිටියේ දී අද නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

තරගයේ කාර්ය බහුල දවසක් වූ අද දිනයේ දී ශතකයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ දකුණත් පිතිකරු සනුත් රන්දිනු සමත් විය. ඔහු පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තේය. 

Photos: Thurstan College Vs Prince of Wales’ College Moratuwa | U19 Cricket Tournament 2019/20

ඊට අමතරව එම විද්‍යාලයේ ම ලක්මාල් සඳුන් නොදැවී ලකුණු 55ක් ද වේල්ස් කුමරුවන්ගේ කාවින්ද ද මෙල් ලකුණු 83ක් ද ලබා ගත්හ. 

තරගය නිමාවෙන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 69ක ඉලක්කයක් කරා ගිය තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 43ක් ලබා සිටියහ. 

  • වේල්ස් කුමාර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (48.5) ඔමේෂ් මෙන්ඩිස් 32, අශාන් ප්‍රනාන්දු නොදැවී 25, පසිඳු පැතුම් 24, විහස් තෙව්මික 6/36, යොහාන් ලියනගේ 2/23, පුන්තිල සමන්තකුමාර 2/27
  • තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට තරග නතර කරන විට පන්දුවාර 44කදී කඩුලු 5ක් දැවී 131) කඩුලු 7ක් දැවී 284 (78) යොහාන් ලියනගේ 63, සනුත් රන්දුණු නොදැවී 102, ලක්මාල් සඳුන් නොදැවී 55, කාවින්ද්‍ය ද මෙල් 2/70, කුංචන ගිල්හාන් 2/33
  • වේල්ස් කුමාර විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 215 (58.5) කාවින්ද ද මෙල් 83, පසිඳු පැතුම් 48, නදුක ප්‍රනාන්දු නොදැවී 32, පුන්තිල සමන්තකුමාර 4/55, විහස් තෙව්මික 4/78
  • තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 43 (4) යොහාන් ලියනගේ 22

කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

“ලා සාලියන්ස් කුසලානය” වෙනුවෙන් 8 වැනි වරටත් පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව කඳානේ දී අවසන් විය. 

සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 212ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසිල් ද මැසිනෝද් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 315ක් ලබා ගත්හ. 

එම ඉනිම වෙනුවෙන් සාලිය ජූඩ්, සෙනාෂ් ප්‍රනාන්දු සහ සහන් කෝසල අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ. 

Photos: De Mazenod College Vs St. Benedict’s College | U19 Cricket Tournament 2019/20

ලකුණු 103ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 115ක් ලබා සිටියහ. එම ඉනිම වෙනුවෙන් සනෝජ් පෙරේරා නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය. 

තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයේ දී තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් සාලිය ජූඩ් ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සිතුම් ප්‍රනාන්දු සහ තරගයේ වීරයා ලෙසින් සෙනාෂ් ප්‍රනාන්දු ද නම් කෙරුණි. මොවුන් තිදෙනාම ද මැසිනෝද් ක්‍රීඩකයෝ වූහ. තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් නම් කෙරුණේ ප්‍රතිවාදී කණ්ඩායමේ විහඟ රුවනරා ය. 

තරගයේ පළමු ඉනිමේ වාසිය ද මැසිනෝද් ක්‍රීඩකයෝ සතු වූව ද තරග මාලාවේ ආසන්නතම ජයග්‍රාහකයන් වූ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයන්ට “ලා සාලියන්ස් කුසලානය” හිමි වුණි. 

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (71.4) සනෝජ් පෙරේරා 43, විහඟ රුවනරා 39, පසන් සුවහස් 55, නිමේෂ් යොහාන් සොයිසා 30, ප්‍රමෝද් රාජමුණින්ද්‍ර 2/37, සෙනාෂ් ප්‍රනාන්දු 3/64, සිතුම් ප්‍රනාන්දු 4/33
  • ද මැසිනෝද් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 21කදී කඩුලු 2ක් දැවී 80) කඩුලු 9ක් දැවී 315 (85) සාලිය ජූඩ් 62, සෙනාෂ් ප්‍රනාන්දු 63, සහන් කෝසල 50, නිම්න ප්‍රනාන්දු 47, මිතුල් සෙනරත් 24, අකිඳු කරුණාරත්න 4/69
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 115 (31) සනෝජ් පෙරේරා නොදැවී 64, විහඟ රුවනරා 41

වසරේ ටෙස්ට් පිතිකරුවා සහ T20 පන්දුයවන්නා ශ්‍රී ලංකාවෙන්

ලොව වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘Cricinfo’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ..

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

මීගමුව කඳිරානේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 121ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වෙස්ලි ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා සිටියහ. ඔවුන් එම ඉනිම ලකුණු 152දී නිමා කළහ. 

ලකුණු 31ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ එවර කඩුලු 9ක් දැවී ලකුණු 186ක් ලබා ගත්හ. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 156ක ඉලක්කයක් කරා ගිය වෙස්ලි ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක දැවී ලකුණු 120ක් ලබා සිටියහ.

  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 121 (46.5) අචින්ත දේශාන් 26, තෙනුක පෙරේරා 3/06, රාහුල් ගුණසේකර 2/09, අනුදිත් වික්‍රමසිංහ 2/18, සිදත් සිරිවර්ධන 2/19
  • වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 49කදී කඩුලු 9ක් දැවී 148) සියලුම දෙනා දැවී 152 (53.4) රාහුල් ගුණසේකර 38, බුද්ධිම විජේසුන්දර 27, ලක්ෂාන් රුවන්ත 24, මෙනුෂ පෙරේරා 4/56, නිපුන් ධනංජය 4/55
  • සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 186 (59.3) කවිඳු මධුරංග 43, ඔනෙල් ඉලංගසේකර 31, අනුදිත් වික්‍රමසිංහ 2/07, නිම්තක අධිකාරි 2/16
  • වෙස්ලි විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 120 (31) බුද්ධිම විජේසුන්දර 52, සහිල් ඩයස් 30, නිම්තක අධිකාරි 21, කෞෂාන් චමල්ක 2/24, නිපුන් ධනංජය 2/53

86 වැනි සාන්තුවරයින්ගේ ගැටුමට සියල්ල සූදානම්

මෙරට ප්‍රධානතම කතෝලික පාසල් ද්විත්වයක් වන සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර..

අද ආරම්භ වූ තරග

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 227ක් ලබා සිටියහ. 

  • ධර්මරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 227 (59) යසිත් සෙමරරත්න නොදැවී 42, ජනිත් ගුණතුංග 41, ඉසුරු දයානන්ද 28, දිනුක පතිරාජ 27, දුලාජ් බණ්ඩාර 24, දිනිත් නෙලුම්දෙණිය 3/64, පසිඳු හිරුදිත 2/36

මොරටු මහා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (සුහද කාණ්ඩයේ තරගය)

මොරටුවේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මොරටු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 185ට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනයට නතර කරන විට සංචාරක ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා සිටියහ. 

  • මොරටු විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (44) නිලාජ් කවිශ්ක 47, එරාන් හනසමාල් නොදැවී 32, නිල්හාන් සුලක්ෂන 21, ශනුක පෙරේරා 3/30, තරිඳු මධුවන්ත 3/30, අශේන් ප්‍රනාන්දු 2/24
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 154 (49) නවීන් නිර්මාල් නොදැවී 28, චමත් ගෝමස් 28, තිළිණ පෙරේරා 24, සමන්ත පෙරේරා නොදැවී 23, රශාන් කවිශ්ක 2/27

 මෙම තරග හෙට (13) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<