ආරක්ෂාව පිළිබඳ සැහීමකට පත්නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගෙදර නවතියි

119

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වීමට මූලිකවම හේතු පාදක වූයේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ පැවැත්වුණු දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් සහ එරට වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙරටින් කණ්ඩායමක් පාකිස්තානය සංචාරය සඳහා පිටත්කර හැරීමට ගත් තීරණයි.

ශ්‍රී ලාංකිකයින් අවතැන් කළ නයිරෝබියේ ‘අෆ්‍රිඩි’ සුළි කුණාටුව

1996 ඔක්තෝබර් 4 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර හරහා චණ්ඩ මාරුතයක් හමා ගියේය. පෙර දැනුම් දීමකින් තොරව හමා ආ ෂහීඩ් අෆ්‍රිඩි නම් ඒ සුළි …

ඊයේ දිනයේ දී ක්‍රිකට් ආයතන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් පැවති සාකච්ඡාවන් සඳහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක අංශභාර ප්‍රධාන උපදේශක රොෂාන් ගුණතිලක මහතා, පාකිස්තානයේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව මෙන්ම තරග සංචාරය පුරාවටම සියලු දෙනාගේම ආරක්ෂාව තර කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ගැනීමට බලාපොරොත්තු වන විධිවිධානයන් පිළිබඳ ක්‍රීඩකයින් පුළුල් ලෙස දැනුවත් කළේය. 

ඒ අවස්ථාවේ දී තවමත් පාකිස්තානයේ ආරක්ෂක තත්වය පිළිබඳ තමන් හට සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළුව ක්‍රීඩකයින් 10 දෙනෙකු එළඹෙන තරග සංචාරය සඳහා සහභාගී නොවී සිටීමට පළකොට ඇති පොදු එකඟතාව පිළිබඳ මේ වන විට කා අතරත් කතා බහට ලක්වේ.

2009 වසරේ දී ලාහෝර් නුවර පැවති ටෙස්ට් තරගයක් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සහ ඒ හා බැඳුණු අමිහිරි මතක සටහන් ගොන්නක් තවමත් ක්‍රීඩකයින්ගේ සිත් තුල රැඳී තිබෙන බැවින් මෙවැනි දැඩි තීරණයක් ගැනීමට එය ප්‍රධානවම බලපාන්නට ඇති බව බොහෝ දෙනා අදහසයි.

රෂීඩ් ඇතුළු ඇෆ්ගන් ක්‍රීඩකයෝ ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

රෂීඩ් ඛාන් ඇතුළු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ වාර්තා කිහිපයක්ම …

එම කණගාටුදායක සිදුවීමෙන් අනතුරුව බොහෝ කණ්ඩායම් පාකිස්තානයෙහි  සංචාරය කිරීමෙන් වැළකී සිටි අතර එම නිසාවෙන්ම ඔවුන් සත්කාරකත්වය දැරූ තරගාවලි සියල්ලම පාහේ මේ වන තෙක් පැවැත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ හිදී වීම කැපී පෙණේ.

කෙසේ නමුත් ලෝක ප්‍රජාව ඉදිරියේ බිඳ වැටුණු ඔවුන්ගේ ප්‍රතිරූපය යලි ගොඩනැඟීමට සහය දැක්වීමේ අරමුණින් සහ පාකිස්තාන ප්‍රේක්ෂකයන් හට තම මව්බිම තුල දී ම යලි ජාත්‍යන්තර තරග අත්දැකීම් විඳගැනිමේ අවස්ථාවක් සලසා දීමේ අපේක්ෂාවෙන් 2017 දී ඔක්තෝබර් මාසයේ දී ද දෙවන පෙළ ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගී කරවීමට කටයුතු කෙරිණි.

2009 වසරෙන් අනතුරුව ජාත්‍යන්තර කණ්ඩායමක් සති දෙකකට අධික කාලයක් පාකිස්තාන‍යෙහි රැඳී සිටීමෙන් තරග සංචාරයෙහි නිරත වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වන අතර පහත නම් සඳහන් ක්‍රීඩකයින් 10 දෙනා මෙවර සංචාරය වෙනුවෙන් එක්නොවීමට ගෙන ඇති තීරණය සඳහා තමන්ගේ විරෝධතාවක් නොමැති බව තේරිම් කමිටු ප්‍රධානි අසන්ත ද මෙල් මහතා සඳහන් කර සිටියේය.

  1. නිරෝෂන් දික්වැල්ල 
  2. කුසල් ජනිත් පෙරේරා
  3. ධනංජය ද සිලවා 
  4. තිසර පෙරේරා
  5. අකිල ධනංජය
  6. ලසිත් මාලිංග
  7. ඇන්ජලෝ මැතිව්ස් 
  8. සුරංග ලක්මාල්
  9. දිනේෂ් චන්දිමාල්
  10. දිමුත් කරුණාරත්න 

ස්මිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා මෙවරත් අළු බඳුන කැන්ගරුවන් අතට!

සාමාන්‍ය ටෙස්ට් තරගාවලියකට වඩා අතිශයින්ම චමත්කාරජනක වූත් තරගකාරී වූත් අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (08) නිමාවට…

නවසීලන්තය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය අතරතුර දී හතරේ සීමාවට ආසන්නයෙන් පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් සිදු වූ පාදයේ ආබාධය නිසාවෙන් තෙවැනි තරගය සඳහා ක්‍රීඩා නොකළ කුසල් මෙන්ඩිස් හට තවත් සති කිහිපයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනුයේ ආබාධය තවමත් සුව අතට හැරී නොමැති බැවිනි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – සැප්තැම්බර් 27 වැනිදා කරච්චි නුවර දී
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 29 වැනිදා කරච්චි නුවර දී
  • තෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 2 වැනිදා කරච්චි නුවර දී
  • පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 5 වැනිදා ලාහෝර් නුවර දී
  • දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 7 වැනිදා ලාහෝර් නුවර දී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 9 වැනිදා ලාහෝර් නුවර දී  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<