ප්‍රබුද්ධ රාජකීය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

90

ThePapare පාපන්දු ශූරතාවයේ A කාණ්ඩයේ පළමු තරගය ඊයේ (03) පැවැත්විය. එම තරගය සඳහා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය සහභාගි වූ අතර ගෝල 2-1ක් ලෙස එහි ජයග්‍රහණය ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. තරගය කොළඹ කුරේ පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

බදූරියා හමීඩියා සිහින බොඳ කරයි

ThePapare.com වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ තවත් තරගයක් අද (02)…

තරගයේ මුල් මිනිත්තු කීපය කණ්ඩායම් ද්විත්වයම ප්‍රබල තරග රටාවකට අවතීර්ණ වූ අතර කිංග්ස්වුඩ් විද්‍යාලයේ දක්ෂතා කැපී පෙනිනි. රාජකීය කණ්ඩායම ද තරගය අත්නොහරිමින් ප්‍රබල සටනක් දීමට සමත් විය. 

තරගයේ පළමු අර්ධය තුල කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට නොහැකි වූ අතර එම අර්ධය නිමා වූයේ ගෝල 0-0ක් ලෙසිනි. එහි දී වැඩි වේලාවක් පන්දුව තබා ගැනීමට කිංග්ස්වුඩ් කණ්ඩායම සමත් විය. 

පළමු අර්ධය  කොළඹ රාජකීය විද්‍යාලය 00 – 00 මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 

දෙවන අර්ධය ඉතා ප්‍රබල මුහුණුවරක් ගත් අතර කිංග්ස්වුඩ් කණ්ඩායම තරගයේ පළමු ගෝලය වාර්තා කලේ 49 වැනි මිනිත්තුවේ දී ය. කිංග්ස්වුඩ් කණ්ඩායමේ මොහොමඩ් ඉන්ශාම් එල්ල කළ පහරක් සාර්ථකව වැළැක්වීමට ‍රාජකීය කණ්ඩායමේ ගෝල රකින්නා වූ මොහොමඩ් අසාඩ් සමත් වූ අතර නැවත පන්දුව ගෝලය තුලට යොමුකිරීමට කේ. වී. සුලක්ෂන සමත් විය. 

රාජකීය කණ්ඩායම ද එයට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සමත් වූ අතර එම කණ්ඩායමේ උස්මාන් අහමඩ් සාර්ථකව පන්දුව ගෝලය තුලට යොමු කළේය. එම පහර වැළැක්වීමට කිංග්ස්වුඩ් කණ්ඩායමේ ගෝල රකින්නා වූ වී. බී. රත්නායකට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැත. 

තරගයේ ගෝල සමවීම නිසා අවසන් මිනිත්තු කීපය වන විට කණ්ඩායම් දෙකම ප්‍රබල සටනකට අවතීර්ණ වූ අතර කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙකු ගෝල සීමාව තුල දී කළ වරදක් නිසාවෙන් රාජකීය කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරුවන් තීරණය කළේ තරගයේ 68 වැනි මිනිත්තුවේ දී ය. 

එම අවස්ථාවේ දී තම නායකත්වයේ වගකීම කරට ගත් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා නායකයා වූ ශිශාන් ප්‍රබුද්ධ සාර්ථකව පන්දුව ගෝලය තුලට යොමුකරමින් රාජකීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දුන්නේය. 

නව වසර ආරම්භයේ දී Spurs, Chelseaට නොසිතූ ඉරණමක්!

2020 වසරේ පළමු දිනයේත් එංගලන්ත පාපන්දු පිටියට විවේකයක් ලැබුණේ නම් නැහැ. 2019 වසරේ අවසන් ප්‍රිමියර් ලීග්…

ඒ අනුව තරගය නිමා වූයේ ගෝල 2-1ක් ලෙස රාජකීය කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

අවසන් ලකුණු තත්ත්වය: කොළඹ රාජකීය විද්‍යාලය 02 – 01 මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්

  • ‍රාජකීය විද්‍යාලය: උස්මාන් අහමඩ් 53′, ශිශාන් ප්‍රබුද්ධ 68′
  • කිංග්ස්වුඩ් විද්‍යාලය: මොහොමඩ් ඉන්ශාම් 49′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<