ශූරයින්ගේ කණ්ඩායම නිකුත් වේ

607

පසුගිය 18 වැනි දා එංගලන්තයේ ලන්ඩන් නුවන් කෙනින්ටන් ඕවල් පිටියේ දී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවතියේ ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. එම තරගය ජයග්‍රහණය කළ පකිස්තානු කණ්ඩායම පළමු වරට ශූරයින්ගේ කුසලානයක් සිය රටට ගෙන යාමට සමත් විය.

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් පසුබෑමක්!

ලබන ජුනි 24 වැනිදා ඇරඹීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන..

එම තරගයට පසු දා (19) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම්වල විවිධ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම කණ්ඩායම නම් කර ඇත. මෙම කණ්ඩායමේ නායකත්වය ශූරයින්ගේ කුසලාන ශූරතාවය ජයග්‍රහණය කළ පකිස්තානු කණ්ඩායම් නායක සෆ්රාස් අහමඩ් හට හිමි වී ඇති අතර, ඔහු ද ඇතුළත්ව අවසන් මහා තරගයේ ක්‍රීඩා කළ ඉන්දියානු හා පාකිස්තානු ක්‍රීඩකයින් 7 දෙනෙකු 2017 ශූරයින්ගේ කණ්ඩායම සඳහා තෝරා ගෙන ඇත.

මෙම කණ්ඩායම ජූරි සභාවක් මගින් තෝරාගෙන ඇති අතර, එම ජූරියේ සාමාජිකයන් ලෙස, එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක මයිකල් ඇතර්ටන්, ඉන්දීය හිටපු ක්‍රීඩක සව්රෝව් ගංගුලි, පාකිස්තානු හිටපු ක්‍රීඩක රමේස් රාජා, අයි.සී.සී සංස්කාරකවරයෙක් වන විස්ඩන් අල්මනාක්, ක්‍රිකට් මාධ්‍යවේදී ද මෙයිල්, ක්‍රිකට් වාර්තාකරු ජූලියන් ගයර් හා ඒජන්ස් ෆාන්ස්ප්‍රෙස් (අයී.සී.සී සාමාන්‍ය කළමනාකරු) හා ජියොෆ් ඇලරඩිස් (සභාපති) ක්‍රියා කර ඇත.

මෙවර තරගාවලිය තුල ක්‍රීඩකයින් දැක්වූ දස්කම් හා ඔවුන්ගේ දත්තයන් සලකා බලා මෙම තේරීම් සිදු කර ඇත. පාකිස්තානු ක්‍රීඩකයින් සිව්දෙනෙකු, ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු, එක් නවසීලන්ත ක්‍රීඩකයෙකු හා එක් බංග්ලාදේශ ක්‍රීඩකයෙකු අන්තර්ගත කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම සකස් කර තිබේ. එහි 12 වැනි ක්‍රීඩකයා ලෙස කේන් විලියම්සන් තෝරාගෙන ඇත. තවද මෙම කණ්ඩායම සඳහා අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එකදු  ක්‍රීඩකයෙක් හෝ තේරී පත්වී නොමැති වීම සුවිශේෂී සිදුවීමකි. එසේම ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල ද ක්‍රීඩකයෙක්ට මෙම සංචිතය සඳහා ඇතුළත් වීමට හැකියාව ලැබී නැත.

2017 වර්ෂයේ අයි.සී.සී ශූරයින්ගේ කුසලාන සංචිතය (පිළිවෙලින්)

  1. ශිකර් ධවාන් (ඉන්දියාව) (ලකුණු 338)
  2. ෆක්හාර් ස්මාන් (පකිස්තානය) (ලකුණු 252)
  3. තමිම් ඉක්බාල් (බංග්ලාදේශය) (ලකුණු 293)
  4. විරාට් කෝලි (ඉන්දියාව) (ලකුණු 258)
  5. ජොයි රෑට් (එංගලන්තය) (ලකුණු 258)
  6. බෙන් ස්ටොක්ස් (එංගලන්තය) (ලකුණු 184, කඩුලු 3)
  7. සෆ්රාස් අහමඩ් (පකිස්තානය) (කඩුලු රකින්නා) (ලකුණු 76, දවාලීම් 9)
  8. අදිල් රශිඩ් (එංගලන්තය) (කඩුලු 7)
  9. ජුනෙයිඩ් කාන් (පකිස්තානය) (කඩුලු 8)
  10. බුවනේස්වර් කුමාර් (ඉන්දියාව) (කඩුලු 7)
  11. හසන් අලී (පකිස්තානය) (කඩුලු 13)
  12. කේන් විලියම්සන් (නවසීලන්තය) (12 වැනි ක්‍රීඩක) (ලකුණු 244)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට