සුරංග ලක්මාල්ට පාකිස්තානු සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාර 2019

98

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන සුරංග ලක්මාල්ට මේ මස 11 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට ඩෙංගු රෝගය වැළඳී තිබෙන නිසාවෙනි.

කසුන් රාජිත නැවතත් ටෙස්ට් සංචිතයට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මස 11 වැනිදා…

ඒ නිසාවෙන් ලක්මාල් ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග දෙකකින් යුත් පාකිස්තාන තරගාවලිය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (7) නිල වශයෙන් තහවුරු කළේය.

සුරංග ලක්මාල්ට අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගය වැලඳී තිබෙනවා, ඒක නිසා ඔහු පාකිස්තාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පැවසීය.

මේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ලක්මාල්ගෙන් හිස් වන අසුන සඳහා වයස අවුරුදු 22ක් වන දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු කැඳවා ඇති බව ද වාර්තා වේ.

2009 ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන පාකිස්තානයේ දී එල්ල වූ ප්‍රහාරයේ දී එම බස් රථය තුල සුරංග ලක්මාල් ද සිටි අතර එයින් ඔහු ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට තුවාල සිදු විය.

පාකිස්තාන ක්‍රිකට් වැසියන්ට අසුබ ආරංචියක්

පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී, ශ්‍රී ලංකාව…

ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව යටතේ දැනට ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ක්‍රීඩා කර තිබෙන අතර ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් එහි තෙවැනි තැන දිනාගෙන සිටියි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) සවස මේ තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය –

දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.

තරග කාල සටහන

  • පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 සිට 15 දක්වා – රාවල්පිණ්ඩි ක්‍රිකට් පිටිය, රාවල්පිණ්ඩි
  • දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 19 සිට 23 දක්වා – ජාතික ක්‍රීඩාංගණය – කරච්චි

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<