ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන්ට ඉන්දුනීසියාවේදී ලෝකඩ පදක්කම් දෙකක්

184
©Sri lankan boxers - ඉන්දික (රූපයේ වමේ) සහ පියල් (රූපයේ දකුණේ)

ඉන්දුනීසියානු ජනාධිපති කුසලාන බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට ලෝකඩ පදක්කම් දිනාගැනීමට හැකිව තිබෙනවා. තරගාවලිය පැවැත්වුනේ ඉන්දුනීසියාවේ ලබුවාන් බාජෝ හිදීයි.

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දකුණු ආසියාවට පෙර අග්නිදිගට

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර පුහුණුවක් ………

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන පියල් ධර්මසේන සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉන්දික බණ්ඩාර මෙලෙස ජයග්‍රහණ ලැබුවා. මෙය ආසියානු තරගාවලියට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වූ තරගාවලියක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වරෙන්තු නිලධාරි සම්පත් ජයතිලක සහ කළමනාකරු ලෙස කර්නල් ප්‍රසන්න ගුණරත්න සහභාගී වුනා.

වටිනාම අය අතරේ ලංකාවට මොකද වුනේ?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩක ……..

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 55 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 34 දෙනෙකු සහභාගී වුනා. ඉන්දියාව තරගාවලියේ වැඩි ගෞරව දිනාගත් අතර ඉන්දුනීසියාව කැපීපෙනුණු අනෙක් කණ්ඩායමයි. ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන්නේ තායිලන්ත විවෘත තරගාවලියයි. එම තරගාවලිය තරමක් අසීරු එකක් නිසා ඔවුන් ලැබූ පන්නරය වටිනා එකක් වනු ඇති.