ආසියාවේ කළු සිංහයා ලක් මාතාව නැවතත් රනින් සරසයි

572

“ආසියාවේ කළු සිංහයා” ලෙසින් විරුදාවලිය ලත් අප සැමගේ ගෞරවාදරයට පාත්‍ර වන විශිෂ්ට කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් තායිලන්තයේ පැවැත්වෙන  10 වැනි ලෝක ශූරතා කායවර්ධන ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව ජයග්‍රහණය කරමින් නැවතත් මවුබිමේ නාමය ඉහළින්ම ඔසවා තැබීමට සමත් වී තිබේ.

10වන ලෝක ශූරතා කායවර්ධන ක්‍රීඩා ශූරතාවලිය තායිලන්තයේ චියෑන්ග් මායී හී දෙසැම්බර් 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වේ.

හැව්ලොක් ක්‍රීඩකයින්ට කන්ද උඩරටින් හොඳ සත්කාරයක්

බුවනෙක උඩන්ගමුවගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය හේතුවෙන් 2018 ඩයලොග්…

මිනිස් සිරුරේ අපූරත්වය, එහි ගැබ්ව ඇති ජවය සහ ශක්තිය යන සියල්ලටම නියත අරුතක් ගොඩනැගිය හැකි බව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ලූෂන් අවස්ථා කිහිපයක දී සමත් වී තිබේ.

පසුගිය වසරේ දකුණු කොරියාවේ දී පැවති 51 වැනි ආසියානු කායවර්ධන ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාවය දිනා ගනිමින් ආසියාවේ අනෙක් අයෝමය පුරුෂයන් දණ ගැස්වූ ලූෂන් මෙම වසරේ දී යුරෝපය ද ආක්‍රමණය කරමින් ඔස්ට්‍රියාවේ දී පැවති ඔස්ට්‍රියානු කායවර්ධන ශූරතාවලියේ දෙවන ස්ථානයට පත් වූයේ ලෝක ප්‍රකට කායවර්ධන ශූර ආර්මින් ගැන්ගල් වැන්නන් පවා පරාජය කරමිනි.

සාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ දඩුවම් පහරවලින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පරදති

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා….

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ආලින්ග්ටන් සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු “Mr & Ms Atlas and Fitness Expo” තරගාවලියේ දී අප මාතෘ භූමිය නියෝජනය කරමින් තරගාවලියේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින් පෑ දක්ෂතාව විචාරකයින්ගේ පවා පැසසුමට ලක් විය.

2014 වර්ෂයේ දී Mr.Srilanka තරගාවලිය ජය ගනිමින් සිය ජයග්‍රාහී මාවතේ දොරටු විවර කර ගත් ලූෂන් එම වසරේ දී ඕමාන් හී පැවැත් වූ IFBB pro ශූරතාවලිය IFBB ආසියානු ශූරතාවලිය ජය ගනිමින් සිය ජාත්යන්තර ජයග්‍රහණ දඩයමේ ප්‍රථම වෙඩිමුරය තබමින් දස්කම් පෑමට සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<