Home Sinhala දිමුත් එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරයි

දිමුත් එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරයි

2490

එක් ක්‍රීඩකයෙක් හෝ දෙදෙනෙක් හමුවේ ඉනිමක් ගොඩ නැගීම අපහසු බැව් පසක් කරමින් අද (15) ලන්ඩන් ඕවල් පිටියේ දී නිමා වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ලෝක කුසලාන 20 වැනි තරගයේ දී ලකුණු  87ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු විය.

සිංහයින්ගේ කැන්ගරු ගොදුර සාර්ථක වෙයිද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන…

ලකුණු 335ක ඉලක්කයක් පසුපස ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ගත්තේ ලකුණු 247ක් පමණි. නමුත් ශ්‍රී ලංකා ඉනිම පළමුව කියැවුණේ කඩුලු 4කට ලකුණු 205ක් ලෙසය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඉතිරි කඩුලු 6 ලකුණු 42ක් තුළ දවා ගනිමින් තව දුරටත් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින් සිටීම මෙම තරගය ඉවහල් කර ගත්හ.

නායක දිමුත් කරුණාරත්න අද තරගයේ දී කැන්ගරුවන්ගේ අභියෝගය හමුවේ අභීතව සටන් කළ ද තම සගයන්ගේ අඩු දායකත්වය හේතුවෙන්, ජයග්‍රහණය කළ හැකි යැයි අපේක්ෂා කළ තරගය ඉතා ලැජ්ජා සහගතව ලැබූ පරාජයක් ලෙසින් වැළඳ ගැනීමට සිදු විය. ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 97ක් ලබා ගනිමින් තම එක්දින තරග දිවියේ මංගල ශතකය ආසන්නයේ අවාසනාවන්ත ලෙසින් තම ඉනිම අවසන් කර ගත්තේය. මෙම ඉනිම දිමුත්ගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම ද වන්නේ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී මද වේලාවක් ගත වෙද්දී ඕස්ට්‍රේලියානුවන්ගේ නළලත රැළි නංවමින් දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා අපූරු ඉනිමක් ගොඩ නැගූව ද ඊට පසුව පිටියට පිවිසි ක්‍රීඩකයන්ගෙන් කිසිදු  සහයෝගයක් නොමැති වීමෙන් ශ්‍රී ලංකාවට මේ සන්තෑසියට මුහුණ දීමට සිදු විය.

දිමුත් සහ ලොකු කුසල් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 115ක් වෙද්දී ආරම්භක වේගපන්දු යවන මිචෙල් ස්ටාක්ට ගොදුරු වෙමින් කුසල් ලකුණු 52කට දැවී ගියේය. ඒ වෙද්දී ඔහු මුහුණ දී සිටියේ පන්දු 36කට පමණි. ඔහුගේ ඉනිමේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණි. කුසල් පෙරේරා අද රැස් කළේ තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 13 වැනි අර්ධ ශතකයයි.

අනතුරුව පිටියට පිවිසි ලහිරු තිරිමාන්න සමගින් දිමුත් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළ ද තිරිමාන්න ද ලකුණු 16 දී තම ඉනිම නිමා කර ගත්තේය. ඊට පසුව දිමුත් ද තම ඉනිම හැර ගිය අතර සුපුරුදු ලෙසින් මැද පෙළ කඩා වැටීම ඉන් පසුව ආරම්භ විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

එසේ වෙද්දී කුසල් මෙන්ඩිස් පන්දු 37කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.

ඇන්ජලෝ මැතිව්ස් (09), මිලින්ද සිරිවර්ධන (03), තිසර පෙරේරා (07), ඉසුරු උදාන (08), ලසිත් මාලිංග (01) සහ නුවන් ප්‍රදීප් (0) ඉතා දුර්වල ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට දායකත්වය දක්වද්දී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ධනංජය ද සිල්වා තරගය අවසන් වෙද්දී පන්දු 30කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගත්තේ ආරම්භක වේගපන්දු යවන මිචෙල් ස්ටාක් ය. ඔහු ලකුණු 55කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව කේන් රිචර්ඩ්සන් කඩුලු 3ක් ද, පැට් කමින්ග්ස් කඩුලු 2ක් ද දවා ගත්හ.

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් සහ ස්ටීව් ස්මිත් එක්ව තෙවැනි කඩුල්ලට එක් කළ වාර්තාගත ලකුණු සබඳතාවත් සමඟින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තේය.

එය ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය. ඔවුන් මීට පෙර ඉන්දියාවට එරෙහිව මෙම ක්‍රීඩාංගණයේ දී ම සියලුම දෙනා දැවී ලකුණු 316ක් ලබා ගත්හ. ඕස්ට්‍රේලියාව මෙම තරගයේ අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 97ක් ලබා ගත්තේය.

ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි…..

තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් පසුව දින 11ක වැසි නිවාඩුව අවසන් කරමින් ක්‍රිකට් ලෝක කුසලානයේ 5 වැනි තරගයට සහභාගී වන ශ්‍රී ලංකාව කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාවට ප්‍රදානය කළේය.

එය තරමක අවාසි සහගත තීරණයක් බවට පරිවර්තනය කිරීමට ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ පිතිකරණය හේතු විය. අද තරගයේ දී ඒරන් ෆින්ච් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 153ක් ලබා ගත්තේ ය. එය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් ඉනිමක දී රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය සම කිරීමක් විය. මීට පෙර එංගලන්තයේ ජේසන් රෝයි බංග්ලාදේශයට එරෙහිව පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 153ක් රැස් කළේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.  

ෆින්ච්ට අනගි සහයෝගයක් ලබා දුන් ඩේවිඩ් ස්මිත් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173ක් රැස් කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව මෙන් ම ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාවේ ද වාර්තාව තමන් සතු කර ගනිමිනි.

මිලින්ද සිරිවර්ධන විසින් පිට ඉන්නට යැවුණ පන්දුවකට ලෝන් ඕෆ් කලාපයෙන් අලංකාර 6 පහරක් එල්ල කළ ෆින්ච් තම 14 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළේ මෙවර ලෝක කුසලානයේ කැන්ගරුවන්ගේ දෙවැනි ශතකය ලෙසිනි.

දික්වැල්ලගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (15)….

ඕස්ට්‍රේලියා ඉනිමේ පළමු පන්දුවාර 10 නිමා වූයේ කිසිවෙක් නොදැවී ලකුණු 53ක් ලෙසින් ලකුණු පුවරුව පවතිද්දීය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම උපරිම තුරුම්පු යොදමින් වෝනර් සහ ෆින්ච් දවා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. පන්දු ප්‍රහාරකයන්ට වඩාත් වාසි සහගත එම පන්දුවාර 10 දී එතරම් ලකුණු ප්‍රමාණයක් නොවූව ද එම ආරම්භය දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය වන ඉඟි පළ කළේය.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා තමන් යැවූ දෙවැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් එතෙක් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. ඒ වෙද්දී වෝනර් පන්දු 48කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියේය. ඕස්ට්‍රේලියා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 80කි.

ඕස්ට්‍රේලියා ඉනිමේ දෙවැනි කඩුල්ල දැවී ගියේ තවත් ලකුණු 20ක් ලකුණු පුවරුවට එක් වෙද්දීය. එවර ද ධනංජය ද සිල්වා පන්දු යවමින් සිටී අතර සීමා ඉර ආසන්නයේ සිට ඉසුරු උදාන උඩ පන්දුවක් ලබා ගනිමින් මේ දවා ගැනීමට සහයෝගය ලබා දුන්නේය. උස්මාන් කවාජා ලකුණු 10කට දැවී ගියේ පන්දු 20කට මුහුණ දෙමිනි.

එතැන් සිට හෝ තරගය සියතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උත්සාහ කළ ද ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඊට ඉඩ නොලැබුණි. එවර ෆින්ච් සහ ස්ටීව් ස්මිත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මෙන්ම පන්දු රකින්නෝ ද ඉතා වෙහෙසට පත් කරමින් තම තෙවැනි කඩුල්ලේ සබඳතාව ගොඩ නැගූහ.  

Photos : Sri Lanka vs Australia | ICC Cricket World Cup 2019 – Match 20

ස්ටීවන් ස්මිත් අද තරගයේ දී වාර්තා කළේ තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 22 වැනි අර්ධ ශතකයයි. තෙවැනි කඩුල්ල ලෙසින් ෆින්ච් දැවී යෑමෙන් අනතුරුව යැවුණ 5 වැනි පන්දුවේ දී ස්මිත් ගේ ඉනිම ද නිමා විය.

අනතුරුව ඕස්ට්‍රේලියා ඉනිමේ ලකුණු පුවරුව ඉතා වේගයෙන් කැරකෙද්දී ඉසුරු උදාන ක්‍රියාත්මක වෙමින් එය තරමක් අඩාල කළේය. එහි දී ශෝන් මාෂ්ගේ (03) කඩුල්ල මිලින්ද සිරිවර්ධන හා එක්ව දවා ගත් ඉසුරු උදාන 49 වැනි පන්දුවාරයේ පන්දු දෙකක් තුළ දී දුවද්දී දැවී යෑම් දෙකකට වැඩි දායකත්වය ලබා දුන්නේ තරමක සහනයක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙමිනි.

ඕස්ට්‍රේලියා ඉනිම නිමා වෙන විට ග්ලේන් මැක්ස්වෙල් පන්දු 25කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටි අතර මිචෙල් ස්ටාක් නොදැවී ලකුණු 5ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් දවාගෙන තිබූ අතර ලසිත් මාලිංගට කඩුල්ලක් හිමිව තිබුණි.

මෙම තරගයේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන කැඳවා තිබුණි.

තරගාවලියේ උණුසුම් තොරතුරු, තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
247/10 (45.5)

Australia
334/7 (50)

Batsmen R B 4s 6s SR
David Warner b Dhananjaya de Silva 26 48 2 0 54.17
Aaron Finch c Dimuth Karunaratne b Isuru Udana 153 132 15 5 115.91
Usman Khawaja c Isuru Udana b Dhananjaya de Silva 10 20 1 0 50.00
Steve Smith b Lasith Malinga 73 59 7 1 123.73
Glenn Maxwell not out 46 25 5 1 184.00
Shaun Marsh c Milinda Siriwardana b Isuru Udana 3 9 0 0 33.33
 Alex Carey run out (Isuru Udana) 4 3 0 0 133.33
Pat Cummins run out (Isuru Udana) 0 1 0 0 0.00
Mitchell Starc not out 5 4 0 0 125.00


Extras 14 (b 0 , lb 4 , nb 1, w 9, pen 0)
Total 334/7 (50 Overs, RR: 6.68)
Fall of Wickets 1-80 (16.4) David Warner, 2-100 (22.6) Usman Khawaja, 3-273 (42.4) Aaron Finch, 4-278 (43.3) Steve Smith, 5-310 (46.6) Shaun Marsh, 6-317 (48.1)  Alex Carey, 7-320 (48.3) Pat Cummins,

Bowling O M R W Econ
Lasith Malinga 10 1 61 1 6.10
Nuwan Pradeep 10 0 88 0 8.80
Isuru Udana 10 0 57 2 5.70
Thisara Perera 10 0 67 0 6.70
Dhananjaya de Silva 8 0 40 2 5.00
Milinda Siriwardana 2 0 17 0 8.50


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c Glenn Maxwell b Kane Richardson 97 108 9 0 89.81
Kusal Perera b Mitchell Starc 52 36 5 1 144.44
Lahiru Thirimanne c  Alex Carey b Jason Behrendorff 16 26 1 0 61.54
Kusal Mendis c  Alex Carey b Mitchell Starc 30 37 0 2 81.08
Angelo Mathews c  Alex Carey b Pat Cummins 9 11 2 0 81.82
Milinda Siriwardana b Mitchell Starc 3 4 0 0 75.00
Thisara Perera c David Warner b Mitchell Starc 7 3 0 1 233.33
Dhananjaya de Silva not out 16 30 2 0 53.33
Isuru Udana c Aaron Finch b Kane Richardson 8 8 1 0 100.00
Lasith Malinga c Usman Khawaja b Kane Richardson 1 5 0 0 20.00
Nuwan Pradeep c  Alex Carey b Pat Cummins 0 7 0 0 0.00


Extras 8 (b 0 , lb 2 , nb 0, w 6, pen 0)
Total 247/10 (45.5 Overs, RR: 5.39)
Fall of Wickets 1-115 (15.3) Kusal Perera, 2-153 (23.5) Lahiru Thirimanne, 3-186 (32.1) Dimuth Karunaratne, 4-205 (35.4) Angelo Mathews, 5-209 (36.2) Milinda Siriwardana, 6-217 (36.6) Thisara Perera, 7-222 (38.1) Kusal Mendis, 8-236 (39.6) Isuru Udana, 9-237 (41.4) Lasith Malinga, 10-247 (45.5) Nuwan Pradeep,

Bowling O M R W Econ
Mitchell Starc 10 0 55 4 5.50
Pat Cummins 7.5 0 38 2 5.07
Jason Behrendorff 9 0 59 1 6.56
Kane Richardson 9 1 47 3 5.22
Glenn Maxwell 10 0 46 0 4.60