Home Sinhala ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අභිබවා බංග්ලාදේශ පිතිකරුවන් නැගිටියි

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අභිබවා බංග්ලාදේශ පිතිකරුවන් නැගිටියි

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2019

312

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන යොවුන් එක්දින ක්‍රිකට් තරගය අද (11) කුල්නා හිදී නිමා වූයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට කඩුලු 5ක පරාජයක් උරුමකර දෙමිනි.

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

පසුගිය වර්ෂ දෙකේම ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම…

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ක්‍රියාත්මක වූයේ නොමැත. මේ තරගය ද පැය කිහිපයක පමණ ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ නිසා එක් ඉනිමක් පන්දුවාර 31කට සීමා කිරීමට තරග තීරකවරුන් කටයුතු කළේය.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිපුන් දනංජය පළමුව පන්දුවට පහරදීම සඳහා තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 31 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 209ක් වාර්තා කර ගන්නා ලදි. 

එහි දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙක් වන ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන පන්දු 75ක් තුල සාර්ථක ලකුණු 78ක් ලබා ගත් අතර එම ඉනිම සඳහා 4 පහර 9ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. 

ඊට අමතරව පරණවිතාන වෙත සහය ලබා දුන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ රවිඳු රශාන්ත, කොළඹ මහානාම විද්‍යාලයේ සොනාල් දිනූෂ සහ නාලන්දා විද්‍යාලයේ චමිඳු විජේසිංහ ලකුණු අතරට පැමිණෙමින් ශ්‍රී ලංකාව මේ ලකුණු 209 වෙත රැගෙන ගියේය.

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle …

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 209ට පිළිතුරු දීම සඳහා පිටියට අවතීර්ණ වූ බංග්ලාදේශ ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 25කුත් පන්දු 4ක් අවසානයේ සපුරා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතාමත් දැඩි පිතිකරණ ප්‍රහාරයක් එල්ල කරමින්. 

කෙසේ නමුත් එම ඉනිම ආරම්භයේ දී වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හා අම්ෂි ද සිල්වා බංග්ලාදේශ මුල්පෙළ කඩුලු කිහිපය ඉක්මනින් දවාගෙන බංග්ලාදේශය අසරණ කරන ලද්දේ ලකුණු 42ක් තුල කඩුලු 4ක් දවා ගනිමිනි. 

බංග්ලාදේශය එවැනි අසීරු මට්ටමක සිටිය දී පිටියට පිවිසි ටව්හිඩ් හිරිඩෝයි සහ ශමීම් හුසේන් බංග්ලාදේශ මැදපෙළ සවිමත් කරමින් ඔවුන්ව නැවතත් තරගය වෙත අවතීර්ණ කිරීම සඳහා 5 වැනි කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා ගොඩනැංවූ ලකුණු 161ක දැවැන්ත සබඳතාවය විශාල ලෙස දායක විය. 

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හුසේන් වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 61ක දී ලකුණු 95ක් (4 පහර 9 හා 6 පහර 5ක්) වාර්තා කර ගන්න විට, දකුණතින් පිතිකරණයේ නිරත වන හිරිඩෝයි පන්දු 56ක දී ලකුණු 85ක් (4 පහර 7 හා 6 පහර 3ක්) වාර්තා කරගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. 

භානුක, වනිඳු සහ ශිරාස් ජයග්‍රාහී දස්කම් දක්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Premier League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය …

අවසානයේ ශ්‍රී ලංකාව නොසිතූ ලෙස තරගය නිමා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 25කුත් පන්දු 4ක් අවසානයේ සිය නියමිත ඉලක්කය වෙත පා තබන ලදි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් තරමක් මට්ටමකට හෝ සාර්ථක වූ රිච්මන්ඩ් විද්‍යාලයේ අම්ෂි ද සිල්වා සිය ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් සිය පන්දුවාර 6 අවසන් කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 95ක් හා කඩුලු 2ක් දාව ගත් ශමීම් හුසේන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

දැනට බංග්ලාදේශය 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන අතර තරගාවලියේ තෙවැනි එක්දින තරගය මේ මස 14 වැනිදා  චැටග්‍රොම් හිදී පැවැත්වේ. එම තරගයේ තොරතුරු ඇතුළු දෙස් විදෙස් කෙළිබිමේ උණුසුම් තතු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න. 

Result
Sri Lanka U19
209/7 (31)
Bangladesh U19
210/5 (25.4)
Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Shahadat Hossain b Shamim Hossain 78 75 9 1 104.00
Mohammad Samaaz c Rakibul Hasan b Shamim Hossain 10 17 1 0 58.82
Ravindu De Silva c Parvez Hossain b Rakibul Hasan 33 22 5 0 150.00
Nipun Dananjaya lbw b Avishek Das 0 3 0 0 0.00
Avishka Tharindu st Akbar Ali b Rakibul Hasan 5 9 0 0 55.56
Sonal Dinusha c Rakibul Hasan b Shoriful Islam 41 34 2 0 120.59
Chamindu Wijesinghe not out 30 20 1 2 150.00
Rohan Sanjaya b Tanzid Hasan 2 3 0 0 66.67
Sandun Mendis not out 3 3 0 0 100.00
Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 209/7 (31 Overs, RR: 6.74)
Fall of Wickets 1-40 (8.1) Mohammad Samaaz, 2-79 (13.4) Ravindu De Silva, 3-80 (14.3) Nipun Dananjaya, 4-93 (17.1) Avishka Tharindu, 5-160 (24.4) Navod Paranavithana, 6-186 (28.4) Sonal Dinusha, 7-191 (29.4) Rohan Sanjaya,
Bowling O M R W Econ
Tanzid Hasan 6 1 47 1 7.83
Avishek Das 6 0 42 1 7.00
Shoriful Islam 6 0 41 1 6.83
Shamim Hossain 7 0 41 2 5.86
Rakibul Hasan 6 0 37 2 6.17

Batsmen R B 4s 6s SR
Tanzid Hasan b Amshi De Silva 2 3 0 0 66.67
Parvez Hossain c & b Dilshan Madusanka 8 16 1 0 50.00
Mahmudul Hasan b Amshi De Silva 11 10 1 0 110.00
Tawhid Hridoy not out 82 56 7 3 146.43
Shahadat Hossain lbw b Amshi De Silva 3 7 0 0 42.86
Shamim Hossain lbw b Sandun Mendis 95 61 9 5 155.74
Akbar Ali not out 1 1 0 0 100.00
Extras 8 (b 0 , lb 0 , nb 0, w 8, pen 0)
Total 210/5 (25.4 Overs, RR: 8.18)
Fall of Wickets 1-3 (1.1) Tanzid Hasan, 2-20 (4.1) Parvez Hossain, 3-33 (5.4) Mahmudul Hasan, 4-42 (7.3) Shahadat Hossain, 5-203 (25.1) Shamim Hossain,
Bowling O M R W Econ
Dilshan Madusanka 5 0 38 1 7.60
Amshi De Silva 6 0 36 3 6.00
Rohan Sanjaya 6 0 46 0 7.67
Chamindu Wijesinghe 2 0 22 0 11.00
Sandun Mendis 3.4 0 42 1 12.35
Nipun Dananjaya 1 0 13 0 13.00
Avishka Tharindu 2 0 13 0 6.50

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<