Home Sinhala සිම්බාබ්වේ පිළේ නොසිතූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට දෙලෝ රත්වෙයි!

සිම්බාබ්වේ පිළේ නොසිතූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට දෙලෝ රත්වෙයි!

@AFP

ශ්‍රේණිගත කිරීම් වල පහළින් සිටින, මෑත කාලයේ ICC ක්‍රිකට් තහනමකට ද ලක්වූ සිම්බාබ්වේ පිළ අද (19) ටෙස්ට් තරගාවලියක් ආරම්භ කළේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවයි. 

මෙය ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ නොවන තරමටම දක්ෂතා අතර පරතරයක් ඇති කණ්ඩායම් දෙකක් අතර ක්‍රියාත්මක වුවද අද දිනය අවසානයේ ශ්‍රී ලංකා පිළ පරයා යමින් තරගයේ සියලු ගෞරව දිනා සිටින්නේ සිම්බාබ්වේ ක්‍රිකට් පිළයි.

සිම්බාබ්වේ ඉඩෝරය නිම කරන ශ්‍රී ලංකාවට යළිත් වසන්තය?

සිම්බාබ්වේ කණ්ඩායමේ සහ ඔවුන්ගේ දේශයේ ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ආරම්භ වන…

සිම්බාබ්වේ හි සුප්‍රකට ක්‍රීඩාංගණ අතලොස්ස අතර ඉදිරියෙන්ම නම කියැවෙන හරාරේ පිටියේදී ඇරඹුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. එහිදී තමන්ට හුරුපුරුදු වටපිටාවක් තුල මුලින් පන්දුවට පහර නොදී සිටින්නට තරම් හේතුවක් ඔවුන්ට තිබුනේ නැත. මේ වනවිට සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනය හා සම්බන්ධ විවිධාකාර ගැටලු නිසා සෑහෙන දුරකට නවමු මුහුණුවරක් ගෙන ඇති සිම්බාබ්වේ පිළ පිතිකරණය සඳහා පිටියට පිවිසෙන්නේ ඒ අනුවයි.

එහිදී නවක පිතිකරුවන් දෙදෙනෙකු ඇරඹූ සිම්බාබ්වේ ඉනිමේ කඩුලු බිඳ වැටීම ඉක්මනින්ම ආරම්භ වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද යතාර්ථය එය නොවීය. ඒ කෙවින් කසූසා සහ ප්‍රින්ස් මැස්වෝර් පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 96ක අපූරු අඩිතාලමක් දමා දුන් බැවිනි. එහිදී සියලු පන්දු යවන්නන්ව ගෞරවාන්විතව පිළිගත් මොවුන් දෙදෙනා ඉතා ප්‍රවේසමෙන් ලකුණු රැස් කරමින් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට මාන බැලූහ.

තවමත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 3කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රින්ස් මැස්වෝර් එහිදී තම මංගල අර්ධ ශතකය වාර්තා කරන්නේ තර්ජනාත්මක නොවූ ශ්‍රී ලංකා පන්දුකරණයට ස්තූතිය පළ කරමිනි. පන්දු 149ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. සියල්ල අවසන ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකට වේගවත් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු දැවී යන්නේ දිමුත් කරුණාරත්නගේ දක්ෂ උඩපන්දු රැකීමක ප්‍රතිඵලයක් ලෙසයි.

දෝනිගේ ක්‍රිකට් අනාගතය කෙසේ විසඳේවිද?

හිටපු ඉන්දීය නායක, සුපිරි මැදපෙළ පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි මාස හයකට ආසන්න කාලයක්…

තම මංගල ටෙස්ට් ඉනිමට අද මුහුණ දුන් කෙවින් කසූසා තරමක් මන්දගාමී වුවද විශ්වාසනීය අයුරින් පිත්ත හසුරුවමින් අගනා වටිනා අර්ධ ශතකයක් වාර්තා කළේය. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟයි. කෙසේනමුත් ඔහු අද ලකුණු 63ක් රැස්කර ගැනීමට පන්දු 214කට මුහුණ දීම සිම්බාබ්වේ දේශයෙන් අනාගතයේ බිහිවන ඉවසිලිවන්ත ටෙස්ට් පිතිකරුවෙකුගේ පෙරනිමිති පහළ කළේය.

අද තේ පානයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිළට හිසරදයක් වී සිටි කසූසාගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු කුමාරට හැකිවිය. ඒ කඩුල්ල තුලටම ඇදී ආ පන්දුවක් පා ආවරණයේ දවටා ගැනීම පිලිබඳ කල ඉල්ලීම විනිසුරු පිළිගැනීමත් සමඟයි. මේ වනවිට දිනය නිමාවීමට ඉතිරිව පැවතියේ පන්දුවාර කිහිපයක් පමණක් වූ නිසා සිම්බාබ්වේ පිළ සැඳෑ ආරක්ෂකයෙකු (Night Watchman) පිටියට එවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද ඔවුන්ගේ හොඳම පිතිකරු ලෙස සැලකෙන බ්‍රෙන්ඩන් ටේලර් අංක 4 පිතිකරු ලෙස සුපුරුදු පරිදි තණතිල්ල මැදට පැමිණියේය.

කෙසේවෙතත් මෙම අවදානම සාර්ථකව කළමනාකරණය කර ගැනීමට සිම්බාබ්වේ පිළ සමත් වූ අතර දිනය නිමා වෙද්දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නගන්නටද ඔවුන්ට හැකිවිය. එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දක්ෂතා අතර සිටින ක්‍රේග් අර්වයින් මේ වනවිට නොදැවී ලකුණු 55ක් ලබා සිටින අතර මේ වනවිට ඔහු හතරේ පහර සහ හයේ පහර 3 බැගින් එල්ල කොට අවසන්ය.

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ ස්ථානයක් වෙනස් වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක..

අනෙක් අන්තයේ සිටින බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 13යි. මෙම පිතිකරුවන් දෙදෙනාම ජාත්‍යන්තර තරග අත්දැකීම් රැසක හිමිකරුවන් වන නිසා මෙම සබඳතාවය හැකි ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකා පිළ හෙට දිනයේ උත්සුක විය යුතුය. ඒ මොවුන් දෙදෙනාම ආරම්භයක් ලබාගත් පසු දිගු ඉනිම් කරා යාමේ හැකියාව සහිත අය වන බැවිනි. මේ අනුව පළමු දිනය අවසානයේ සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 189කට කඩුලු 2ක් ලෙස දිස්වන්නේ දිනයේ සම්පූර්ණ වාසි සත්කාරකයින්ට ලබා දෙමිනි.

Stumps

Sri Lanka
Zimbabwe
189/2 (84)


BatsmenRB4s6sSR
Prince Masvaure c Dimuth Karunaratne b Lasith Embuldeniya551497036.91
Kevin Kasuza lbw b Lahiru Kumara632145129.44
Craig Ervine not out551163347.41
Brendan Taylor not out13251152.00
Extras3 (b 0 , lb 3 , nb 0, w 0, pen 0)
Total189/2 (84 Overs, RR: 2.25)
Fall of Wickets 1-96 (50.1) Prince Masvaure, 2-164 (75.3) Kevin Kasuza,
BowlingOMRWEcon
Suranga Lakmal1581801.20
Kasun Rajitha1753101.82
Lasith Embuldeniya2166913.29
Lahiru Kumara1663712.31
Dhananjaya de Silva1573102.07

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<