පාකිස්තානයේ ක්‍රිකට් පිපාසය වර්ෂාවට පරදියි

88

වසර 10ක කාලයකට පසුව කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක අසිරිය විඳීමට බලා සිටි පාකිස්තානු ප්‍රේක්ෂකයින්ට අදත් (27) තම බලාපොරොත්තු බොඳකර ගැනීමට සිදු විය.

ඒ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා කාසියේ වාසිය උරගා බැලීමකින් තොරවම ශ්‍රී ලංකා – පාකිස්තානු පළමු එක්දින තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කිරීමත් සමඟයි.

ලොවක් බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට පෙර

යං දෝ නොයං දෝ යැයි දෙගිඩියාවෙන් පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10කට….

දැවැන්ත ආරක්ෂක රැකවල් මධ්‍යයේ කණ්ඩායම ක්‍රීඩාංගණයට කැඳවා ගෙන පැමිණිය ද දැඩි වර්ෂාවක දී පිටිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් එතරම් සැලකිල්ලක් දක්වා නොතිබූ බව ද අද පැහැදිලි විය.

ඒ තරගයට පෙරාතුව හෝරා කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ දී ඔවුන් ඉටි රෙදි මගින් ආවරණය කර තිබුණේ යාර 30 සීමාවටත් අඩු ප්‍රමාණයක් වීම නිසාවෙනි. එබැවින් හතරේ සීමාවට ආසන්නව දැඩි ලෙස ජලය ඒකරාශී වී තිබෙනු දැක ගන්නට හැකි විය. මේ නිසා වර්ෂාව නතර වුව ද තරගය ආරම්භ කිරීමට හැකි ප්‍රායෝගික තත්ත්වයක් පැවතියේ නැත.

ඒ අනුව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5 පමණ වන විට තරගය නිල වශයෙන් අත්හැර දැමීමට ජොයෙල් විල්සන් සහ ආසාන් රාසා යන විනිසුරුවරුන් දෙදෙනා තීරණය කරන ලදි. මෙය කරච්චි ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර එක්දින තරගයක් අත්හැර දැමූ පළමු අවස්ථාව බවට පත්විය.

වඩාත්ම අපූරු කරුණ වන්නේ මෙම කණ්ඩායම් දෙක අවසන් වරට ලෝක කුසලානය අතරේ දී එකිනෙකා හමුවන්නට තිබූ අවස්ථාව ද එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරව අත්හැර දැමීමට සිදු වීමයි.

“ආරක්ෂාවට වඩා ක්‍රිකට් ගැන ලොකු අවධානයක් දෙනවා” – තිරිමාන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (27)…..

මේ අතර තරග 3කින් සමන්විත තරගාවලියේ දෙවැනි එක්දින තරගය ලබන සඳුදා දිනය (30) දක්වා කල් දැමීමට ද එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ වර්ෂාවෙන් එම තරගය හෝ බේරා ගැනීමේ අටියෙනි. එය ද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති අතර එම සියලු තරග තොරතුරු මෙන්ම සුවිශේෂී ප්‍රවෘත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<