ආසියානු නැගීඑන ක්‍රිකට් තරගාවලිය ලබන මස මූලදී

692

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තුන්වැනි නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 වසරේ දෙසැම්බර් මස 6 සිට 15 දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

>> ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයේ සංචාරයක

මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දැනට ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන තිබෙන කණ්ඩායම් 5ක් (ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය) හා තවත් ජාත්‍යන්තර කණ්ඩායම් 3ක් (හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය) තරග වදිනු ලැබේ. මේ තරගාවලියේ එක් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 අතරට වයස අවුරුදු 23 හෝ ඊට අඩු ක්‍රීඩකයින් අවම වශයෙන් 7ක් හා වයස අවුරුදු 23ට වැඩි ක්‍රීඩකයින් 4 දෙනෙකුට ක්‍රීඩා කිරීමට හැකිය.

පසුගිය වර්ෂයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වූ ආසියානු කුසලාන නැගීඑන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තානු කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර 2013 වසරේ දී පළමු වතාවට පැවැත්වූ ආසියානු කුසලාන නැගීඑන ක්‍රිකට් තරගාවලියේ දී ද පාකිස්තානයට අනුශූරතාවය උරුමකර දෙමින් ශූරතාවය දිනා ගත්තේ ඉන්දීය නැගීඑන කණ්ඩායමයි.

  • A කාණ්ඩය – ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ඕමානය
  • B කාණ්ඩය – පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං

>> එස් .එස්. සී. ක්‍රීඩකයෝ Emerging ශූරතාව දිනා ගනී

මේ තරගාවලියේ මූලික කාණ්ඩයේ තරග ඒ ඒ කාණ්ඩයේ සත්කාරකත්වය දරනු ලබන ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ දී පැවැත්වෙන අතර පිළිමළුන් පිටුදැකීමේ තරග සියල්ලම ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

‘A’ කාණ්ඩයේ තරග කාලසටහන

  • දෙසැම්බර් 7  – ශ්‍රී ලංකාව හා ඕමානය – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • දෙසැම්බර් 7 – ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය – කොළඹ සී. සී. සී පිටියේ දී  
  • දෙසැම්බර් 8 – ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය  – කොළඹ සී. සී. සී පිටියේ දී
  • දෙසැම්බර් 8 – ඉන්දියාව හා ඕමානය  – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • දෙසැම්බර් 10 – ශ්‍රී ලංකාව හා ඉන්දියාව  – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • දෙසැම්බර් 10 – ඇෆ්ගනිස්තානය හා ඕමානය  – කොළඹ සී. සී. සී පිටියේ දී

‘B’ කාණ්ඩයේ තරග කාලසටහන

  • දෙසැම්බර් 6 –   පාකිස්තානය හා හොංකොං – කරච්චි හි NSK පිටිය
  • දෙසැම්බර් 6 –  බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කරච්චි හි SG පිටිය
  • දෙසැම්බර් 7 –   පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කරච්චි හි NSK පිටිය
  • දෙසැම්බර් 7 –  බංග්ලාදේශය හා හොංකොං- කරච්චි හි SG පිටිය
  • දෙසැම්බර් 9 –   පාකිස්තානය හා බංග්ලාදේශය – කරච්චි හි NSK පිටිය
  • දෙසැම්බර් 9 –  හොංකොං හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කරච්චි හි SG පිටිය

පිළිමළුන් පිටුදැකීමේ තරග වටය

  • දෙසැම්බර් 13 – පළමු අවසන් පූර්ව තරගය – B කාණ්ඩයේ පළමුවැන්නා හා A කාණ්ඩයේ දෙවැන්නා – කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • දෙසැම්බර් 13  – දෙවන අවසන් පූර්ව තරගය –  A කාණ්ඩයේ පළමුවැන්නා හා B කාණ්ඩයේ දෙවැන්නා – කොළඹ සී. සී. සී පිටියේ දී  
  • දෙසැම්බර් 15 – අවසන් මහා තරගය –  කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<