ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තානයට යන නිල ශ්‍රී ලංකා සංචිත

186

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරග තුන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතය අද (11) නම් කර තිබෙනවා.

ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තාන තරගාවලියට යන නිල ශ්‍රී ලංකා සංචිත

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරග තුන සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා එක්දින…

දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් දසදෙනෙක් පාකිස්තානයේ ආරක්‍ෂිත තත්වය සලකා බැලීමෙන් අනතුරුව මෙම සංචාරය සඳහා සහභාගී වන්නේ නැත. ඒ නිසා මෙවර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතයන් වල වෙනස්කම් රැසක් සිදුව ඇත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙම තරග සංචාරයට සහභාගී නොවන නිසාවෙන් එක්දින සංචිතයේ නායකත්වය ලහිරු තිරිමාන්න වෙත ලබා දී තිබෙන අතර විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක වෙත ලබා දී ඇත. දසුන් ශානක ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක නායකත්වය දරනු ලබන පළමු අවස්ථාව මෙයයි.

2009 වසරේ දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායමක් සති දෙකකට අධික කාලයක් පාකිස්තාන‍යේ රැඳී සිටිමින් තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

කුසල් මෙන්ඩිස් නවසීලන්ත තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ අතර එය සුවවීමට සති 6ක පමණ කාලයක් ගත වන නිසාවෙන් මේ තරගාවලිය සඳහා ඔහු සහභාගී වන්නේ නැත.

“ඉන්දියාව අපිට කිසිම බලපෑමක් කළේ නැහැ” – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන…

අවසන් වරට බංග්ලාදේශය සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවුණු ඇන්ජලෝ පෙරේරා, සධීර සමරවික්‍රම, ධනුෂ්ක ගුණතිලක හා ඕෂධ ප්‍රනාන්දු නැවත් වතාවක් එක්දින සංචිතය සඳහා ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට විශේෂඥ පිතිකරුවන්  6 දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් 3 දෙනෙක් හා විශේෂඥ පන්දු යවන්නන් 6 දෙනෙක් ඇතුලත් වෙනවා.

එක්දින සංචිතය හා සංසන්දනය කරන විට විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් දෙකක් පමණක් සිදුව ඇත. එක්දින සංචිතයේ නායක තිරිමාන්න විස්සයි විස්ස සංචිතයේ නොමැති අතර ඒ වෙනුවට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා ඇත. ඊට අමතරව නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී විස්සයි විස්ස වරම් දිනා ගත් ලහිරු මදුසංක ද මේ විස්සයි විස්ස සංචිතයට ඇතුළත්.

සුමතිපාලගේ වැඩවලට ක්‍රීඩා ඇමති හරස් වෙයි!

ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට විධායක කමිටු සාමාජිකයෙකු…

ශ්‍රී ලංකා එක්දින සංචිතය – ලහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන කසුන් රාජිත, ලහිරු කුමාර.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලහිරු මදුසංක, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන කසුන් රාජිත, ලහිරු කුමාර.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – සැප්තැම්බර් 27 වැනිදා කරච්චි නුවර දී
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 29 වැනිදා කරච්චි නුවර දී
  • තෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 2 වැනිදා කරච්චි නුවර දී
  • පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 5 වැනිදා ලාහෝර් නුවර දී
  • දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 7 වැනිදා ලාහෝර් නුවර දී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 9 වැනිදා ලාහෝර් නුවර දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<