ගෙවුනු දවස: ඔක්තෝම්බර් 19 – තරගවලට වැස්සෙන් බාධා

447

Ashen Bandaraකොදෙව් ක්‍රීඩක හේට්මයර් ශ්‍රි ලංකා A සහ කොදෙව් A කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩා කරමින්

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

ඇලෝසියස් ජයග්‍රහණයට අශේන්ගෙන් 200ක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ ඊයේ (19) නිමාවට පත්වුනු සාන්ත ඇලෝසියස් – අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබන්නට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වෙද්දී පළමු කාණ්ඩයේ අනෙක් තරග වලට වර්ෂාවෙන් බාධා සිදුවිය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 69.1)

ලහිරු ලියනගේ 54, හේෂාන් සෙනිර 43, හරීන් වීරසිංහ 6/70, නිදුක මල්සිත් 3/24.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 355 (පන්දුවාර 82.3)

අශේන් බණ්ඩාර 200*, නවිඳු නිර්මාල් 105.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 31 (පන්දුවාර 12.5)

හරීන් වීරසිංහ 2/18.

රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 189 (පන්දුවාර 42.2)

ධනංජය ලක්ෂාන් 61, කමිඳු මෙන්ඩිස් 45*, චාමික හේවගේ 33, ආදිත්‍ය සිරිවර්ධන 26*, ගනිත් සන්දීප 2/43.

සම්පූර්ණ ලිපිය: ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් වැඩි දස්කම්


හේට්මයර්ගේ කැපීපෙනෙන දස්කම්

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ආරම්භ වූ කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තෙවන හා අවසන් නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ (19) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 318/10 (89.2): සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, රොෂේන් සිල්වා 49, චරිත් අසලංක 46, කසුන් මදුසංක 20, ඩිලොරන් ජොන්සන් 4/65, රහකීම් කෝන්වල් 3/93

කොදෙව් පළමු ඉණිම (දෙවන දිනය අවසන් වනවිට) – 183/04 (45): ශිම්රන් හේට්මයර් 94, ශම්රා බෲක්ස් 43*, කසුන් මදුසංක 1/22

සම්පූර්ණ ලිපිය: කොදෙව්වන්ගෙන් දෙවන දිනයේ දී කරට කර තරඟයක්


කොන්ත්‍රාත්තු අත්සනට අවසන් දිනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, දක්ෂතා මත දීමනා හිමිවීම මත පදනම් වන නවතම වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට හැකි අවසන් දිනය ලෙස 2016 ඔක්තෝබර් 20 වැනිදා නම්කර තිබේ.

ක්‍රීඩකයින් මෙම කාල සීමාව තුල කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට අසමත් වුවහොත් පුරප්පාඩු සහිත සංචිතයක් සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහාත්, බටහිර ඉන්දීය කොදෙව්වන් ද සහභාගි කරගෙන පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලියත් සඳහා යැවීමට අදහසක් පවතී. මේ පිලිබඳ ක්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරීන් අතර පවා යම් දෙගිඩියාවක් ඇති නමුත් ක්‍රීඩකයින් හෙට දිනයේදී (ඔක්තෝබර් 20) කොන්ත්‍රාත්තු සඳහා අත්සන් තබනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවේ.

සම්පූර්ණ ලිපිය: ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් අත්සන් කිරීමට දින නියම කෙරේ

දිනයක නිමාව