ගෙවුනු දවස මාර්තු 09 – එංගලන්තය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

288

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට්

දසුන් ශතකය ඉදිරියේ දැවී යයි

අන්තර් පාසල් ක්‍රිකට් පිටියේ තවත් තරග කිහිපයක් ඊයේ (09) පැවති අතර ඒ අතුරෙන් ලකුණු 99ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් විය. එයට අමතරව දෙදින තරග දෙකක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 143 (60.5): අවිශ්ක චන්ද්‍රසිරි 22, ගනිදු කෞෂල්‍ය 22, මොවින් සුභසිංහ 4/51, සකුන්ත ලියනගේ 3/15, රයන් රෙයිඩ් 2/17

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 208/8 dec (52.4): හසිත් පෙරේරා 70, තිලිණ පෙරේරා 43, චමෝද් ඇතුළත්මුදලි 28, මොවින් සුභසිංහ 24, විමුක්ති විජේසිරිවර්ධන 4/40, යසෝද් කාවින්ද 2/16

කිංස්වුඩ් විද්‍යාලය දෙවන ඉනිම – 98/5 (34): ගනිදු කෞෂල්‍ය 26, මොවින් සුභසිංහ 3/08

සම්පූර්ණ වාර්තාව: ආනන්දය පැරද වූ නාලන්දාව අර්ධ අවසන් පූර්ව වටයට


නිල් මහා සටනේ ප්‍රථම දිනය

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටයින් රැසක් දායාද කර ඇති කීර්තිමත් පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 138වැනි පාසල් මහා ක්‍රිකට් තරගය ඊයේ (09) කොළඹ SSC පිටියේ දී ආරම්භ විය. එහි ප්‍රථම දිනය නිමාවන විට මුලින් පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය රැස්කල ලකුණු 255 හඹා යන සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 33ක් ලබා සිටියි.

රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 71.3): රෝනුක ජයවර්ධන 32, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, හිමේෂ් රාමනායක 41, ගනිත් සන්දීප 42, කළණ පෙරේරා 5/47, පවිත් රත්නායක 2/69.

සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 33 (පන්දුවාර 10.3): රවිඳු කොඩිතුවක්කු 23*, දුලිත් ගුණරත්න 10*.

සවිස්තර තරග වාර්තාව: කළණගේ වේගය ඉදිරියේ රාජකීයයන් පසු බසියි


ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්

බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් පෙන්නුම් කල විශිෂ්ට පිතිකරණ රටාව හේතුවෙන් නැවත වරක් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවෙන්නට ඊයේ (09) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. නමුත් ප්‍රථම ඉනිමේ දී ලකුණු 182ක ඉදිරියක් තබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අණසක පැතිරවීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 46): මුෂ්ෆිකර් රහීම් 85, සෞම්‍ය සර්කාර් 71, තමීම් ඉක්බාල් 57, මෙහෙදි හසන් 41,  දිල්රුවන් පෙරේරා 3/53, රංගන හේරත් 3/72, සුරංග ලක්මාල් 1/42.


සිව්වැනි ටෙස්ට් තරගය එංගලන්තයට

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය දැනටමත් සනිටුහන් කර ගැනීමට ශ්‍රී ලාංකිකයෝ සමත්ව සිටියි. කෙසේ වෙතත් ඊයේ (09) පැවති සිව්වැනි එක්දින තරගයේ ජයග්‍රහණයට හිමිකම් කියන්නට සමත් වූයේ එංගලන්ත කණ්ඩායමයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම – සියල්ලන්ම දැවී 242 (46.5): සදීර සමරවික්‍රම 54, ධනුෂ්ක ගුණතිලක 44, චරිත් අසලංක 34, චතුරංග ද සිල්වා 33*, රොන් චන්ද්‍රගුප්ත 33, ග්‍රැහැම් වයිට් 3/53, ටොබී රෝලන්ඩ් ජෝන්ස් 3/58, ලෙයිම් ලිවින්ස්ටන් 2/41

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 246 (47.2): බෙල් ඩ්‍රමොන්ඩ්  100, තෝමස් ඇල්සොප් 96, බෙන්ජමින් ෆෝක්ස් 19*, ලෙයිම් ලිවින්ස්ටන් 15*, විකුම් සංජය 2/26, චතුරංග ද සිල්වා 2/42

සම්පූර්ණ වාර්තාව: දෙපසට දෝලනය වූ තරගයේ ජය ලයන්ස් කණ්ඩායමට

දිනයක අවසානය

අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්