කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
විශ්ව චතුරංග නායකත්ව ඉනිමක

ඊයේ දිනය අවසන් වන විට වේල්ස් කුමර විද්‍යාලය තම ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් වූ අතර, නායක විශ්ව චතුරංග සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් හට අභියෝගයක් වෙමින් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත විය.
වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – සියල්ලන්ම දැවී ලකුණු 230 (71.5): විශ්ව චතුරංග 88, දිලංක මදුරංග 32, සංජය ප්‍රනාන්දු 24, ප්‍රවීන් ජයවික්‍රම 5/62, තරුශ ප්‍රනාන්දු 2/17, නුවනිදු ප්‍රනාන්දු 2/39
හසිත, ශැනෝගීත් ශතකය ආසන්නයේ දී දැවී යයි
1914 වසරේ දී බෝගම්බර ක්‍රීඩාංගණයෙන් ආරම්භ කෙරුණු “කන්ද උඩරට නිල් මහා සටන” පරම්පරා ගණනක් පසු කරමින් ඊයේ (10) සිය වැනි වරටත් දියත් කෙරුණේ, සුපුරුදු කණ්ඩායම් දෙක වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහභාගී වෙමිනුයි. තරගය මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.
ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ ) – කඩුලු 4ක් දැවී ලකුණු 204 (61): හසිත බෝයගොඩ 90, ශැනොගීත් ශන්මුගනාදන් 83, හසින්ත ජයසූරිය 07, පූර්ණ වනසේකර 06*, මොහොමඩ් අලවි 3/52, සතිශ් වික්‍රමාරච්චි 1/18
සම්පූර්ණ වාර්තාව: ශතක දෙකක් අහිමි වුවත්, ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ
නිල් මහා සටනේ දෙවැනි දිනය
වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන මහා ක්‍රිකට් උත්කර්ෂයක අසිරිය විඳ ගැනීමේ අරමුණින් ඊයේ (10) කොළඹ SSC පිටියට රැස්වූ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, රාජකීයයන් මුල් ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 255ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගන්නට සමත් විය. කෙසේ වෙතත් අයහපත් ආලෝක තත්වය නිසාවෙන් 138වැනි නිල් මහ සටනේ තීරණාත්මක දෙවැනි දිනයේ දී ක්‍රියාත්මක කල හැකි වූයේ පන්දුවාර 61යි පන්දු 3ක් පමණි.
රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 71.3): රෝනුක ජයවර්ධන 32, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, හිමේෂ් රාමනායක 41, ගනිත් සන්දීප 42, කළණ පෙරේරා 5/47, පවිත් රත්නායක 2/69.
සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 255 (පන්දුවාර 72): රවිඳු කොඩිතුවක්කු 98, දුලිත් ගුණරත්න 35, සිතාර හපුහින්න 54*, රොමේෂ් නල්ලපෙරුම 32*, හිමේෂ් රාමනායක 2/57, ගනිත් සන්දීප 1/47, මනුල පෙරේරා 1/37.
සම්පූර්ණ තරග වාර්තාව: සාන්ත තෝමස් පිතිකරුවන් රාජකීය ප්‍රථම ඉනිම සම කරයි
උතුරේ යුද්ධයෙන් ජය සාන්ත ජෝන් ක්‍රීඩකයින්ට

යාපනය මැදි විදුහල පළමු ඉනිම (සියල්ලන් දැවී ලකුණු) 164 (57.4): එස්. තසොපාන් 48, එස්. කොව්තාමන් 35, කබිල්රාජ් 39/4, අභිනාෂ් 19/3 සහා ජතුෂන් 50/2
සාන්ත ජෝන් පළමු ඉනිම (සියල්ලන් දැවී 253) (76.3): ජාතුශාන් 70, තුලක්ශාන් 41, ජෙනිෆ්ලමින් 37, කබිල්රාජ් 39/4 සහ අභිනාෂ් 19/3
සාන්ත ජෝන් දෙවන ඉනිම (සියල්ලන් දැවී) 82 (39.4): මාතුශාන් 18, ප්‍රියලක්ශාන් 12, ජරෝශාන් 11, කබිල්රාජ් 28/6, ජතුශාන් 19/2 සහ අභිනාෂ් 23/2
සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝන් විදුහලට ඉනිමක හා ලකුණු 7ක විශිෂ්ට ජයක්
උපුල් තරංගගෙන් ශතකයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දින 4ක් ගතවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 67ක් ලබාගෙන සිටියි. ඊයේ (10) ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංගගේ පිත්තෙන් වාර්තා වුනු අනර්ඝ ශතකයෙන් සවිමත් වුනු ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී ලකුණු 274ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.
බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 46): මුෂ්ෆිකර් රහීම් 85, සෞම්‍ය සර්කාර් 71, තමීම් ඉක්බාල් 57, මෙහෙදි හසන් 41, දිල්රුවන් පෙරේරා 3/53, රංගන හේරත් 3/72, සුරංග ලක්මාල් 1/42.
ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 274 (පන්දුවාර 69): උපුල් තරංග 115, දිනේෂ් චන්දිමාල් 50*, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 32, මෙහෙදි හසන් 2/77, ශකීබ් අල් හසන් 2/104.
බංග්ලාදේශ (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 67 (පන්දුවාර 15): සෞම්‍ය සර්කාර් 53*, තමීම් ඉක්බාල් 13*.
සම්පූර්ණ වාර්තාව: තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව ඉලක්කයට ලඟා වෙයි
විද්‍යා විද්‍යාලයට දැවැන්ත ජයක්
පාසල් රග්බි පිටියේ තෙවැනි සතිය ආරම්භ කරමින් ඊයේ එක් තරගයක් පැවැත්වූයේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතරයි. CR & FC ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් උත්සාහක දිනුම් 11ක් සමඟින් ජයග්‍රහණය වාර්තා කලේ විද්‍යා විද්‍යාල කණ්ඩායමයි. තරගය අවසන් වන විට ලකුණු තත්වය දැක්වූයේ 03-69ක් ලෙසයි.
.
- පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 29 – 00 වේල්ස් කුමර විදුහල
- අවසන් ලකුණු; විද්‍යා විද්‍යාලය 69 – 03 වේල්ස් කුමර විදුහල
- ThePapare.com තරගයේ වීරයා: මුනසිංහ (විද්‍යා විද්‍යාලය)


























