ගෙවුනු දවස පෙබරවාරි 4 – නොදන්නවා ආ අමුත්තා තරගය පමා කරයි

658
Sri Lanka Sports News Last Day Summary February 3rd

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

  ක්‍රිකට්  

16486828_1399908996749328_5269707323525754932_oමහානාමයට පළමු ඉණිමේ ජයක්

අන්තර් පාසල් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (04) තවත් තරග දෙකක් පැවැත්විය. ඉන් එක් තරගයකින් කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. එහිදී මහානාම විද්‍යාලය වෙනුවෙන් මලිදු මදුරංග දක්ෂ පිතිකරණයක නිරත විය.

මහානාම විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 69): මලිදු මදුරංග 51, හෙශාන් හෙට්ටිආරච්චි 43, නිදුක වැලිකල 41, ඩිල්ශාන් මෙන්ඩිස් 31, මහේෂ් තීක්ෂණ 4/43

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): චමිදු විජේසිංහ 51, හශාන් සංදීප 4/47, මහේල ද සිල්වා 2/19

මහානාම විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 301 (පන්දුවාර 52): මලිදු මදුරංග 115, නිදුක වැලිකල 60, පවන රත්නායක 37, පැතුම් බොතේජු 25

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 235 dec (පන්දුවාර 65): විනුල් ගුණවර්ධන 81, ලක්ෂාන් රොද්‍රිගෝ 73, අභිෂේක් පෙරේරා 3/38, මනුල පෙරේරා 3/68

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 72 (පන්දුවාර 26): රොනුක ජයවර්ධන 44*, පසිදු සූරියබණ්ඩාර 27*

සවිස්තර තරග වාර්තාව: මලිදුගේ පිතිහරඹයෙන් මහානාමයට පළමු ඉණිමේ ජයක්


ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වේ

FB_IMG_1486223765798ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර ඊයේ (4) සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේදි පැවැති තරගයෙන් ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවිය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 8 දැවී ලකුණු 186 (පන්දුවාර 20): චන්දන දේශප්‍රිය 62, පැතුම් කුමාර 30, සුරංග සම්පත් 22, සුනිල් 3/30, අජායි රෙඩ්ඩි 2/24

ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම – එක් කඩුල්ලක් දැවී ලකුණු 187 (පන්දුවාර 13.3): ප්‍රකාශ් ජේ 99*, කේටන් පටෙල් 56*, දිනේෂ් මතුගම 1/25

සවිස්තර තරග වාර්තාව: ශ්‍රී ලංකාව දෙවන වරටත් පරාජය වේ


Sri Lanka vs South Africaතරගාවලි ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ තරග තුනක් පුරාවට තම පිතිකරණ රිද්මය හඳුනාගත නොහැකිව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නිසා ශ්‍රී ලංකාවට තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලි පරාජය භාර ගැනීමට ඊයේ (04) සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමට නිමාවුනු තරග තුනේදීම ලකුණු 200 සීමාවටවත් ලඟා වීමට නොහැකි වීම සැබවින්ම කණගාටුවට කරුණක් විය.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 39.2): නිරෝෂන් දික්වැල්ල 74, උපුල් තරංග 31, සචිත් පතිරණ 18, ධනංජය ද සිල්වා 16, ඩ්වේන් ප්‍රිටෝරියස් 3/19, ඉම්රාන් තහීර් 2/21, අන්ඩිල් පෙලුක්වායෝ 2/26, කාගිසෝ රබාඩා 2/39.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 164 (පන්දුවාර 32): ඒ. බී. ඩිවිලියර්ස් 60*, හෂීම් අම්ලා 34, ජේ. පී. ඩුමිනි 28*, ෆැෆ් ඩු ප්ලෙසිස් 24, ලහිරු මධුශංක 1/15, ලහිරු කුමාර 1/49.

සවිස්තර තරග වාර්තාව: රෝස එක්දින තරගයේදී දකුණු අප්‍රිකානුවන් තරගාවලි ජය සමරයි

දිනයක අවසානය