ගෙවුනු දවස අගෝස්තු 26 – චන්න ක්‍රීඩා අැමති හමුවෙයි

305
Sri Lanka Sports News Last day summary august 26

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

15න් පහල ක්‍රිකට් පිටිය

අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කාණ්ඩයේ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් අද ආරම්භ විය. කොළඹ පාසල් දෙකක් මොරටුව ප්‍රදේශයේ පාසල් දෙකක් සමගින් තරග වදින අතර පළමු දිනයේ වැඩිම දස්කම් ප්‍රකට කළේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල 15න් පහළ – පළමු ඉනිම – සියල්ලන් දැවී –  265 (72.2) – නදීර ප්‍රනාන්දු – 103, ශනෙල් ප්‍රනාන්දු – 56, ජනිෂ්ක පෙරේරා – 39, පවන් සෙනාල් – 3/52, නෙත්මිණ රණසිංහ – 2/29

කොළඹ මහානාම විද්‍යාල 15න් පහළ  –පළමු ඉනිම – 65/2 (17)   –  පවන් සෙනාල් – 32*, ශනෙල් ප්‍රනාන්දු – 2/13

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය – පලමු ඉනිම – සියල්ලන් දැවී – 151 (43.3)   – ලක්ෂාන් ගමගේ – 33, නෙලුක ප්‍රනාන්දු – 4/37

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – පළමු ඉනිම – 122/6 (43.5)  – කවීන් චතුෂ්ක – 28, ලක්ෂාන් ගමගේ – 2/24

සම්පූර්ණ ලිපිය: 15න් පහල අර්ධ අවසන් පූර්ව තරග උණුසුම


පාපන්දු –

රියල් මැඩ්රීඩ් සමඟින් පුහුණු කඳවුරක්

YKK සමාගම විසින් ශ්‍රී ලාංකීය දරුවන් සඳහා අගෝස්තු මස 26 (අද), 27, 28 තෙදින පුරා පාපන්දු පුහුණු කඳවුරක් කොළඹ ජාත්‍යන්තර තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත. YKK Holding Asia PTE (YHA) සමාගම හා YKK ලංකා සමාගම එක්ව රියල් මැඩ්රිඩ් පදනමේ දායකත්වය ඇතිව “YKK ASIA Group Kids Football Clinic“ යන නමින් මෙය පැවැත්වේ.

දින 3ක මෙම පුහුණු කඳවුරේ පළමු දිනය මෙරට සිටින පාපන්දු පුහුණුකරුවන් වෙනුවෙන් වෙන්කොට ඇත. රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරුවන් වන Mr. Pablo Gomez Revenga, Mr. Javier Garcia Torres හා Mr. Jaime Torcal Cano යන පුහුණුකරුවන් විසින් මෙය මෙහෙයවනු ලැබේ. මෙහිදී ලාංකික පුහුණුකරුවන් සඳහා පාපන්දු තාක්ෂණය වර්ධනය කිරීමට හා පුහුණු ක්‍රමවේද වර්ධනය කිරීමට නියමිතව ඇත. මේ සඳහා මෙරට පුහුණුකරුවන් තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් වන අතර එයට විවිධ පාසල් කිහිපයකම පුහුණුකරුවන් ද ඇතුළත් කර ඇත.

සම්පූර්ණ ලිපිය: රියල් මැඩ්රීඩ් සමඟ පාපන්දු කඳවුරක් කොළඹදී


ඊ. බී. චන්නට අැමතිගෙන් ප්‍රකාශයක්

පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කල හිටපු පාපන්දු ක්‍රීඩකයෙක් සහ කණ්ඩායම් නායකයෙක් වන ඊ.බී . චන්නගේ වර්තමාන දුක්ඛිත තත්ත්වය පිලිබඳව අවධානය යොමු වු ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර අැමතිවරයාගේ අාරාධනාවකට අනුව අද (26) ඊ. බී. චන්න දයාසිරි ජයසේකර මහතා හමුවිය.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත්  දැනට මාතර ක්‍රීඩාංගනයේ සුදුසු තනතුරක් ලබාදීමට කටයුතු කර ඔහුට සාධාරණයක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

සම්පූර්ණ ලිපිය: ඊ .බී . චන්න ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි


දැල්පන්දු –

දැල්පන්දු ක්‍රීඩිකාවෝ අැමති හමුවෙයි

පසුගිය දා නිමාවට පත්වූ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ තෙවැනි වරටත් අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඇගයීමේ උත්සවයක් අද (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මෙම උත්සවයේ දී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් කණ්ඩායමට උණුසුම් සුභාශිංසන පිරිනැමු අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම බොහෝ ගැටලු රාශියක් මැද කැපවීමෙන් පුහුණුවීම් සිදුකර මෙවන් තත්ත්වයක ජයග්‍රහණයක් ලබාගනිමින් රටට කීර්තියක් අත්කර දීම ගැන තමන් සතුටට පත්වන බවද අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදි.

පසුගිය ලිපි: දයාසිරිගෙන් දැල්පන්දුවට ඇගයීමක්

දවසේ නිමාව