ගෙවුනු දවස අගෝස්තු 23 – සර්වේශස් විදුහල අවසන් සටනට

151
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ශෂීකගෙන් විශිෂ්ට දස්කම්

U17 Cricketශෂික දුල්ශාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලය පරදවා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23දා) සමත් වූහ. ඒ කොළඹ මුවර්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කර ගනිමිනි.  

සාන්ත සර්වේශස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 206(49.3) කේශර නුවන්ත 70, ශෂික දුල්ශාන් 51, ජනිත් ජයරත්න 3/23, වර්ෂ ආනන්ද 2/23, ජයෝද් කල්දේරා 2/33

නාලන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 195(45.3) චමිඳු විජේසිංහ 31, සචිත ගුණතිලක නොදැවී 57, රුසර බානුක 32, නවීන් සාහිත් 3/32, ශෂික දුල්ශාන් 4/20

සම්පූර්ණ වාර්තාව: ශෂික සාන්ත සර්වේශස් අවසන් තරගයට ගෙන යයි


රග්බි –

16න් පහළ තරගාවලිය කල් යයි

U16-Match-Postponed3

වයස අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයේ එක් කණ්ඩායමකට පහළොස් දෙනා බැගින් වූ පාසල් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරග, දින නියමයක් නොමැතිව කල්දැමීමට පාසල් රග්බි පාපන්දු සංගමය විසින් ඊයේ (23) තීරණය කර ඇත.

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අගෝස්තු මස 24, 25 හා 26 යන තෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණි. නමුත් පාසල් කිහිපයක්ම විසින් පාසල් රග්බි පාපන්දු සංගමය වෙත මෙම තරගාවලිය දින කිහිපයකට කල්තැබීමට හැකියාව ඇත්දැයි විමසා ඇති අතර, එයට පිළිතුරු ලෙස සියලු කරුණු කාරනා සලකා බලා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තීරණය ගෙන තිබේ.

සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නා විට තරගාවලිය කල්යයි

දිනයක අවසානය