කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
බලාපොරොත්තු සුන් කළ පරාජය

තරග 5කින් සමන්විත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 139ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස ලකුණු 216කට දැවී ගිය අතර ඒ හේතුවෙන් පන්දුවාර 20කටත් වඩා ඉතිරිව තිබිය දී පහසු ජයක් ලබා ගැනීමට ද ඉන්දියානු කණ්ඩායමට අවස්ථාව උදා විය. පන්දු රැකීම, පන්දු යැවීම, පිතිකරණය හෝ උඩ පන්දු රැක ගැනීම යන කිසිදු ආකාරයකින් ඉදිරියෙන් සිටීමට එදින ඔවුන්ට හැකි නොවීය. මේ ආකාරයෙන් කිසිදු සටනක් නොදී පරාජය වැළඳ ගැනීම නිසාවෙන්ම කුපිත වූ ප්‍රේක්ෂකයින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දැක්වූ විරෝධතා නිසා කණ්ඩායමට ක්‍රීඩාංගණයෙන් පිටවී යාමට ද පමාවිය.
සම්පූර්ණ වාර්තාව: දෝනි – කුමාර් සටන නිසා ඉන්දියාවට තියුණු ජයක්!
සාන්ත පීතර විදුහලට ශූරතාවය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 4ක ජයක් වාර්තා කළේ ය. මෙවර මෙම තරගාවලියේ අවසන් තරගය නියෝජනය කළ කණ්ඩායම් දෙකම විද්‍යාලයන් හී “B” කණ්ඩායම් වීම කැපි පෙණුනි.
කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තමන් සන්තක කර ගත් අතර එහි දී ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලය එම ඉලක්කය තරගය නිමා වීමට තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගත්තේය.
සම්පූර්ණ වාර්තාව: දෙවැනි කොටසේ ශූරතාව සාන්ත පීතර විදුහලට





















