ගෙවුණු දවස මාර්තු 22 – සුරතලුන්ගේ සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

294
Sri Lanka Sports News Last Day summary 22nd

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි තරගයත් පරාදයි

ශ්‍රී ලංකා නායිකාව ඊයේ (22) තම කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සහිතව කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අතර පාකිස්තාන නායිකාව පෙර තරගය සඳහා සහභාගී වූ කණ්ඩායමෙන් යුතුව පිටියට පිවිසියාය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය සහභාගී වූ අචිනි කුලසූරිය සහ කවිශ්කා දිල්හාරි වෙනුවට කැඳවා තිබුණේ චමරි පොල්ගම්පළ සහ සුගන්ධිකා කුමාරි ය.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 250 (50.0) නහිදා කාන් 29, මුනීබා අලි 31, බිස්මා මාරූෆ් 89, නිඩා දාර් 38, සනා මිර් 27, ශ්‍රීපාලි වීරක්කොඩි 2/46

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 156 (37.0) චමරි පොල්ගම්පල 24, අමා කාංචනා 23, ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 29, සුගන්ධිකා කුමාරි 17, සනා මිර් 4/32, නිඩා දාර් 2/27

සම්පූර්ණ වාර්තාව: පාකිස්තාන ක්‍රීඩිකාවන් වේලාසනින්ම තරගාවලිය අවසන් කරයි


පුලින හා මනෝහරන් ශතක වාර්තා කරයි

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති “60 වන සුරතලුන්ගේ සංග්‍රාමය” ජය පරාජයෙන් තොරව ඊයේ (22) අවසන් වූ අතර එහි ප්‍රථම ඉනිමේ ජය හිමි කර ගැනීමට සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් සමත් විය.

මනෝහරන් පවිත්‍රන් තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිද්දී, හොඳම පිතිකරුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට පුලින ගුණතිලක සමත් විය.

පළමු දිනය (21) සඳහා තරගය නතර කරන විට සාන්ත සිල්වෙස්තර කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබාගෙන සිටි අතර විද්‍යාර්ථ විද්‍යාලයට ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 229ක් පමණි.

සම්පූර්ණ වාර්තාව: මනෝහරන්ගෙන් විශිෂ්ට ශතකයක්; ප්‍රථම ඉනිමේ ජය සිල්වෙස්තරයින්ට

දිනයක නිමාව